මේ වනවිට බන්ධනාගාර ගත කර සිටින මෙම රැම්සා තෙක් බිම ඩෝසර් කිරීමට සම්බන්ධ ව්‍යාපාරිකයා පොලිසියට කර ඇති පාපොච්චාරණය අනුව සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාවට මෙම ප්‍රබල දේශපාලනඥයාගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව කියයි.
ආනවිළුන්දාව රැම්සා තෙත් බිමට අයත් පිංකට්ටිය කාසන්තිව් ප්‍රදේශයේ බිමක් පසුගිය 25 දින රාත්‍රියේ හා පසුදින පැය 10කට ආසන්න කාලයක් ඩෝසර් යන්ත්‍රයක් යොදා ගනිමින් ඉස්සන් ටැංකි සකසා තිබූ බව කියයි.
සිද්ධියට මේ වනවිට ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරු හා පොකුණු ඉස්සන් වගාවන් කරන ව්‍යාපාරිකයෙක් බන්ධනාගාර ගත කර සිටී. එම ඩෝසර් කිරීමට මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිත ප්‍රබල දේශපාලනඥයාගේ සොහොයුරා ප්‍රදේශයේ නොමැති බව ඔහුගේ නිවසට ගිය පොලිස් කණ්ඩායම් පවසයි.
කෙසේ වෙතත් මෙම සැකකරු සොයා පොලිස් බුද්ධි අංශ ඇතුළු අංශ ගණනාවක් විමර්ශන අරඹා ඇති බව පැවසේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ සැකකරු ඉදිරි දින කීපය තුළ පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.