අගොස්තු මස 28 වන දින රංගන ශිල්පිණියන් දෙන්නෙකුගේ විවාහයන් සිදුකිරීමට දින යොදාගෙන ඇතැයි ගොසිප් ලංකා නිවුස් වෙත වාර්තාවේ.

ඉන් එකක් වන්නේ ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද්ගේ විවාහයයි. ප්‍රියසාද් පවුලේ වැඩිමලා වන දිනක්ෂි විවාහ වන්නේ තවත් ජනප්‍රිය නළුවෙකු වන සාරංග දිසාසේකර සමගිනි.
ඔවුනගේ විවාහය අගොස්තු මස 28 වන දින බත්තරමුල්ල වොටර්ස්එජ්හිදී පවත්වන බවට ආරංචි ලැබී තිබේ.
සාරංග මීට ඉහත උමාලි තිලකරත්න සමග විවාහවී සිටියද ඉන් ඉවත්වූ අතර ටික කලෙක පටන් දිනක්ෂි සමග පෙම් සබඳතාවයක් අරඹා තිබුණි.
මේ අතර තවත් ජනප්‍රිය නිළියක වන විනූ සිරිවර්ධනද 28 වන සිකුරාදා විවාහවන්නේ කොළඹ පුධාන පෙළේ හෝටලයකදී බවට ආරංචි ලැබී තිබේ. ඇය අතගන්නා මනාලයා කළා ක්ෂේත්‍රයට සම්බන්ධ නැති වයාපාරිකයෙකු බවට ආරංචි ලැබී තිබේ.
මොවුන් සියල්ලන්ටම අප සුබ පැතුම් පිරිනමමු.