නිසා වැඩ වර්ජනය අත්හළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය.
1897 අංක 3 දරන නිරෝධායන, රෝග ස්පර්ශකයන් වෙන්කර තැබීමේ සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනතට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පරිශ්‍රයට ඇතුළු වීමට, වැරැදිකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ නඩු පැවැරීමට බලතල තිබෙන බව නීතිපතිට දෙපාර්තමේන්තුව එම සාකච්ඡාවේදී පැහැදිලි කළ අතර එය සෞඛ්‍ය බලධාරින් පිළිගැනීම නිසා ගැටලුව විසඳුන බව ද සභාපතිවරයා කීය.
රාජකාරි කිරීමේදී නිරෝධායන රෝග ස්පර්ශකයන් සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනත උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීමට ද එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එකග වූ බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ කීය.
“මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යම් නඩු කටයුත්තකට යනවානම් එහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ එකගතාව ලබාගන්නා ලෙසත් ඉන් ඔබ්බට ගැටලුවක් තිබෙනවා නම් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් එහිදී එකගතාව හිමිවුණා. මෙම 1897 පළ
කරනු ලැබූ ආඥා පනත තුළ ශක්‍යතාවක් තිබෙනවා වත්ම ඇතැම් තැන්වල සුළු ගැටලු තිබෙනවා. ඒවා කාලීනව වෙනස් විය යුතුයි. මෙහිදී ඉදිරියේදී පත්වන පාර්ලිමේන්තුව හරහා මෙම ආඥා පනතේ සංශෝධන ඇති කිරීම කෙරෙහි අවධානය යොමුවුණා."
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අදහස් දක්වමින් මෙසේ කීය.
අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ නීති නිලධාරි ආර්. අහමඩ්, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා සහ රජයේ නීතිඥ ඉන්දුනී පුංචිහේවා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පරාක්‍රම වර්ණසුරිය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහත්ම මහත්මීහුද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිත පිරිසක්ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
(රංජන් කස්තුරි)