ස හැවිරිදි දැරියක අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ සිදුවීමක් පුත්තලමින් වාර්තාවී තිබේ.
 පුත්තලම පොලිස් වසමට අයත් ආසිරිගම ප‍්‍රදේශයේ විසූ මේ කියන දැරිය සර්පයකු දෂ්ඨ කළ බව දක්වමින් ඇයගේ මව විසින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැරිය මිය ගොස් ඇති අතර ලද තොරතුරු අනුව
එය ගොතා කියන ලද්දක් බවත් දැරිය අනියම් සැමියා නිසා ගැබ්ගෙන එම ගැබ විනාශ කරන්නට යාමේදී සිදුවූ මරණයක් බවත් තොරතුරු වාර්තාවී තිබේ.
 මෙසේ මියගොස් ඇත්තේ ආසිරිගම පදිංචිව සිටි නෙත්තසිංහ ආරච්චිලාගේ සෙනුරි සේපාලිකා වාසල නමැති දැරියයි.‍

 එම දැරිය පෙරේදා (16) උදෑසන දැඩි ලෙස අසාධ්‍යව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ. දැරියකගේ මරණය සම්බන්ධ පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව පුත්තලම මූලස්ථාන පොලීසිය පවසයි.
 මරණයට පත් දැරියගේ මව පුද්ගලික පොල් ඉඩමක සේවය කරමින් ඇති බවත්, එම ස්ථානයේදීම මරණයට පත් දැරිය හා ඇගේ කුඩා සොහොයුරන් දෙදෙනෙකුද සිට ඇති බවත්, මරණයට පත් දැරියගේ පියා වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටින බවත් කියැවිණි.
දැරියගේ මව අනියම් ඇසුරු කරන පුද්ගලයෙකුද මෙම ස්ථානයේ පදිංචිව සිටි බව කියැවුණ අතර ඔහු දැරියගේ මරණයත් සමග ආගිය අතක් නැති බව වාර්තා විය.

පොලීසියේ නිලධාරීන් මරණයට පත්ව ඇති දැරිය පදිංචි සිට ඇති පොල් ඉඩම තුළ ඊයේ (16දා) සවස සිදුකළ විමර්ශනවලදී නිවස ආසන්නයේ වළ දමා තිබූ ලේ කැටිති තැවරුණු ඇදුම් කීපයක් සොයා ගෙන ඇති බව පැවසේ.
පරික්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් සැක කරන්නේ දැරියගේ මව දැනට  මාස අටක සිට ඇසුරු කරන අනියම් සැමියා අතින් දැරිය ගැබ් ගැනීමකට ලක්වන්නට  ඇති බවත්, දැරියට කිසියම් ඖෂධයක් ලබා දී ගැබ් ගැනීම ඉවත් කිරීමට ඇගේ මව සමග අනියම් සැමියා උත්සහ කරන්නට ඇති බවකි.
 අධික  ලෙස රුධිරය වහනය නිසා දැරිය මියගිය ආකාරය අනුව එම සැකය පහළවී ඇත. කෙසේ වෙතත් දැරියගේ මරණයත් පළාගිය මවගේ  අනියම් සැමියා සොයා පරීක්ෂණ අරඹා තිබේ.

මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරික්ෂණය ඊයේ (17දා) පැවැත්වීමට නියමිතවූ අතර එදිනම පශ්චාත් මරණ පරික්ෂණයද පැවැත්වීමට නියමිතව තිබුණි.  දැරිය පදිංචිව සිටි වතු යායට  පොලිස් ආරක්ෂාව යෙදවීමට  පුත්තලම මූලස්ථාන පොලීසිය කටයුතු කර තිබුණි.