"ස්පුට්නික් වී" ලෙස හැඳින්වෙන මෙම එන්නත රුසියානු ජනාධිපතිවරයා අතින් පසුගියදා එරට තුළ ලියාපදිංචි කිරීම සිදුවිය. එසේම පුටින් දැනටමත් සිය දියණියකටත් මෙම එන්නත ලබාදී ඇති බවත්, එය ලබන ඔක්තෝබර් මාසයේ සිට මහා පරිමාණය. රුසියානුවන් වෙත ලබාදීමට කටයුතු යොදා ඇති බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම එන්නත තවමත් සායනික අත්හදා බැලීම්වලින් සමත්ව නොමැති බව ඇතැම් විද්‍යාඥයන් සඳහන් කරයි. පුටින්ගේ මේ ක්‍රියාව සම්බන්ධයෙන් අදහස් දක්වන එක් විද්‍යාඥයෙකු එය 'සදාචාර විරෝධී අවස්ථාවක් ලෙසත් පවසා තිබේ. විශේෂයෙන්ම අසම්පුර්ණ පරීක්ෂාවක් සිදු කළ එන්නතක් ජනතාවට ලබාදීම මහජන සෞඛ්‍ය පිළිබඳ බලපෑමක් ඇති විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි. එසේම තවත් පිරිසකට අනුව "කිසිදු දත්තයක් නොමැති' මෙවැනි එන්නතක් කෙසේ බලසම්පන්නදැයි කිව නොහැකි බවද අවධාරණය කරයි.
මේ අතරම රුසියාව පවසන ආකාරයට ඉතාමත් සාර්ථක මෙම එන්නත වෙත දැනටමත් ලොව රටවල් 20කින් බිලියන ගණනක ඇණවුම් ලැබී ඇත. ඉපැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ අභ්‍යවකාශ වන්ද්රිකාවක් වූ ස්පුට්නික් නමින් මෙය නම් කර ඇති අතර, ඒ සියල්ලම හරහා රුසියාව තමන් වෙත අලුත් කීර්තිනාමයක් අත්පත් කර ගැනීමට උත්සාහ දරන බවටද ඇතැමුන් පවසා සිටියි.
කෙසේ වෙතත් රුසියාවේ මෙම නව කොරෝනාවට එරෙහි එන්නත පිළිබඳව අදහස් දක්වා ඇති එක්සත් ජනපදයේ ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුසි, තමාගේ දැනීම අනුව "ස්පුට්නික් වී' එන්නතේ ආරක්ෂාව සහ බලපෑම්සහගත බව ගැන විශාල සැකයක් ඇතැයි පවසයි.මේ අතර රුසියාවේ මෙම නව එන්නත සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට විවරණයක් සිදුකරමින් සිටින බව එහි බලධාරීන් සඳහන් කරයි. එහිදී මෙම එන්නත සැකසීමට දායක වූ රුසියානු විද්‍යාඥයන් සහ බලධාරීන් සමගින් සමීපව කටයුතු කිරීමට කටයුතු යොදන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.
"ලෝක සෞඛ්‍ය සංවිධානය මෙලෙස ගෝලීය මට්ටමෙන් නව කොරෝනාවට එරෙහි එන්නතක් පිළිබඳව පර්යේෂණ සිදු කිරීම සහ වැඩිදියුණු කිරීම ගැන සතුටට පත්වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයක් පසුගිය ජනවාරි මාසයේ සිටම මෙවැනි තත්වයක් ළඟාකර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් මෙන්ම දිරිගැන්වීමක් දී සිදුකිරීමට දායක වුණා." ලෝක
සෞඛ්‍ය සංවිධානයේ නිවේදනයේ සඳහන් වෙයි.
එහෙත් රුසියාවේ මෙම නව එන්නත සම්බන්ධයෙන් විවරණයක් සිදුකිරීමට තරම් තොරතුරු ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලැබි දී නොමැති බව පෑන් ඇමෙරිකානු සෞඛ්‍ය සංවිධානයේ කලාපීය ශාඛාවේ සහකාර අධ්‍යක්ෂිකා ජාර්බාස් බාර්බෝසා පසුගියදා පැවසුවාය.
එහිදී දැනටමත් ලොව දරුණු ලෙස නව කොරෝනාවෙන් බැට කෑමකට ලක්ව සිටින බ්‍රසීලය තුළ මම එන්නත නිෂ්පාදනය කිරීමේ සැලසුම් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇහි බාර්බෝසා එහි දෙවැනි සහ තෙවැනි අදියරේ අත්හදා බැලීම් සම්පූර්ණ කර එන්නතේ ආරක්ෂාව සහ බලපෑම් සහගත බව වගකීමක් ඉදිරිපත් වන තෙක් එවැන්නක් සිදු නොවනු ඇති බවත් පවසා ඇත.