ද දින කොරෝනා රෝගය වැළඳී මියගිය 12 වැනි ශ්‍රී ලාංකික කාන්තාව ගැන වැඩිදුර තොරතුරු මේ වනවිට වාර්තාවේ. රාසිදීන් ෆාතිමා රිසානා නමැති ඇය 47 හැවිරිදි වියේ පසුවූවාය. යටිවල, නුවර පාර, මාවතගම ලිපිනයේ පදිංචිව සිටි ඇය මීට මාස 6 කට පෙර
පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ඉන්දියාවට ගොස් ඇති බව වාර්තා විය.ඇය දියවැඩියා රෝගය සඳහා ද ප්‍රතිකාර ලබමින් සිටි කෙනෙකු බව පැවසිණි.

UL 1026 දරණ ගුවන් යානය මගින් 2020 අගෝස්තු මස 20 දින බණ්ඩාරනායක ගුවන්තොටුපල වෙත පැමිණි ඇය අනතුරුව ඉරනවිල නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායන කටයුතු සඳහා රැගෙන ගිය අතර එහිදී, කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව එදිනම තහවුරු වී තිබේ. අනතුරුව අගෝස්තු මස 22 දින IDH රෝහල වෙත ඇය යොමු කර තිබේ.

අද (23) දින දහවල් 01 ට ඇයගේ අවසන් කටයුතු කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.
ඇයගේ සැමියාද මේ වනවිට ඩොල්පින් හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු වල නිරතව සිටියි.  දහවල් සිදුකරනු ලබන බිරිඳගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට යුද හමුදාව ඔහුට අවස්ථාව සලසා දී ඇත.