පාකිස්තානයේ මානව හිමිකම් ක්‍රියාදරයෙකුවූ අයිඩ්‍රිස් ඛාට්ටාක් පසුගිය කාලයේ එක්වරම අතුරුදන් විය. අභ්‍යන්තර ආරක්ෂාව ව්‍යාකූල රටක්වූ පකිස්තානයෙන් මෙවැනි කතා නිරන්තරයෙන්ම අසන්නට ලැබේ.
අතුරුදන්වූ අයිඩ්‍රිස් ඛාට්ටාක්ගේ දියණිය ටාලියා මෙම හිරිහැරයට මුහුණදුන් ආකාරය ගැන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
ටාලියාගේ දෙමාපියන් වෙන් වී තිබෙන්නේ ඇය කුඩා කලදීමය. ඉන්පසුව ඇයව රැකබලාගන්නට සිටියේ
ඇගේ පියා පමණය. ආහාර පිසීමේ සිට පාසැල් යෑම සඳහා කොණ්ඩය පිරීම දක්වාම සිදු කළේ පියාය.
“ඔහු හරිම හොඳ පියෙක් පියාව නැති වේවිද යන්න මා සිතන ආකාරයට ජීවිත කාලය පුරාවට මට තිබූ දරුණුම බියයි” 20 හැවිරිදි ටාලියා පවසයි.
පසුගිය නොවැම්බරයේදී ඇගේ බිය සැබෑවක් බවට පත් විය. මානව හිමිකම් ව්‍යාපාරයේ යෙදෙන ප්‍රසිද්ධ පුද්ගලයෙකු වූ අයිඩ්‍රිස් ඛාට්ටාක්ව උතුරු පක්ස්ථානයේදී ඔහුගේ කාරයෙන් පැහැරගෙන ගොස් තිබේ. ඉන්පසුව මාස හතක් ගත වන තුරුම තම පියාව රැගෙන ගියේ කවුද සහ කුමන හේතුවකටද යන්න ටාලියා දැන සිටියේ නැත.
පසුව 56 හැවිරිදි අයිඩ්‍රිස්ව අත්අඩංගුවට ගෙන ඇති බවත් රහස් පනත යටතේ ඔහුට චෝදනා එල්ල වී ඇති බවත් පාකිස්ථාන හමුදාව මගින් තහවුරු කර තිබේ.
තම පියා දැන් සිටින්නේ කොහෙද, කුමන තත්ත්වයක් යටතේද යන ප්‍රශ්න ටාලියාව රාත්‍රිය පුරා නිදි වර්ජිතව තැබීමට සමත් විය. ඔහු අතුරුදහන් වූ දින ඇය දුම්රියක ධාවනයේ යෙදී සිටීම පිළිබඳව ඇගේ සිත ඇයට දොස් නැඟීය.
ටාලියා අධ්‍යාපනය ලබමින් සිටි ඉස්ලාමාබාද් සිට කරච්චි නගරයේ සාකච්ඡාවක් සඳහා සහභාගී වීමට පිටත් වීමට ඇයට අවශ්‍ය විය. ඒ සඳහා ඉස්ලාමාබාද් නගරයෙන් දුම්රිය ගත යුතුව තිබිණ. ඇයව මෙසේ තනිව දුම්රියක යැවීම පකිස්ථානයේ එතරම් ආරක්ෂිත දෙයක් ලෙස නොසැලකීම හේතුවෙන් ඇගේ පියා ඒ පිළිබඳව කරදර වූ නමුත් ඇය ඔහුගේ බිය නැති කිරීමට උත්සාහ කළාය. ඇය හොඳින් සිටින බවට තහවුරු කරගැනීම සඳහා පියා ඇයට සෑම පැයකටම වරක් දුරකථන ඇමතුමක් ලබා දීමට පොරොන්දු විය. ගමනේ භාගයක් දුර යන විට ඔහු ඇයට පැවසුවේ ඇය මෙසේ ගමන් කිරීම පිළිබඳව තම හිතට හරි නැති බවත් ඇය මීළඟ දුම්රිය ස්ථානයෙන් බැස්සොත් ඇයව රැගෙන යෑමට පැමිණෙන බවත්ය.
“මට විශාල වරදසහගත බවක් දැනෙනවා. එදා මම පියා සමඟ යෑමට එකඟ වූවා නම් පියාව පැහැරගත් අවස්ථාවේ මමත් පියා සමඟ කාර් එකේ ඉන්න තිබුණා” ඇය පවසයි.
