හිමිවෙයි.අගහරු බලා පිටත් කර යැවුණේ රොබෝ කක්ෂිය ගවේෂණ යානයකි. කක්ෂීය යානා යනු ග්‍රහලොවක තක්ෂණයේ රැදී සිටිමින් ගවේෂණය කරන යානාය. යානය අඟහරුගේ තක්ෂණයට පිවිස දින 687 ක් තිස්සේ අගහරු අධ්‍යයනය කිරීමට නියමිත බව පැවසෙයි.
ජපානයේ ‘එච්ටූඒ" රොකට්ටුවක ආධාරයෙන් පෙරේදා (19) දිනයේ යානය පෘථිවි තක්ෂණයට ගෙන යන ලදි. ජපානයේ ටනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් රොකට්ටුව ගුවන්ගත කෙරුණි. පෘථිවි තක්ෂණය තෙක් රොකට්ටුවේ ආධාරයෙන් ගිය යානය ඉන්පසු අඟහරු බලා යන කිලෝ මීටර් මිලියන 500 ක් දුර ගමන ආරම්භ කළේ යෑයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විද්‍යා සහ තක්ෂණ කටයුතු ඇමැතිනිය සාරා අල් අමිර් මාධ්‍ය හමුවේ පැවැසුවාය. මෙම අඟහරු ගවේෂණ මෙහෙයුම භාරව කටයුතු කරන්නේ ඇයයි. එමිර් රාජ්‍යය රොබෝ යානය නම් කර ඇත්තේ 'අමල්' යනුවෙනි. එහි අර්ථය බලාපොරොත්තුව යන්නය. අමල් රොබෝ යානයට අඟහරුට වෙත යෑමට මාස 7 ක් ගතවෙයි. ඒ අනුව යානය අඟහරුගේ කක්ෂයට පිවිසෙනු ඇත්තේ ලබන වසරේ එනම් 2021 පෙබරවාරියේය.
අභ්‍යාවකාශ ගවේෂණය සහ මෙහෙයුම් සඳහා යොමු වුණු පළමු අරාබි රට වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. අරාබි රටකින් ගවේෂණ යානයක් අඟහරු බලා යැවුණු පළමු අවස්ථාව ද මෙයයි. ලබන 2021 වසර වෙද්දී, එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිහිටුවා වසර 50 ක් සපිරෙයි. එය නිර්භීතිකොට ගනිමින්, රොබෝ ගවේෂණ යානය අඟහරුට යැවීමට හැකිවීම මහත් ආඩම්බරයක් බව විද්‍යා සහ තාක්ෂණ කටයුතු ඇමැතිනිය සාරා අල් අමීරි තවදුරටත් ප්‍රකාශ කළාය. අමල් යානයේ බර කිලෝ ග්‍රෑම් 1,350 කි. යානයට අගහරුගේ කක්ෂයේ එක්වටයක් යෑමට පැය 55 ක් ගතවනු ඇතැයි පැවැසෙයි. තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, අඟහරුගේ වසරක් යනු දින 687 කි. යානයේ ප්‍රධාන අරමුණ වන්නේ අඟහරුගේ කාලගුණය
කෙසේ දැයි අධ්‍යයනය කිරීම ය.
අමල් යානය විවිධාකාරයේ සංවේදක 3 කින් සමන්විත වන අතර, අඟහරුගේ කාලගුණුය වෙනස්කම් සහ කාලගුණ රටා අධ්‍යයනය එමගින් සිදු කෙරේ. අති පැහැදිලි කැමරා යානයට ඇතුළය. මෙමගින් අඟහරුගේ ඔසෝන් ස්ථරයේ දූවිලි අංශු අධ්‍යයනය සිදු කරනු ඇත. මෙතෙක් සිදුවුණු අඟහරු මෙහෙයුම් බොහොමයකගේ අරමුණ වී ඇත්තේ අඟහරු මතුපිට භූගෝලීය වෙනස්කම් අධ්‍යයනයයි. අඟහරු හෙවත් රතු ග්‍රහයා නිසරු තැනක් වූයේ කෙසේදැයි සොයා බැලීමය. සන්නිවේදක නිර්මාණයේ දී ඇමෙරිකාවේ සහාය තිබේ.
අඟහරු වෙත ගවේෂණ යානයක් යැවෙන පළමු අවස්ථාව මෙය වුවත් එක්සත් අරාබී එමීර් රාජ්‍යයට අභ්‍යවකාශය අලුත් තැනක් නොවන බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔවුන් විසින් ම නිපදවූ චන්ද්‍රිකා හතරක් මේ වනවිට පෘථිවි කක්ෂයේ රදවා ඇත. ඒවා පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාය. ඊට අමතරව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින්, එරට ගගනගාමී හසා අල් මන්සූරි 2019 වසරේදී පෘථිවි කක්ෂයේ රැඳවූ අභ්‍යවකාශ නැවැතුම්පොළට ද ගියේය.