“සහරාන් හෂීම්" ගේ මස්සිනා වන අන්යාර් සහ පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැකකරුවකු වන ආමි  මොහිදීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරුකරුවන් ලෙස යොදාගෙන සිටීමට දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් දැනුවත්ව සිටි යැයි උපපොලිස් පරික්ෂක ඩයස් පද්මසිරි (විශ්‍රාමික) මහතා පාස්කු ඉරුදින ප්‍රහාර
මාලාව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඊයේ (23) පැවසීය. අපරාධකරුවකු තොරතුරුකරුවකු ලෙස යොදාගත හැකිද යන්න සම්බන්ධයෙන් තමාට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බැව් අවස්ථාවේ හැටියට තමන් ඔවුන් අත්අඩංගුවට නොගෙන තොරතුරුකරුවන් ලෙස යොදාගත් බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උපපොලිස් පරික්ෂකවරයා එසේ ප්‍රකාශ කළේය.  මාවනැල්ල බුදුපිළිම සිද්ධියට අදාළව සහ වනාතවිල්ලුව ලැක්ටෝවත්ත  පුපුරණ ද්‍රව්‍ය ගබඩාව පිළිබඳ විමර්ශන කළ කණ්ඩායමේ නිලධාරියකු වූ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උපපොලිස් පරික්ෂකවරයකු වන පහළ තන්ත්‍රිගේ ඩයස් පත්මසිරි මහතා සඳහන් කළේය.

මාවනැල්ල බුදු පිළිම සිද්ධිය සහ ලැට්වත්ත පුපුරණ ද්‍රව්‍ය ගබඩාව සම්බන්ධයෙන් "සහරාන් හෂීම්" යන අයගේ සෘජු සබඳතාවක් තිබූ බවට කරුණු අනාවරණය වූ නමුත් පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය වාහන අත්අඩංගුවට නොමගන "සරාත් හෂීම්" ගේ පිටුපසම පමණක් හඹාගිය බව උපපොලිස් පරික්ෂකවරයා සාක්ෂි ලබාදෙමින් පැවසීය. 'ආමි මොහිදීන්ට' මෙන්ම මොහොමඩ් සහරාන් යන අයට අධිකරණ මගින් වරෙන්තු නිකුත්කර ඇති බවට තමන් දැනගෙන සිටියත් ඒ සම්බන්ධයෙන් අදාළ පොලිසිවලට කතාකර කරුණු තහවුරු කර නොගත් බව සාක්ෂිකරු සඳහන් කළේය.  එසේ තිබියදී 'ආමි මොහිදීන්' අත්අඩංගුවට නොගෙන ඔහුගේ ප්‍රකාශ සටහන් කර ගනිමින් ඔහු මුදාහරිනු ලැබුවේ තොරතුරුකරුවකු ලෙස තබා ගැනීමට බවද සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

ආමී මොහිදීන් නමැත්තා පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවාව තොරතුරු ලබාදී තිබුණත් තමාට තිබූ රාජකාරි හේතූවෙන් ඒවා පරිශීලනය කළ නොහැකි වූ බව තමන් පිළිගන්නා බවද උපපොලිස් පරික්ෂක කොමිසම හමුවේ සඳහන් කළේය.  මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේදී මෙන්ම ලැක්ටෝවත්ත පුපුරණ ද්‍රව්‍ය ගබඩාව සම්බන්ධ සිද්ධියේදී ආමි මොහිදීන් සම්බන්ධ බවට තොරතුරු නොතිබුණ බැවින් ඔහු අත්අඩංගුවට නොගත් බවත් එදා සාධාරණ සැකය මත ඔහු අත්අඩංගුවට ගත්තා නම් පාස්කු ඉරුදින ප්‍රහාරයක් යම් ආකාරයකින් වළක්වාගත හැකිවීම ගැන තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් සාක්ෂිකරු පැවසීය. පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු උපපොලිස් පරික්ෂකවරයා සාක්ෂි ලබාදීම සිදුවන අවස්ථාවේදී දිවුරුම් පිට සාක්ෂි ලබාදෙමින් ඔහු අසත්‍ය දේ කොමිසම හමුවේ ප්‍රකාශ කරන බවට සඳහන් කළ විනිසුරු මඩුල්ල සාක්ෂිකරුට දෙවතාවක්ම තරයේ අවවාද කළේය.

වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුවේ හිටපු උපපොලිස් පරික්ෂක ඩයස් පද්මසිරි මහතා මෙසේද ප්‍රකාශ කළේය.  අපි. කල්පිටියට ගිහිල්ලා වෑන් රථය සොයාගතේ 2019 ජන. 26 වැනිදා මාවනැල්ලට ගියා. එහේදි ‘සාදිකි’ සහ ‘සාහිද්  යන අය ගැන තොරතුරක් ලැබුණ. අපි සාදික්ගේ බිරිඳගේ නිවසට ගියා. එහිදී සාදික් හෝ ඔහුගේ බිරිඳ එම නිවසේ හිටියේ නෑ. එහි සිටියේ සාදික්ගේ මව සහ පියා ඇතුළු පිරිසක්  පමණයි. 2018.12.26 දිනෙන් පසු ඔවුන් ගැන කිසිදු තොරතුරුත් නෑ කියලා ඔවුන්ගේ පියා ප්‍රකාශ කළා. මාවනැල්ල මුරුතවෙල ප්‍රදේශයේ "අමීර් රික්වාන්" නමැත්තාගේ නිවසේ තිබිලා තමයි මේ වෑන් රථය
සොයාගත්තේ. මේ වෑන් රථයේ අයිතිකරු "සේගු මොහොමඩ් ෆයිසාල්" නමැත්තා. එය අංක 250-0154  දරන ඩොල්ෆින් වෑන් රථයක්. එය රිස්වාන්ගේ ගෙදර තිබුණේ ඇයි කියලා හොයලා බැලුවා. එය, 2018/12/26 පසු මාවනැල්ල බුදු පිළිම සිද්ධිය වුණාට  පස්සේ වෑන් රථය ඒ ගෙදරට ගිහිල්ලා දාලා තිබුණා.

මේ රිස්වාන්ගේ පුතා තමයි මාවනැල්ල බුදු පිළිමය සිද්ධියේ සැකකරුවකු වෙන්නේ. PA 2855 දරන වෑන් රථය තමයි ලැක්ටෝවත්තට පුපුරණ ද්‍රව්‍ය ආදිය රැගෙන ඇවිත් තිබුණේ. 2019/2/15 වන දිනය 'මුෆිස්ගෝ ' ලද තොරතුරුවලට අනුව තමයි මෙම වෑන් රථය සොයා ගත්තේ. වනාතවිල්ලුවේ ලැක්ටෝවත්තේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සහ මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධි එකිනෙකට සම්බන්ධයි. සාහීඩ් සහ සාදික් කියන සහෝදරයන් මෙහි සැකකරුවන් වෙනවා. “සහරාන්" ගැන ද මෙහිදී කරුණු අනාවරණය වුණා. මේ සිද්ධිවල ප්‍රධාන සැකකරුවකු වශයෙන් ඔහුගේ නම් අනාවරණය වෙලා තිබුණා. PA 2855 දරන වෑන් රථයේ ලියාපදිංචි අයිතිකරු වන්නේ අබදුල් කාදර් ජබීර් කියන තැනැත්තායි. මොහු කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක්. මොහු කෑගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරයක් කරන පුද්ගලයෙක්. ඔහුගෙන් මේ වාහනය ගැන ප්‍රකාශ ගත්තා. ඔහු කිව්වා මේ වෑන් රථය කැකුණගොඩ චිත්‍රා මාවත ප්‍රදේශයේ "කුංචි මොහිදීන් රහුමාන්" නමැත්තාට මේ වාහනය විකුණා ඇති බව. පසුව කුංචි මොහිදීගේ කට උත්තරයක් ලිව්වා. ඔහු මේක තවත් පුද්ගලයෙකුට විකුණලා. නමුත් නැවතත් 'අන්සාර්' කියලා පුද්ගලයෙක් මේ වාහනය රුපියල් ලක්ෂ 27කට නැවත ඔහුට විකුණලා.

2019/1/20 තමයි අන්සාර්' නැවත ඒ වාහනය විකුණලා තියෙන්නේ. සහරාන් විවාහවෙලා
හිටියේ 'අන්සාර්' කියන තැනැත්තාගේ සහෝදරියක් එක්ක. අන්සාර්ගේ හැසිරිම හේතුවෙන් අපි ඔහුගෙන් ප්‍රශ්න කළා. පසුව ඔහුගේ නිවසට ගියා. එහි ඔහුගේ  පියා, මව සහ සහේරාගේ බිරිද හිටියා. අපි ඔවුගෙනුත් ප්‍රශ්න කළා. එහිදී සහරාන් ගැන ප්‍රකාශ ගත්තා. සහරන් අවුරුදු තුනකින් විතර ආවේ නෑ කියලා ඒ අය කිව්වා.

