ශ්රී ලංකා ක්රිකට් ආයතනය මේ මස 28 වැනිදා ආරම්භ කිරීමට සූදානම් වූ 'ලංකා ප්රීමියර් ලීග්' විස්සයි-20 ක්රිකට් තරගාවලිය (එල්.පී.එල්.) අවලංගු කිරීමට සිදුවී ඇති බව ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් පහ මිලදී ගැනීමට පුද්ගලයන් ඉදිරිපත් නොවීම තරගාවලිය
අවලංගු කිරිමට ප්රධාන හේතුව බවට පත්ව ඇතැයි තරගාවලියට සම්බන්ධ නිලධාරියෙක් පැවසීය.
තරගාවලිය මේ මස 28 වැනිදා ආරම්භ කිරිමට නියමිත හෙයින් තරගාවලියට සහභාගිවන ක්රීඩකයන් මේ මස 14 වැනිදා වන විටත් ශ්රී ලංකාවට පැමිණිය යුතුව තිබේ. කණ්ඩායම් පහක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියට විදේශීය ක්රීඩකයන් 30 ක් ද සහභාගි වන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසා තිබුණි. ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් ඊයේ පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ එල්.පී.එල්. තරගාවලිය නොවැම්බර් මස 10 වැනිදායින් පසුවට පැවැත්වෙන බවයි. එහෙත් නොවැම්බර් මාසයේ සිට අන්තර්ජාතික ක්රිකට් පිටිය ඉතාමත් කාර්ය බහුල වන අතර රට රටවල් අතර තරගාවලි රැසක් අඛණ්ඩව පැවැත්වීමට නියමිතව තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් කල්දමන ලද තරගාවලි රැසක් මෙම කාලයේදී පැවැත්වීමට නියමිතය.
-යොහාන් භාසුර-