රහසිගත ලෙස ඉන්දියානු වෙරළට පා තැබූ ලාංකික පාතාල ක්‍රියාකාරීයකු වන අංගොඩ ලොක්කා හෙවත් ප්‍රදීප් සිං හෙවත් මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා, ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ඉතිරි නොකරම අභිරහස් ලෙසමියගොසිනි. මේ සම්බන්ධයෙන් ද හින්දු පුවත්පත් විල්සන් තෝමස් සිදුකළ විමර්ශනාත්මක වාර්තාවක් ඉකුත්දා “ද හින්දු" පුවත්පතේ පළ විය.
බ්‍රිද්‍රවනම්, කොයිම්බතූර්හි බාලජි නගර් ප්‍රදේශයේ මඩුවක
බොජුන් හලක් පවත්වාගෙන යයි. එය ගුවන් තොටුපොළට කිලෝ මීටර් පහක් පමණ නුදුරේ පිහිටි, ජනයා පදිංචි නිසංසල ප්‍රදේශයකි. සාමාන්‍යයෙන් තම ගැනුම්කරුවන්ට තෝසේ විකුණා ජීවත්වන ඔහු නොසිතූ විරූ ලෙස දැත් අන්‍යන්ගේ අවධානයට පාත්‍ර වී සිටී.දෙරටක් අතර කටයුතු මෙහෙයවන පාතාලකරුවන්ගේ නඩුවකට පැටලී සාක්ෂි දෙන්නටද දැන් ඔහුට සිදුව තිබේ.
තමගේ තෝසේ කඩයෙන් තෝසේ මිලදී ගන්නට පුරුදුව සිටි හැඩි දැඩි මිනිසකුගේ රුව ඉකුත් අගෝස්තු 2 වැනිදා ප්‍රවෘත්ති නාලිකාවල දිස් වෙන්නට ගත්විට ඔහුගේ සුපුරුදු දිවි පෙවෙත වෙනස් වන්නට ගත්තේය.
"බ්‍රේකින් නිවුස්” වලින් කියැවුණේ එම හැඩිදැඩි පුද්ගලයා මියගොස් ඇති බවකි.
අන්‍යයන් සමඟ වැඩි කතාබහක් නැතිව සිටි වයස තිස් ගණන්වල පසුවූ මේ තැනැත්තා ශ්‍රී ලංකාවේ පාතාල ක්‍රියාකාරිකයකු වූ අංගොඩ ලොක්කා හෙවත් මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා බවද එම ප්‍රවෘත්ති නාලිකාවල තවදුරටත් කියැවිණි. ප්‍රවෘත්ති බලා සිටි බ්‍රින්දාවනම්ගේ සිහියට ආවේ දිනකට කලින් තම බොජුන් හල සමීපයේ පිහිටි තට්ටු දෙකේ නිවස කාකි ඇඳුම් ඇඟලාගත්තවුත් විසින් වට කරගත් ආකාරයයි.
ඒ වන විටත් පොලිසිය ඒ සම්බන්ධයෙන් නඩු මගට බැස තිබිණි. බ්‍රින්දාවනම්ට “අංගොඩ ලොක්කා" යන නම එහිදී ඇසුනේ පළමුවරටය. මෙය ලොකු කතාවට ඇරඹුම විය හැකි බව ඔහුට සිතුණේය.
“එයා සතියට දෙපාරක් විතර ගොම්මන් වෙලාවට මගේ කඩය පසුකරගෙන කුණු බක්කිය ළඟට ගිහින් කුණු දමන්න පුරුදුවෙලා හිටියා." බ්‍රින්දාවනම් කීවේය.
ඒ ගිහින් ආපහු එනකොට එයා මගේ කඩේ නැවතිල, තෝසෙ නැත්තම් ගිතෙල් රොස්ට් අරන් යන සිරිතක් තිබුණා. වැඩිපුර වචනයක්වත් කතා කළේ නෑ. බ්‍රින්දාවනම්ගේ සේවකයෙක් තවදුරටත් මෙසේ කීවේය.