කොමිසම- ඔබලා ඔය වාහනය අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි?

සාක්ෂිකරු- අපේ එකම ඉලක්කය වුණේ සහරාන් අත්අඩංගුවට ගැනීමයි.

කොමිසම- විශේෂ නඩු භාණ්ඩයක් වෙච්චි ඒ වාහනය අත්අඩංගුවට ගත්තේ කවදාද?

සාක්ෂිකරු- ඒ වාහනය සොයාගෙන දවස් 06කට පස්සේ ඒ කියන්නේ 2019/2/25 වැනිදා

කොමිසම්:- මාවනැල්ල ප්‍රදේශයේ සිද්ධියටත් ලැක්ටෝවත්ත ප්‍රදේශයේ සිද්ධියටිත් පුපුරණ ද්‍රව්‍යය  ගෙන ගිය මේ වාහනය අත්අඩංගුවට ගත යුතුයි නේද කියලා ඔබට ඔබේ ඉහළ නිලධාරින් කිව්වේ නැද්ද?

සාක්ෂිකරු- නැහැ.

කොමිසම- ඔබ ඔබේ ඉහළ නිලධාරින්ට මේ  ගැන කිව්වාද?

සාක්ෂිකරු- ඔව්.

කොමිසම - කාටද ඔබ මේ බව දැනුම් දුන්නේ?

සාක්ෂිකරු- ස්ථානාධිපති පොලිස් පරික්ෂක මාරසිංහ මහතාට සහ සහකාර පොලිස් අධිකාරි වික්‍රමසේකර මහතාට

කොමිසම- ඔබ, ඔබේ ඉහළ නිලධාරින්ට කිවිවාද පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගියේ මේ වාහනයෙන් කියලා?

සාක්ෂිකරු- ඔව් මා දැනුම් දුන්නා

කොමිසමඃ- ඔබලා මේ වාහනය අත්අඩංගුවට ගත්තේ 2012 පෙබරවාරි මස 25 වැනිදා නේද?

සාක්ෂිකරු- ඔව්.

කොමිසම- ඒ වාහනය පිරිසිදු කරලා තිබුණා නම් රජයේ රස පරික්කවරයාට තොරතුරු සොයාගත බැරිශ්චනවා නේද?

සාක්ෂිකරු- ඔව්.

කොමිසම:- එම වාහනයේ චැසි අංකය වනකර තිබුණා නේද?

සාක්ෂිකරු- ඔව්. පසුව දැනගත්තා.  අපි පාසිකුඩා ප්‍රදේශයට ගියා. ඒ 2019 මාර්තු 7  වැනිදා අපි ගිය “ආමි මොහිදින්" නමැත්තෙකු ගැන හොයන්නයි. ඒ සඳහා සහකාර පොලිස් අධිකාරිය වික්‍රමසේකර මහතා අපිට උපදෙස් දුන්නා. පාසිකුඩා ප්‍රදේශයේදී රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරි මහතුන් කිහිප දෙනෙකු මුණ ගැසෙන්න කියලා අපි පාසිකුඩා ප්‍රදේශයේ මුහුදු වෙරළකදී එම නිලධාරින් හමුවුණා. මා සමග පොලිස් සැරයත් නන්දලාල් විජේරත්න යන නිලධාරින් ගියා. “ආමි මොහිදින්" කියන පුද්ගලයෙක් පාසිකුඩා ප්‍රදේශයේ පොතකදී අවී ආයුධ සහිතව පුද්ගලයන් කණ්ඩායමක් පුහුණු කිරිම් සිදුකරන බව රාජ්‍ය බුද්ධි නිලධාරින් අපිට කියලා ඒ ස්ථාන පෙන්නුවා. අපි පොල්වත්තේ තිබුණ නිවසට ගියා. එම ප්‍රදේශයේ සංචාරක නිකේතන රාශියක් තිබුණා.  පොල්වත්තේ කුඩා නිවසක් තිබුණා. එහි හිටීයේ  වයසක යුවළක්. ඔවුන් මුස්ලිම් ජාතිකයන්. ඒ  වෙලාවේ එම ස්ථානයේ “ආමි මොහිදීන්' හිටියේ නෑ. නමුත් ඊට පැය එකහමාරකට විතර පස්සේ ඔහු  යතුරුපැදියකින් නිවසට ආවා.