පියා ටාලියාට කතා කළ අවසන් වතාවේ ඔහු කඩිමුඩියේ කතා කළ බවක් තේරුම්ගිය අතර ඔහු පැවසුවේ ඉදිරි දින කිහිපය පුරාවට තමාට දුරකථනය නොතිබෙනු ඇති බවය. එය සිතාගත නොහැකි වූ ටාලියා තුළ කනස්සල්ලක් ඇති විය. දින කිහිපයකින් පසුව ටාලියාට තම මිතුරෙක් මාර්ගයෙන් දැනගන්නට ලැබුණේ ඇගේ පියාව පැහැරගෙන ගොස් ඇති බවය.
ටාලියාව ආරක්ෂා කිරීමට අවශ්‍ය නිසා ටාලියාගේ පවුලේ සාමාජිකයන් ඇයට මේ පුවත දන්වා නැත. නමුත් මෙම සිද්ධිය පිළිබඳව ඇගේ පියාගේ ඡායාරූපද සමඟ පුවත්පත් වෙබ් අඩවි ශීර්ෂපාඨවල සඳහන් වූ විට ඇගේ බිය දෙගුණ තෙගුණ විය.
තම පියාගේ අතුරුදන් වීම පිළිබඳව විමර්ෂණයක් ආරම්භ කරන ලෙස ටාලියා ඉල්ලා තිබේ.
අයිඩ්‍රිස්ව රැගෙන තිබෙන්නේ සිවිල් ඇඳුමින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින්ය. ඒ ඔහු පදිංචි පළාතේදීමය. ඔහුගේ රියැදුරුවද රැගෙන තිබෙන මුත් ඔහුව දින දෙකකට පසුව මුදාහැර තිබේ. රියැදුරු විසින් පොලීසියට ප්‍රකාශයක් දෙමින් සඳහන් කර තිබෙන්නේ නාඳුනන පිරිසක් ඔවුන්ගේ හිස මත බෑග් දමමින් ඔවුන්ව වෙනත් කාර් එකකට බලෙන් ඇදගත් බවය.
දින දෙකකට පසුව නොදන්නා පුද්ගලයන් පිරිසක් අයිඩ්‍රිස්ගේ නිවසට පැන ඔහුගේ ලැප්ටොප් එක සහ ඔහුගේ දෘඩාංග තැටි රැගෙන ගියේය. තම පවුලේ බොහෝ ඡායාරූප එහි තිබූ බව ටාලියා පවසයි. ඉන් පසුව මාස කිහිපයක් ගත වන තෙක් ඔහු පිළිබඳ ආරංචියක් නොවීය. ටාලියා සහ ඇගේ සහෝදරිය වූ ෂුමයිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කනස්සල්ලෙන් පසු වූ අතර ඔහුට දිනපතා දියවැඩියා ඖෂධ ලැබෙනු ඇත්දැයි සිතමින් කරදර විය.
අයිඩ්‍රිස්ගේ සහෝදරයා පොලිස් වාර්තාවක් ගොනු කළ අතර මේ පිළිබඳව විමර්ෂණය කරන ලෙස පොලීසියට නියෝග කරන ලෙස ඉල්ලමින් පේෂාවර් ඉහළ අධිකරණයට පෙත්සමක් ගොනු කීරීමට තැත් කළේය. ඔහුගේ අතුරුදන් වීම බලහත්කාරයෙන් සිදු වූවක් බව අයිඩ්‍රිස් කලින් සමීක්ෂකයෙකු ලෙස සේවය කළ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පවසා තිබේ.
කිසිම හෝඩුවාවකින් තොරව මාස හයක් ගත වූ පසුව මේ පිළිබඳව පිළිතුරු ඉල්ලා පෙත්සමක් ගොනු කරන මෙන් ඉල්ලමින් ටාලියා සමාජ මාධ්‍යයේ වීඩියෝවක් මුදාහැර ඇති බව සඳහන්ය.
“මෙවැනි සිදුවීම්වලට මුහුණ දෙන එකම දරුවා මා නොවේ. මගේ පියාට පෙරත් පුද්ගලයන්ට මෙසේ සිදු වී ඇති අතර මින් පසුවත් සිදු වේවි. අපිට ඒ වෙනුවෙන් කරන්න එතරම් දෙයක් නැති එක ගැන මට කණගාටුයි” ඇය පවසයි.
පකිස්ථානය තුළ මෙසේ පුද්ගලයන් අතුරුදන් වීම 1990 තරම් අතීතයට දිව යයි. ජෙනාරාල් පර්වෙස් මුෂ්රාෆ්ගේ පාලන කාලය තුළ සිට එසේ සිදු වීම ආරම්භ වී ඇති බව සඳහන්ය. ඒ කාලයේ එලෙස අතුරුදන් වී තිබෙන්නේ කැරලිකරුවන් හෝ බෙදුම්වාදීන්ය.