පොලිසියෙන් ඇවිල්ලා අතේ මස්ගොබේ ලොකු පච්චයක් කොටල තියෙන මිනිහෙකුගේ ෆොටෝ එකක් අපට පෙන්නුවා. අපි ඒකෙන් මනුස්සයව අඳුරගත්තා. ටික දිනකට පෙර ලොක්කා සමඟ කාන්තාවකද පැමිණි වග බ්‍රින්දාවනම්ගේ සේවකයා පොලිසියට කියා තිබිණි.
එම තැනැත්තිය අමානි තන්ජි නමැති 27 හැවිරිදි ලාංකික කාන්තාවක බව පොලිසිය පසුව හඳුනාගත්තේය.
සැනෙකින් පාතාල නායකයා රහසිගත ජීවිතය ගත කළ නිවස අවට පදිංචි හැම දෙනාටම කරදර වන්නට සිදුවූයේය. ලොක්කා ඒ අවට සිල්ලර කඩයකින් නිතරම සිගරට් මිලට ගන්නටද පුරුදු උන්නේය. සමහර වෙලාවට එයා කැඩිචච් දෙමළෙන් යන්තමින් කතා කළා.
බොහෝ වෙලාවට කිව්වේ සිගරට් ජාතියේ නම විතරයි. තම පාරිභෝගිකයාගේ නම හරිහැටි නොදැන සිටි කඩ හිමියා වූ වෙල්මුරුගන් කීවේය.
2019 අගෝස්තුවේ පටන් ලොක්කා යන්නට පුරුදුව සිටි ජිම් එක හෙවත් කායවර්ධන මධ්‍යස්ථානයේ උපදේශකවරයා වූ "ප්‍රභූ" ද ප්‍රශ්න කිරීම්වලට ලක්විය.
තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන උන් මිනිසා පිළිබඳ තොරතුරු ඔහු පොලිසියට කීවේය. දැක පුරුදු මිනිසාගේ පින්තූරයක් හඳුනා ගැනීමටද ඔහුට සිදුවිය. කායවර්ධන මධ්‍යස්ථානයේ තිබූ සුපරික්ෂණ කැමරාවෙන්ද රූ සටහන් සොයා ලොක්කා ගැන තොරතුරු සොයන්නට විමර්ශකයෝ වෑයම් කළහ.
ඔවුන්ගේ උත්සාහය හරිගියේ නැත. කායවර්ධන ශාලාව තිබුණේ චෙරන් මා නගර්" නම් ප්‍රදේශයේය.
ඔහුගේ නම ඉන්දියාවට නුහුරු ශ්‍රී ලාංකික නමක් වුවද අංගොඩ ලොක්කා යන නම පසුගිය අවුරුදු කිහිපයේ සෑම මාධ්‍යයකම ඉඳහිට කියවෙන්න ගත්තේයෙ.
නීති විරෝධිය මන්ත්‍ර වල ප්‍රවාහනය පිළිබද නඩුවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා සෑම වාරයකම ඒ අය පාතාල නායක අංගොඩ ලොක්කාගේ සහචරයන් බවට පුවත් වාර්තා විය.
පාතාල නායක අංගොඩ ලොක්කා වැඩ ගත් බවට සැකකරන උකුස්සෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ඉකුත් 30 වැනිදා ශ්‍රී ලාංකීය මාධ්‍යවල වාර්තා විය. එම උකුස්සා අංගොඩ ලොක්කාගේ මත්ද්‍රව්‍ය එහා මෙහා ගෙනයාමට යොදාගත් බවටද කියැවිණ.
බස්නාහිර පළාතේ පිහිටී සත්ව ගොවිපොළක් පරික්ෂා කිරීමේදී පොලිස් බුද්ධි අංශය ඒ සමග තවත් දෙදෙනකු අත්අඩංගුවට ගත්තේය. මෙම සුදු පාට උදරය සහිත උකුස්සා" ඔහුගේ සහචරයන් විසින් පිටරටින් ගෙන්වා ඇති බවට පොලිසිය සැක කරයි.