එතැන හිටිය වයසක යුවළ දුරකතනයෙන් කථා කරලා ආමි මොහිදින්ට  කිව්වා සී.අයි.ඩී. එකෙන් ඇවිල්ලා ඉන්නවා කියලා. ඊට පස්සේ තමයි ඔහු ආවේ. පසුව අපි ඔහුගෙන් ප්‍රශ්න කළා. අපිට බුද්ධි තොරතුරු ලැබුණේ  "සහරාන්" සමග මෙමෙ පුහුණුවීම් කරනවා කියලයි. නමුත් ගේ වටපිට අපි සෝදිසි කළා. නමුත් අපිට  කිසිම තොරතුරක් ලැබුණේ නැ.

කොමිසම- ඔහුව අත්අඩංගුවට ගත්තාද?

සාක්ෂිකරු- නැහැ, ප්‍රමාණවත් සාක්ෂි ලැබුණේ නෑ. ඒ නිසා අත්අඩංගුවට ගත්තේ නෑ.

කොමිසම- බුද්ධි තොරතුරක් ලැබුණාම ඔහු අත්අඩංගුවට අරගෙන පරික්ෂණේ කළේ නැත්තේ ඇයි? වරෙන්තුවක් ගැන තොරතුරු තිබුණානම් ඇයි අත්අඩංගුවට ගත්තේ නැත්තේ.

සාක්ෂිකරු- ඒ වෙලාවේ සාක්ෂි තිබුණේ නෑ. ඒ නිසා අත්අඩංගුවට ගත්තේ නෑ.

රජයේ නීතිඥවරයා- අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 32 වගන්තිය ප්‍රකාරව සාධාරණ සැකයක් සැකකරු කෙරෙහි ඇතිවුණේ නැද්ද?

සාක්ෂිකරු- සාධාරණ සැකයක් ඇති වුණේ නෑ.

 රජයේ නීතිඥවරයා- වරෙන්තුව නිකුත්ව තිබුණේ කුමන පොලිසියෙන්ද?

සාක්ෂිකරු- කාත්තන්කුඩි පොලිසියෙන් කියලා තමයි බුද්ධි තොරතරුණ දුන්නේ.

රජයේ නීතිඥරයා- එහි සත්‍ය අසත්‍යතාවය ඔබ සොයා බැලුවාද? සාක්ෂිකරු- නැහැ

රජයේ නීතිඥවරයා- ඔබ අවම වශයෙන් කාතන්කුඩි පොලිසියට මේ බව කිව්වාද?

සාක්ෂිකරු- නැහැ, මේ පරික්ෂණයට අදාළ නැති නිසා ඒක කළේ නෑ. නමුත් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා. 2017 ට පෙර "සහරාන්" ඔහු සමග සිටි බවත් ඊට පසු ඔහු හමුනොවූ බවත් ඔහු කිව්වා. ඔහු කිවවා සහරාන් ගැන තොරතුරු ලබාදිය හැකි බවත් ඔහු කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි බවත්.

රජයේ නීතිඥවරයා- ඔබ සහකාර පොලිස් අධිකාරි වික්‍රමසේකර මහතාට දැනුම් දුන්නාද? 'ආම් මොහිදින්' මුණගැසුණ බවට?

සාක්ෂිකරු- ඔව් දැනුම් දුන්නා. “ආමි මොහිදින්” ගැන පොලිසියේ සටහන් දැම්මේ නෑ. පොලිස් පරික්ෂක මාරසිංහ මහතාට සහ සහකාර පොලිස් අධිකාරි වික්‍රමසේකර මහතාට මා වාචිකව දැනුම් දුන්නා. මේ ආමී මොහිදින් යන අය තොරතුරුකරුවකු වශයෙන් යොදා ගැනීමට හැකියාවක් ඇති බව..

කොමිසෂම- මොහු මීට කලින් තොරතුරුකරුවකු ලෙස සේවය කර තිබේද?

සාක්ෂිකරු- නෑ. ඒක මම ද න්නේ නෑ. නමුත් මා තීරණය කළා ඔහු තොරතුරුකරුවෙකු ලෙස යොදා  ගැනීමට. මා ඒ බව ඉහළ නිලධාරින්ට කිව්වා.

