රයිගම් ටෙලීස් - ජාතියේ ටෙලිසම්මාන උළෙල රූපවාහිනි කෙෂ්ත්රයේ නියැලි කලාකරුවන්, කාර්මික ශිල්පීන්, විකාශන ආයතන මෙන්ම ප්‍රෙක්ෂකයන්ගේ මහත් ප්‍රසාදයට පත් ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂෙත්රය වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධානතම සම්මාන උළෙල වන අතර, එය වසරේ පළමු කාර්තුව තුළම පැවැත්වීම උළෙලේ සම්ප්රදාය අනුව පසුගිය මාර්තු 21 වැනි දින පැවැත්වීමට
මෙවර උළෙලේ සම්මාන සඳහා නිර්දේශිත නාම පසුගිය පෙබරවාරි මස 28 දින කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැති නිර්දේශිත නාම ප්‍රසිද්ධ කිරීමේ උළෙලේදී මේ වනවිටත් ප්‍රකාශයට පත්කර ඇති අතර, දිවයිනේ සම්මාන උළෙල සංස්කෘතිය නව මානයකට යොමුකරමින් එහි උත්තකර්ශවත් භාවය තවදුරටත් වඩවමින් මෙවර උළෙල පැවැත්වීම සඳහා ෂැංග්‍රිලා හෝටලය තෝරාගෙන ඇත.
කොවිඞ් 19 වසංගතය හමුවේ රටේ පවතින තත්ත්වයට අනුගත වෙමින්, මෙවර උළෙල පැවැත්වෙන්නේ දැඩි සෞඛ්‍ය ආරක්ෂණ රෙගුලාසිවලට යටත්වය. ඒ අනුව උළෙලේ ආරාධිතයන් සංඛ්‍යාව අකමැත්තෙන් වූවද සීමා කිරීමට සිදුවී ඇති අතර, ප්‍රමුඛතා පදනමක් යටතේ ආරාධනා පත් යැවීමට කටයුතු කරනු ඇත. මාර්තු 21 වැනි දින නෙළුම් පොකුණේදි පැවැත්වීමට නියමිතව තිබූ උළෙල සඳහා නිකුත් කර තිබූ ආරාධනාපත් වලංගු නොවේ. උත්සවය පැවැත්වෙන ශාලාවට ඇතුල්වීම අවසර ලැබෙන්නේ නව ආරාධනාපත්ර ලාභීන්ට පමණි. කෙසේ වෙතත් සම්පූර්ණ උළෙල රූපවාහිනිය ඔස්සේ රසවිඳීමට ප්‍රේක්ෂකයන්ට නුදුරු දිනයකදී අවස්ථාව හිමිවනු ඇත.
රයිගම් ටෙලීස් උළෙලේදී වසරේ ජනප්‍රියතම සම්මාන කුලකය යටතේ ජනප්‍රියම රූපවාහිනි නළුවා, නිළිය සහ ටෙලිනාට්‍ය තේරිම සඳහා වන මත විමසුම 2020 අගෝස්තු මස 31 දින නැවත ආරම්භ වන අතර සැප්තැම්බර් මස 18 වන දින මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක වේ.
මෙවර රයිගම් ටෙලීස් උළෙල පැවැත්වෙන්නේ 16 වැනි වතාවටය. ඒ අනුව එය නිදහසේ 16 තේමාව යටතේ පැවැත්වෙන්නේ කිසිදු බලපෑමකට යටත් නොවී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපක්ෂපාතීව පැවති සම්මාන උළෙල 16 ක අභිමානය සනිටුහන් කිරීම සඳහාය.