නව වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් 70ක් පමණ පිරිසක් මේ වනවිට
රජයේ නිල නිවාස ඉල්ලුම් කර ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පැවසීය.



එහෙත් අමාත්‍යංශය සතුව පවතින්නේ නිල නිවාස 35ක් පමණක් බවද අමාත්‍යංශ ලේකම් ජේ. ජේ.
රත්නසිරි මහතා අද(25) පැවැසීය.

ඉල්ලුම්කරුවන්ගේ අවශ්‍යතාවය, දුර ප්‍රමාණය හා ප්‍රමුඛතාවය අනුව ඒවා ලබාදීමේ වැඩපිළිවෙළක්
සකස් කර ඇතැයිද ඒ මහතා කීය.

මෙය අමාත්‍යංශයේ පවතින බරපතල ගැටලු සහගත තත්වයක් බවද, හෙතෙම සඳහන් කළේය.

අට වැනි පාර්ලිමේන්තුවේ සිට පරාජයට පත් මැති ඇමැතිවරුන් සියලු දෙනා මේ වනවිට අදාළ නිල නිවාස
බාර දී ඇති බවද අමාත්‍යංශය සඳහන් කළේය.


(ජයන්ත සමරකෝන්)