නමුත් මෑත කාලීනව ආණ්ඩුව විවේචනය කරන බ්ලොග් රචකයන්, පුවත්පත්වේදීන් වැනි පුද්ගලයන්ව මෙසේ රැගෙන යන බවට චෝදනා එල්ල වේ.
නමුත් මෑත වර්ෂවලදී ඔහු රජය හෝ හමුදාව විවේචනය කර නොමැති නිසා ඔහුව රැගෙන ගියේ මන්දැයි තමා නොදන්නා බව ඔහුගේ පවුලේ සමාජිකයක් පවසන බව සඳහන්ය. බලුකිස්තානයේ තිබෙන විශාලතම දේශපාලන පක්ෂය වන ජාතික පක්ෂයට ඔහු අනුබද්ධිතව කටයුතු කර තිබෙන බව සඳහන්ය.
පකිස්ථානයේ නිදහස් මානව හිමිකම් කොමිසම පවසන්නේ මේ වන විට රට තුළ අඩුම තරමින් විපාක්ෂිකයන් සහ අයිතීන් පිළිබඳව ක්‍රියා කරන පුද්ගයන් 2100ක් පමණ අතුරුදන් බවය. සැබෑ අගය මීට වඩා වැඩි විය හැකි බවද සඳහන්ය.
මානව හිමිකම් කොමිසම පවසන්නේ මෙසේ කිරීම මගින් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ඉමහත් වේදනාවක් ගෙන දෙන බවය. ඇතැම්විට පවුලේ සාමාජිකයක්ට මෙම පුද්ගලයන් පිළිබඳව දැනගන්නට ලැබෙන්නේ අවුරුදු ගණනාවකට පසු ඔවුන්ගේ මෘත දේහයත් සමඟ බව එම කොමිසම සඳහන් කරයි. එමෙන්ම මෙම ක්‍රියාන්විතය පාක්ස්තාන ව්‍යවස්ථාවට ඇතුළත් පුද්ගල අයිතීන්ට පටහැනි බවද පැවසේ.
මෙසේ පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදන් වීම පිළිබඳව විමර්ෂණයක් සිදු කරන බව 2011දී පොරොන්දු වූ නමුත් එය සිදු කර නොමැති බව සඳහන් වේ. ඊට හේතුව පකිස්ථානයේ ආණ්ඩුව සහ හමුදාව අතර ඇති කිට්ටු සම්බන්ධය බව විශාරදයෝ පවසති.
අයිඩ්‍රිස්ගේ පවුලේ සාමාජිකයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙම කාරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) සහ එක්සත් රාජධානියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය (FCO) වෙත ගොනු කරමින් එය ජාත්‍යන්තරය වෙත ගෙන යෑමට උත්සාහ කර ඇති බව සඳහන්ය.
පසුව ජූනි මාසයේදී හදිසියේම අයිඩ්‍රිස් පිළිබඳ තොරතුරක් ලැබී තිබේ. ඔහු අත්අඩංගුවේ පසු වන බවත් 1923දී පනවන ලද රහස් පනතක් යටතේ ඔහුුට චෝදනා එල්ල වන බවත් හමුදා බුද්ධි අංශ ඒජන්සියක් විසින් පවසා තිබේ.
ඔහු රහසිගතව පැවැත්වෙන නඩු විභාගයකට මුහුණ දීමට සූදානමින් සිටින බවද පසුව ඔහුගේ පවුලේ සාමාජිකයන්ට දැනගන්නට ලැබීය. නමුත් ඔහුට එල්ල වන චෝදනා පිළිබඳව ඔවුන් නොදන්නා අතර ඇතැම්විට කිසිදාක දැනගැනීමට ඉඩ නොලැබීමටද හැකිය.
ඔවුන්ට තවම අයිඩ්‍රීස් සමඟ කතා කිරීමට අවස්ථාව නොලැබී ඇති බව සඳහන්ය. දවස තුළ සිදු වූ දේවල් සෑම රාත්‍රියකම පියාට පැවසීමට පුරුදුව සිටි ටාලියාට මෙම තත්ත්වයට මුහුණ දීම ලෙහෙසි නොවන බව සඳහන්ය. ස්විට්සර්ලන්තයේ සිටින ඇගේ මව ඇය සමඟ අදහස් හුවමාරු කරන බව වාර්තා වේ. නමුත් කාගේ උපකාර තමාට ලැබුණද තමාට ජීවිතයටම දැනී නොමැති තනිකමක් දැන් දැනෙන බව ඇය පවසයි.
(බීබීසී ලෝක පුවත් ඇසුරිනි)
එස්.දහනායක