බූස්ස විශේෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන 'වෙලේ සුදා' නමැත්තාගෙන් සිය විවාහ මංගලලෝත්සවය සඳහා මත්පැන් බෝතල් තොගයක් ලබාගත් බව කියන එම
බන්ධනාගාරයේ ජේලර්වරයකු සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය වාර්තාවක් කැඳවා ඇතැයි එහි ප්‍රකාශකයෙක් ඊයේ (13) පැවසීය. මෙම ජේලර්වරයා විවාහ මංගල්‍යය සඳහා වෙලේසුදා නමැත්තාගෙන් විස්කි බෝතල් 100ක් පමණ ලබාගෙන ඇති බවට ලැබුණු තොරතුරක් මත මෙම පරික්ෂණය ආරම්භ කර ඇතැයි පැවසේ.
මේ පිළිබඳව බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා කර ඇති පැමිණිල්ලක් අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ මගින් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි දැනගත්තට තිබේ. මරණ දඬුවම නියම වී සිටින වෙලේ සුදා නමැත්තා වැලිකඩ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරු කරනු ලැබුවේ මීට මාස 3කට පෙරය.