අංගොඩ ලොක්කාට ඒ නම ලැබුණේ ඔහු කොළඹට කිලෝ මීටර් 12 පමණ ඈතින් පිහිටි අංගොඩ ප්‍රදේශයේ කෙනෙකු නිසාය. ශ්‍රී ලංකාවේ සිදුකළ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන්ද අනවසර වැලි කැණීම්, ඉඩම් ගොඩකිරීම් බලහක්කාරයෙන් පැහැර ගෙන යෑම් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හා මිනීමැරුමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව තිබිණි.
2017 පෙබරවාරියේදී බන්ධනාගාර බස් රථයකට පහරදී පාතාල නායක සමයං සහ තවත් අය මරා දැමීම පිළිබද ප්‍රධාන සැකකරුවා වූයේද අංගොඩ ලොක්කාය. මෙම සිද්ධියෙන් පසුව නීතියෙන් බේරීමට ලොක්කා රටින් පලාගිය බවට පොලිසිය විශ්වාස කළේය. මේ වනවිට කරන ලද විමර්ශනවලට අනුව 2017 මාර්තු 1 වැනිදා ඔහු මන්නාරමේ සිට බෝට්ටුවකින් ශ්‍රී ලංකාවෙන් පලා ගිය බව පෙනී ගියේය. පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න කියා සිටියේය.
උතුරු පළාතේ මන්නාරම ඉන්දියාවට සමීපම ස්ථානය වූ අතර ඉන්දියාව වෙන් වී ඇත්තේ පටු සමුද්‍රසන්ධියක් වූ පෝක් සමුද්‍ර සන්ධියෙනි.
ලොක්කා රටින් පැන ගිය බව වාර්තා වූ පසු ඉන්දියානු පොලිස් නිලධාරින්ගෙන් ශ්‍රී ලංකාවේ පොලිසියට යම් තොරතුරක් ලැබුණේද යන්න විමසූ විට සේනාරත්න මහතා මෙසේ කීවේය.
“ඔහු ඉන්දියාවට පැනයන්නට ඇති බවට තිබුණේ සැකයක් පමණයි. ඒ ගැන තහවුරු කර කියන්නට අපට නොහැකි වූ නිසා ඒ වනවිටත් ඉන්දියාවෙන් කිසිම තොරතුරක් ලැබුණේ නෑ."
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නට ගත් මත්ද්‍රව්‍ය විරෝධී වැඩ පිළිවෙළ ලොක්කාට අහඹු ලෙස බලපෑවේය. මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේදී මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට ප්‍රමුඛතාව දෙන්නට එවකට ජනපතිවරයාව සිටි මෙමත්‍රිපාල සිරිසේ නියම කළේය.
කඩිනම් පියවර ගත්තා ලෙසද ඔහු පොලිසියට නියෝග කළේය. පසුගිය වසරේදී පොලිසිය මිලියන ගණන් වටිනා හෙරොයින් තොග අත්අඩංගුවට ගත්තේය.
ඒ දිනවල ලොක්කා මාකඳුරේ මධුෂ් මුණ ගැසිමට ඩුබායි වලට පලාගොස් ඇත්තේද යන්න සොයා බැලුවේය. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වඩාත් අවශ්‍යව සිටි පාතාල නායකයා වුයේ මාකඳුරේ මධුය. එම නිසා ඩුබායි පොලිසිය ඔහුගේ සහචරයන් කීප දෙනෙකු සමග මධුෂ් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කළේය.
සාක්ෂියක් තිබුණේ නෑ. ඒත් අපි කීප දෙනෙක් ලොක්කා ඉන්දියාවෙන් ඩුබායිවලට යන්න ඇතැයි කියා සැක කළා. තමන් අනන්‍යතාව හෙළි කිරීමට අකමැති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.
මධුෂ් අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකාවේ මාධ්‍යවල ඉහළින් පළවෙද්දී ඒ වනවිට ලොක්කා කොහේ සිටිනවාදැයි කීම සම්බන්ධයෙන් වාර්තා පළ වූයේ මද වශයෙනි.