කොමිසම- විවෘත වරෙන්තුවක් නිකුත් කරන්නේ කවුද?

සාක්ෂිකරු- අධිකරණය.

කොමිසමඃ- අධිකරණ නියෝගයක් ඇති පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙක් කටයුතු කළ යුත්පතේ කොහොමද?

සාක්ෂිකරු- මේ විමර්ශන රාජකාරියේ සිටියේ  අපි නිලධාරින් කිහිප දෙනෙක් විතරයි. වැඩ රාජකාරි ගොඩක් තිබුණා. මට හැමදේම කරන්න

කොමිසම- වරෙන්තුවක් ගැන දැනගෙන ඒක පිළිබඳව කටයුතු නොකිරීම වරදක් නේද? නීතියට පටහැනි නේද?

සාක්ෂිකරු- ඔව්. මේ අවස්ථාවේදී ඒක මට වැටහෙනවා.

කොමිසම- මේ 'ආමි මොහිදින්' යන අය එල්. ටී.ටී.ඊ. එකට තොරතුරු සැපයුවා කියලා ඔබ දැනගෙන හිටියාද?

 සාක්ෂිරු- ඔව්

කොමිසම- තමන්ට ලද බුද්ධි තොරතුරු නම් මේ ආමි මොහිදින් යන අය ඉස්ලාම් අන්තවාදී කටයුතු  කරන කෙනෙක් කියලා නේද?

සාක්ෂිකරු- ඔව්.

කොමිසමඃ- ඇයි එහෙමනම් එයාව අත්අඩංගුවට ගත්තේ නැත්තේ..

සාක්ෂිකරු- මා විමර්ශනය කළේ මාවනැල්ල බුදුපිළිම සිද්ධිය සහ ඇටෝවන්ත සිද්ධියයි. ඒ සිද්ධීන් සම්බන්ධයෙන් මොහු පිළිබඳව සාක්ෂි අනාවරණය වුණේ නෑ. ඒ නිසා ඔහු අත්අඩංගුවට ගත්තේ නැහැ.

කොමිසම- මෙවැනි අපරාධකාරයෙක් එදා අත්අඩංගුවට ගත්තා නම් මේ ප්‍රහාරය යම් ආකාරයකට වළක්වාගන්න තිබුණා නේද?

සාක්ෂිකරු- ඔහු මේ සිද්ධිවලට සම්බන්ධයි කියලා තොරතුරු තිබුණේ නෑ.

කොමිසම- ඔබ කළේ වරදක් නොවෙයිද?

සාක්ෂිකරු- ඒ ගැන කියන්න බැහැ.

ඊජයේ නීතිඥවරයා- ඔබ සහ නන්දලාල් කියන පොලිස් නිලධාරියා ආම් මොහිදීන් යන අයට ඔබලාගේ දුරකථන අංක ලබාදුන්නාද?

සාක්ෂිකරු- ඔව්. (රජයේ නීතිඥවරයා කොමිසම හමුවේ ලේඛනයක් ඉදිරිපත් කරයි එහි සහරාන් සහ අනුගාමිකයෝ ලෙස සඳහන්ව ඇත)

ඊජයේ නීතිඥවරයඃ- 2017 මාර්තු 10 දින කාත්තන්කුඩියේ සිදුවූ සිද්ධියෙන් පසුව සහරාන් සමඟ පැන ගිය පුද්ගලයෙක් බවට සඳහන් වෙලා තියෙනවාද?

සාකෙරු - ඔව්.

රජයේ නීතිඥවරයා- සහරාන් සමග මොහු සම්බන්ධ බවට තොරතුරු තිබෙනවාද?

සාක්ෂිකරු- ඔව්.

කොමිසම-  ඔබ හෝ ඔබේ ඉහළ නිලධාරින්  මෙම ලේඛනය ලැබුණු පසු හෝ ආමි මොහිදින් අත්අඩංගුවට නොගත්තේ ඇයි?

සාක්ෂිකරු- මා හට දෛනිකව විශාල වැඩ කොටසක් පැවරී තිබුණා. ඒවා කරගන්න වෙලාවක් නැ.

කොමිසමඃ- මේ ලේඛනය තුළ නිශ්චිත තොරතුරක් ඇතුළත්ව තිබුණා නේද?

සාක්ෂිකරු- ඔව්..

