වරෙන්තු ලැබ සිටි මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ක්‍රියාකළ ආකාරය පිළිබඳව සහ එම අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය
සම්බන්ධයෙන් පූර්ණ වීමර්ශනයක් පවත්වා වහාම දැනුම් දෙන ලෙස නීතිපතිවරයා වැඩබලනයට පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත. නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතාගේ අස්සනින් වැඩ බලන පොලිස්පතිවරයාට යවා ඇති පිටු තුනකින් යුත් එම ලිපියෙන් දන්වා ඇත්තේ විමර්ෂශනයට අදාළ වාර්තාව ලබන 31 වැනිදාට පෙර ලබා දෙන ලෙසය.
අනුරුද්ධ සම්පායෝ නමැති සැකකරු අත්අඩංගුවට ගත්තේ උපක්රමශීලීව සාර්ථක බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට ප්‍රකාශ කර එමගින් අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් මහජනතාව නොමග යවා වගකීම් විරහිතව කටයුතු කර ඇති ආකාරයක් අනාවරණය වන බැවින් එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස එම ලිපිය මගින් දන්වා ඇත.
වරෙන්තුකාර මීගමුව බන්ධනාගාර හිටපු අධිකාරි අනුරුද්ධ සම්පයෝ නමැත්තා මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා විසින් අත්අඩංගුවට නොගෙන පූර්ණ සැලසුමක් සහිතව සාදරයෙන් පිළිගැනීමක් සිදුකර කළද බවට සී සී ටී වී දර්ශනවලින් පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට ද එම ලිපියෙන් දක්වා ඇත. මෙම සිද්ධියේ සැකකරුවකු වන අනුරුද්ධ සම්පයෝ යන අය පොලිස් භාරයට ගත් ස්ථානයේ සී සී ටී වී දර්ශන අනුව මිගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු නිලධාරින් පිරිසක් පොලිස් ජීප් රථයකින් ද ඊට පසුපස වෑන් රථයකින් පැමිණ සිටි අනුරුද්ධ සම්පායෝ නැමැත්තාගේ සහෝදරයා ඇතුළුපිරිසත් දර්ශනය වන බව එම ලිපියේ සදහන් කර ඇත.
පසුව, අනුරුද්ධ සම්පයෝ නමැත්තා රතු පැහැති ඩිස්කවරි ස්පෝට්ස් වර්ගයේ ජීප් රථයකින් එම ස්ථානයට පැමිණ රථයෙන් බැස මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාගේ රථය අසලට ඇවිද යන ආකාරයත් එම අවස්ථාවේදී අනුරුද්ධ සම්පායෝ මහතා තම ජංගම දුරකතනයෙන් යමකු අමතමින් සිට එම දුරකතන ඇමතුම මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට කතා කිරිමට සලස්වන අයුරු එම සී සී ටී වී හි සටහන් ව ඇතැයි වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා අනුරුද්ධ සම්පායෝ නමැත්තාගේ අත පා ඔහු සුහදව පිළිගන්නා ආකාරයත් හොඳින් නිරික්ෂණය වන බව ද එම ලිපියෙන් සඳහන් කර ඇත. ඒ අනුව මොවුන් මාධ්‍ය ආයතනයක පුද්ගලයකු පැමිණෙන තෙක් කල්ගත කළ බවට පෙනී යන අතර මාධ්‍යවේදියාගේ ජංගම දුරකතනයෙන් අනුරුද්ධ සම්පායෝ යන සැකකරු හට මාධ්‍යයට කරුණු ප්‍රකාශ කිරීමට අවස්ථාව මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා විසින්ම ලබාදී ඇති බව පැහැදිලි වන බවද එහි සඳහන් කර කියයි.
මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා අගෝස්තු මස 2 වැනිදා සිදුකළ සාර්ථක බුද්ධි මෙහෙයුමකින් අනතුරුව අනුරුද්ධ සම්පායෝ යන සැකකරු අත්අඩංගුවට ගත් බවට මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂවරයා සටහන් තබා තිබුණ ද එය මෙහෙයුමකින් සිදුකළ අත්අඩංගුවට ගැනීමක් නොවන බවට සී සී ටී වී දර්ශන නැරඹිමේදී අනාවරණය වී තිබෙන බව ද ලිපිය මගින් දැනුම් දී ඇත.
-නිමන්ති රණසිංහ-