2018 මාර්තු මාසයේදී ලංකාවේ සති අන්ත පුවත්පතක් වූ Sunday 0bserver පාතාලයටම සම්බන්ධ දෙදෙනකු ගැන වාර්තා කළේය. ඒචෙන්නායි හි අත්අඩංගුවෙන්, ලොක්කා සහ අතුරුගිරියේ ලාසියා යන ඔහුගේ සහායකයා පළා යෑමේ පුවයි. පොලිස් ආරංටි මාර්ග ආශ්‍රයෙන් එම වාර්තාවේ කියා තිබුණේ එම දෙදෙනා පාතාල කල්ලි අතර යුද්ධයට හවුල් වුවන් ලෙසයි.
ලොක්කා සහ මධුෂ් එතෙර සිට 2017 සිට 2016 දක්වා ශ්‍රී ලංකාවේ සිදුවූ ඇතැම් මිනීමැරුම් මෙහෙයවන බවට සැක කරන බවද එම වාර්තාවෙන් කියා තිබිණි. පොලිස් නිලධාරියකු ඇතුළු කිහිප දෙනෙකු මරා දැමීම් ඊට අයත් විය.
ලොක්කාගේ මරණය ගැන පුවත හෙළිවීමෙන් අනතුරුව අගෝස්තු 2 වැනිදා එම ප්‍රදේශයේ පොලිස් නිලධාරිහු හා සී.අයි.ඩි. යේ නිලධාරිහු රහසේ ජීවත් වූ පුද්ගලයාගේ මුහුණේ කටුසටහනක් ඇඳ ගැනීමට උත්සාහ ගත්හ.
2018 ඔක්තෝබර්වලින් පසුව ඔහු කොයිම්බතුර්හී ජීවත් වූ බව එයින් හෙළි විය. බාලජි නගර් ප්‍රදේශය හැරුණු කොට ඔහු ඊට පෙර කිලෝ මීටර් 5ක් ඈතින් පිහිටි සරවනම්පට්ටි ප්‍රදේශයේද පදිංචිව සිට තිබේ.
ජුලි මුලදී ඉන්දියාවේදී මෙම නමගිය අපරාධකරුවා මිය ගිය බවට සැක කෙරෙන මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකාවේ පළ විය. ජුලි 03 වැනිදා ඔහු මිය යනතුරුම ආරූඪ නාමයකින් දිවි ගෙවූ බව අගෝස්තුවේදී විමර්ශනවලින් අනාවරණය විය.
මදුරායි දිස්ත්‍රික්කයේ සිටි ඩී. සිවකාම්සුන්දරි නම් අධිනීතිඥවරියක සමග නීති විද්‍යාලයේ ඇයට පසු වසරවල ඉගෙනුම ලැබු 32 හැවිරිදි දියනේස්වරන් නැමැතෙක්ද අත්අඩංගුවට ගනු ලැබිය. ඔහු ඉරෝචි දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකි. එසේම ලොක්කාගේ සමීප මිතුරිය වූ තාන්ජි, මිනීමැරිමට කුමන්ත්‍රණය කිරිම, ව්‍යාජ ලේඛන සැකසිම, වරදකරුවකුට රැකවරණය දීම, වෙනත් නමකින් පෙනී සිටීම, ව්‍යාජ තොරතුරු වාර්තා කිරීම ඇතුළු විවිධ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබුවාය.
සැකකරුගේ මරණය සම්බන්ධයෙන් පළමු තොරතුරු වාර්තා ලියැවුනේ ජීලමඩු පොලිසියේය. ඒ අපරාධ විධි විධාන සංග්‍රහයේ 174 වගන්තියට අනුකූලවය.
අසල්වැසියන් දෙදෙනකුගේ උදව් ඇතිව ලොක්කා ජුලි 03 වැනිදා ප.ව. 9.30ට පමණ පෞද්ගලික රෝහලකට රැගෙන ආ බව එයින් කියැවිණි. පපුවේ අමාරුවකින් පසු හදිසියේ බිම ඇද වැටුණු බව තාන්ජි කියා තිබේ.
රෝහලේ වෛද්‍යවරු රෝගියා මියගොස් ඇති බව ප්‍රකාශයට පත් කර මිය ගිය තැනැත්තාගේ මිනිය ඔහු රැගෙන ආ අය සමග කොයිම්බතුර් වෛද්‍ය විද්‍යාලයේ රෝහලට ගෙන යා යුතු බව කියා සිටියහ.