කොමිසමඃ- ඒත් ඔබ හෝ කවුරුවත් ”ආමී මොහිදින්' අත්අඩංගුවට ගත්තේ නෑ නේද?.
සාක්ෂිකරු- ඔව්.

කොමිසමෑ- සහරාන් සම්බන්ධයෙන් වරෙන්තුවක් තිබුණා කියලා ඔබ දන්නවාද?

සාක්ෂිකරු- තොරතුරු දැනගෙන හිටියා. නමුත් ලිඛිතව තිබුණේ නෑ. එක්තරා අවස්ථාවක ත්‍රස්ත මර්දන ඒකකය සහරාන් සම්බන්ධයෙන් වරෙන්තුවක් තියෙනවා කියලා කිවුවා. මමත් කිව්වා අපිත් විමර්ශනයක් කරනවා කියලා. මම ඔවුන්ට කිව්වේ නෑ අපි විමර්ශනය කරන නිසා ඔබලා විමර්ශනය කරන්න එපා කියලා. 2013 පෙබරවාරි 19 වැනිදා කැකුණගොල ප්‍රදේශයේ සහරාගේ බිරිඳගේ නිවසට ත්‍රස්ත මර්දන ඒකකයෙන් ගොස් සිටීයදී තමයි මට දුරකථන ඇමතුමක් ආවේ ත්‍රස්ත මර්දන එක්කයේ රස්නායක නිලධාරියාගෙන්.

කොමිසම- අන්සාර් නමැති සහරාගේ  මස්සිනාව ඔබට හමු වෙන්නේ කවදාද?

සාක්ෂිකරු- 2019 පෙබරවාරි මස 19 වැනිදා. සහරාගේ මස්සිනා වන ‘අන්සාර්ව' 25 වැනිදා සී.  අයි.ඩී. එකට ගෙන්නුවා. ඒ වෙලාවෙදි අපේ දුරකතන අංක දුන්නා ඔහුට.

කොස්සම- මේ අන්සාර් යන අය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඔත්තුකරුවෙකු ලෙස යොදා ගත්තාද?

සාක්ෂිකරු- ඔව්.

කොමිසම- මේ බව ඔබේ ඉහළ නිලධාරින් දැනගෙන හිටියාද?

සාක්ෂිකරු- ඔව්. පොලිස් පරික්ෂක මාරසිංහ මහතා සහ සහකාර පොලිස් අධිකාරි වික්‍රමසේකර මහතා දැනගෙන හිටියා.

කොමිසමඃ- ‘අන්සාර්ව' තොරතුරුකරුවෙකු ලෙස පාවිච්චි කරනවා කියලා මාරසිංහ මහතා සහ වික්‍රමසේකර මහතා දැනගෙන සිටියාද?

සාක්ෂිකරු- ඔව්. දැනගෙන සිටියා. (සාක්ෂිකරු පරස්පර සාක්ෂි ලබාදීම පිළිබඳ කොමිසම සාක්ෂිකරු වෙත අවවාද කරයි) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩි.ඩබලිව්.ආර්.ඩි.  සෙනෙවිරත්න මහතා විසින් ලබා දෙනු ලැබූ බුද්ධ තොරතුරකට අදාළ ලේඛනයක් රජයේ නීතිඥවරයා කොමිසම වෙත මෙන්ම සාක්ෂිකරු වෙත ඉදිරිපත් කරයි.

රජයේ නීතිඥවරයඃ- මේ තොරතුරට අනුව මාවනැල්ල බුදුපිළිම සිද්ධියට අදාළව “සහීඩ්' නමැත්තාව අත්අඩංගුවට ගන්න පුළුවන්ද?

සාක්ෂිකරු- මේ තොරතුරු අනුව බැහැ. මේ බුද්ධි වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න ලැබුණේ නෑ. රස පරික්ෂක වෙත යන ඒවා, අධිකරණය වෙත යන ඒවා, සැකකරුවකු අසනීප  වුණත් රෝහල් වෙත යවන ඒවා ඔක්කොම කරන වුණේ අපිට. සමහර වෙලාවට මේ වාර්තා කියවන්නවත් ලැබෙන්නෙ නෑ. ඒ තරමටම වැඩ. මේ පරික්ෂණය ඉතාමත් සංකීර්ණ එකක්. මේ සියල්ලම මට විතරක් කරන්න බෑ. විශාල වැඩ  කොටසක් තිබුණ නිසා බුද්ධි වාර්තා පරිශීලනය කරන්න බැරි වුණා. එය මං පිළිගන්නවා.

