පොලිස් අණ නොතකා පලාගිය යතුරුපැදිකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් පිරිසක් යතුරුපැදිකරුගේ ප්රහාරයට ලක්ව එක් පොලිස් නිලධාකු ඊයේ (27) වැනිදා අලුයම රෝහල් ගත කරනු ලැබ ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.
පලායාමට තැත් කළ යතුරුපැදිකරු වූ නාවික භටයාද අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීරිගම හිරිවලමුල්ල ප්රදේශයේ පදිංචිකරුවකු බවද පොලිසිය සඳහන් කරයි.
පොලිස් සැරයන්වරයකු හා තවත් පොලිස් නිලධාරියකු ඊයේ 27 අලුයම හිරුවල ප්රදේශයේ වාහන පරික්ෂා කිරීමේ යෙදී සිටියදී මීරිගම දෙසින් පැමිණි යතුරුපැදියක් නැවැත්වීමට සංඥා කර ඇතත් එම යතුරුපැදිකරු නොනවත්වා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
එම නිලධාරින් යතුරුපැදිකරු හඹා ගොස් කොටකන්දට හැරෙන පාර අසලදී නවතාගෙන ඇතත් යතුරුපැදිකරු පොලිස් නිලධාරින් අසලට පැමිණීම වළක්වමින් ආරක්ෂිත හිස්වැසුමෙන් පහර දෙමින් සිට ඇති අතර මෙම යතුරුපැදිකරු නවතා තිබූ පොලිස් යතුරුපැදියට පා ප්රහාරයක් එල්ල කිරීමෙන් පසු එය පෙරළී ගොස් ඇති බවද පොලිසිය කියයි.
කලහකාරී ලෙස හැසිරුණු යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට ආධාරක කණ්ඩායමක්ද මේ අතර පැමිණ ඇති අතර ඒ අවස්ථාවේදීද යතුරුපැදිකරු ආරක්ෂිත හිස්වැසුමෙන් පහරදී පොලිස් පිරිස පෙරළාගෙන දිව යන්නට පටන්ගෙන ඇත. එසේ දිව ගිය යතුරුපැදිකරු අල්ලා ගැනීමට පොලිසිය සමත්වී ඇත. පහරදීමෙන් නාසයට හා හිසට තුවාල සිදුවූ එක් පොලිස් නිලධාරියෙක් මීරිගම මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී. අල්ලාගත් යතුරුපැදිකරු ඉතා අපහසුවෙන් පොලිසිය කරා ගෙන ගොස් ඇති අතර ඔහු බීමතින් සිටීදැයි පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගත් බව පොලිසිය කියයි.
මේ මෙහෙයුමට එක්වූ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකුද ප්රහාරයට ලක්ව ඇතත් ඔවුන් තුවාල ලබා නැතැයි පොලිසිය කියයි. සැකකරු අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටී.
- පුෂ්පකුමාර මල්ලවආරච්චි -
0 Comments