රජයේ නීතිඥවර්යා- ඔබ “හමාස්’” කියලා  පුද්ගලයකු පිළිබඳව විමර්ශනය කළාද?

සාක්ෂිකරු- ඔව්. විමර්ශනයේදී අනාවරණය  වුණා අහුලාගත් පර්ස් එකකින් තිබුණ හැඳුනුම්පතට අනුව සිම් කඩා පතත් හමාස් විසින් ලබාගෙන ඇති බව. මේ හමාස් කියන පුද්ගලයා “සහීඩ්”ට දුරකතන ඇමතුම් දීලා තිබුණා. මම මේ  සම්බන්ධයෙන් දුරකථන සමාගමට ගිහිල්ලා තොරතුරු අනාවරණය කරගන්න උත්සාහ කළා. නමුත් ෆෝන් ඩීටෙස්වල කිසිම දත්තයක් නෑ. මෙය “ප්‍රීමා" නමැති ඇප් එකකින් සිදුකර ඇති බැවින් කිසිදු දන්තයක් නෑ. මා එම සමාගමට කිවිවා එම 'ඇප්' එක ‘බලොක්' කරන්න පුළුවන් කියලා. ඒත් ඒ සමාගම ඒක කරන්න බැහැ කිව්වා.

කොමිසම- මෙම පරික්ෂණ කටයුතුවලට සම්බන්ධ වෙන්න කියලා ඔබට කවුද උපදෙස් දුන්නේ?

සාක්ෂිකරු- ස්ථානාධිපතිතුමා. 2019 ජනවාරි 17 අපි මාවනැල්ල සැකකරුවෝ අත්අඩංගුවට අරගෙන ආවා.

කොමිසම- වසර 30කට අධික කාලයක් සී.අයි.ඩී. එකේ ඉන්න නිසා නේද ඔබව තෝරාගන්න ඇත්තේ?

සාක්ෂිකරු- මා පොරොත්තු සේවයේ හිට් නිසයි මාව යොදවාගතේ..

කොමිසම- පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය වාහනය මුල් අවස්ථාවේම ඔබ අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි?

සාක්ෂිකරු- අපි එක දිගටම වැඩ කළා. මාවනැල්ලෙන් පූනානි දක්වා ගියා. ඒ ගිහිල්ලා ඇවිල්ලා තමයි ඒ වාහනය සී.අයී.ඩී. එකට මගෙනල්ලා දෙන්න කිව්වේ..

කොස්සමඃ- ඔබලා අත්අඩංගුවට නොමගන ගෙනල්ලා දෙන්න කියලා කිවිවාද?

 සාක්ෂිකරු- ඔව් ගෙනාවට පස්සේ අත්අඩංගුවට ගත්තා.

කොමිසමඃ- මාවනැල්ල සිද්ධියට ‘සහරාන්' සම්බන්ධ බවට ඔබලා ඒ වෙද්දි දැනගෙන හිටියාද?

සාක්ෂිකරු- ඔව් දැනගෙන හිටියා. අපි ඉලක්ක කළේ ඔහුව අත්අඩංගුවට ගැනීමයි. මේ පරික්ෂණවල සංකීර්ණභාවය වැඩියි.

කොමිසම- මාවනැල්ල බුදු පිළිම සිද්ධිය සහ වනාතවිල්ලුව විමර්ශන වෙනකල් ඔබ සටහන් දැමීමාද?

සාක්ෂිකරු - නෑ. එය මගේ අතපසුවීමක්. දැන් මට තේරෙනවා මෙවැනි විමර්ශනයකදී එය ඉතාමත් ගැටලුවක් කියලා. විමර්ශනය කර කර හිටියා මිසක් මම සටහන් දැමේ නැහැ..

කොමිසම:- ඔබ නීතිපති දෙපාර්තමේන්තුවේ රැස්වීම්වලට සහභාගි වුණාද? නැද්ද?

සාක්ෂිකරු- තියෙනවා. නඩු දිනයට පෙරදින නඩුව ගැන රජයේ නීතිඥ මහත්වරු දැනුම්වත් කලා.

කොමිසම්:- අත්අඩංගුවට ගැනීම් ගැන නීතිපති නිලධාරින්ට කිව්වේ නැත්තේ ඇයි?
සාක්ෂිකරු- ඒක කරන්නේ මම නෙවෙයි,  ස්ථානාධිපතිවරයා.

කොමිසම- රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින් ලබාදෙන තොරතුරු විමර්ශනය නොකළේ ඇයි?

සාක්ෂිකරු- මට ඒ ගැන දැනීමක් නෑ..

කොමිසමඃ- ඔබ ‘ආම් මොහිදින්ගේ” ප්‍රකාශයක් ගත්තාද?

සාක්ෂිකරු- මා ගත්තේ නැහැ. මගේ වෙනත් නිලධාරියෙක් ගත්තා.

කොමිසම්:- ඔබ මේ ‘ආමි මොහිදින්’ මොනවගේ පුද්ගලයෙක්ද කියලා කලවංචිකුඩි පොලිසියෙන්වත් හොයලා බැලුවේ නැද්ද?

සාක්ෂිකරු- නැහැ.

කොමිසමඃ- ආමි මොහිදින්නව තොරතුරුකරු වශයෙන් භාවිතා කිරීමේදී ඔහු ඔබට සපයන තොරතුරු පරික්ෂා කර බැලීමට ක්‍රමවේදයක් ඔබ හැදුවාද?

සාක්ෂිකරු- නැහැ.

කොමිසම- රාජ්‍ය බුද්ධි සේවයෙන් නේද"ආමි මොහිදින්" ගැන කිව්වේ ?

 සාක්ෂිකරු- ඔව්.

කොමිසම - ඔබ අන්සර්  වත් සහරාගේ මස්සිනා වන අන්සාර්වත් තොරතුරුකරුවෙකු ලෙස භාවිතා කළා නේද?

සාක්ෂිකරු- ඔව්.

කොමිසම- ඔහු දෙන තොරතුරු නිවැරදි දැයි ඔබ හොයලා බැලුවාද?  ආවේශන ක්‍රමයක් අනුගමනය කළේ නැද්ද?

සාක්ෂිකරු- නෑ.

කොමිසමං- ඔබ කළ දේ හරිද?

සාක්ෂිකරු- අන්සර්ගේ දුරකථන ඇමතුම් ගැන ආවේෂණය කළා. නමුත් ආම් මොහිදිගෙන් ඒක කළේ නෑ.

කොමිසම්භ- 2019 අප්‍රේල් 24 වැනිදා ආම් මොහිදින් අත්අඩංගුවට පත්වෙනවා නේද?

සාක්ෂිකරු- ඔව්. කල්කුඩා පොලිසියට තමයි මම ගිමයේ ආමි මොහිදින්ම ගේන්න..

කොමිසම- ඒ වෙලාවේ රාජ්‍ය බුද්ධි නිලධාරියාගත් එතන හිටියා නේද? ඔහු ඔබට දෝෂාරෝපණයක් කළාද?

 සාක්ෂිකරු- නෑ.

කොමිසම- මිට ඉහතදී මොහුව ගත්තානම් මෙහෙම දෙයක් වෙන්නේ නෑ නේද කියලා බුද්ධි නිලධාරියා ඔබට කිව්වාද?

සාක්ෂිකරු- නෑ එහෙම කිව්වේ නෑ.

කොමිසම- ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන් කැකුණගොල්ල ප්‍රදේශයේ නිවසට ගිය අවස්ථාවේදී ඔබ ඔවුන්ට කිවිවාද එතැනින් ඉවත් වෙන්න කියලා.

සාක්ෂිකරු- ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ නිලධාරියකු වන එස්.අයි. රත්නායක මහතා තමයි මට කතා කළේ. මම ඔවුන්ට විතැනින් ඉවත්  වෙන්න කියලා කිව්වේ නෑ. මේ ගැන මම ඉහළ නිලධාරින් දැනුවත කළේ නෑ. සටහන් තැබුවේත් නෑ.

කොමිසමඃ- ඔබ මේ ඇයි ඉහළ නිලධාරින්ට කිවිවේ නැත්තේ?

සාක්ෂිකරු- අවශ්‍යතාවක් පැන නැගුණේ නැහැ. ඒ නිසා මම කිව්වේ නෑ ත්‍රස්ත මර්දන ඒකකයත් පරික්ෂණ කරනවා කියලා මම ඉහළ නිලධාරින්ට කිව්වේ නෑ.

-නිමන්ති රණසිංහ-