මදුරායි පදිංචිකාරියක වූ සිවකාම්සුන්දරිගේ උදව් ඇතිව තාන්ජි ජුලි 5 වැනිදා මරණ පරික්ෂණ කටයුතු විධිමත්ව නිමා කිරීම උදෙසා පොලිසිය වෙත ගියාය.
පළමු තොරතුරු වාර්තාවේ කියැවෙන පරිදි නෑයකු ලෙස පෙනී සිටි සිවිකාම්සුන්දර් ප්‍රදීප් සිං නමින් වූ මරුණකරු වෙනුවෙන් ඇති ආධාර්කාඩ් පතක් හැඳුනුම්පතක් ඉදිරිපත් කර තිබේ.
ප්‍රදීප් සිං යන නමට තිබී ඇත්තේ මදුරායි හී ලිපිනයකි. පොලිස් වාර්තාවලට අනුව මරණ පරික්ෂණය නිමාවූ පසු ඇය ජුලි 5 වැනිදා මදුරායි වෙත මෘත දේහය ගෙනගොස් එහීදී ආදාහනය කර තිබේ.
ලංකාවේ ඇතැම් මාධ්‍යවලින් වාර්තා වූ අන්දමට මෙම ආදාහන කටයුතු ලංකාවේ සිටින ඥාතීන් මිත්‍රාදීන්ට විඩියෝවකින් ප්‍රදර්ශනය කර තිබේ. මෙම බුද්ධි තොරතුරු තමිල්නාඩුවට වාර්තා වූ පසු එහි පොලිසිය මරණකරුගේ ආධාර් කාඩ් පතේ පසුබිම (අනන්‍යතා පත) නැවත පරික්ෂා කිර තිබේ.
" අධිනීතිඥ කාන්තාව පොලිසියට ඉදිරිපත් කළ එම ආධාර් කාඩ් පත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ලබාගත් එකක් වන බව එහිදී පෙනී ගියේය. අගෝස්තු 2 වැනිදා මූලික තොරතුරු වාර්තා පොලිසිය විසින් සංශෝධනය කෙරිණි. එය පදනම් කර ගෙන සිවකාම්සුන්දරි, සියනේස්වරන් සහ තාන්ජ් යන තිදෙනාම එදිනම පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
මරණකරුගේ පසුබිම පොලිසියෙන් පරික්ෂා කර ඔහු සමග සිටී ශ්‍රී ලාංකික කාන්තාව ගැන මරණය සිදුවූ විගසම පොලිසිය සොයා බැලුවා නම් මෙම තොරතුරු කල් ඇතිව අනාවරණය කර ගන්නට තිබුණා. තම අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.
(කොයිම්බතුර් සී.අයි.ඩී.යේ විමර්ශකයකු කියා සිටියේ ලොක්කා 2017 දී නීති විරෝධී ලෙසට ඉන්දියාවට පැමිණීම සම්බන්ධයෙන් චෙන්නායිහිදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි.
ඔහුට ඇප ලැබුණාද ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කළ යුතුද ඉන්දියාවේ ඉන්නට ඉඩ හැරිය යුතුද යන්න පොලිසිය හරි හැටි නොදත්තේය. අපට ලැබෙන තොරතුරු අනුව ඔහු ඉන්දියාවේ කිහිප තැනකම ජීවත් වී තිබෙනවා. සීඅයිඩී නිලධාරියෙක් කීවේය.
කොයිම්බතූර් පොලිසියත් සී.අයි.ඩි.යත් ප්‍රදීප් සිංගේ නමින් ලබා ඇති ආධාර් කාඩ් පත ඇත්තෙන්ම බටහීර බෙංගාල ප්‍රදේශයෙන් ලබාගත්තක් බවත් පසුව එහී ලිපිනය මදුරායි වෙත මාරු කර ඇති බවත් සොයා ගත්තේය.
දැනට පවතින සාක්ෂි හා සිවකාම්සුන්දරි, දියානේස්වරන් සහ තාන්නි තාන්ජි යන අයගේ පාපොච්චාරණවලට අනුව මියගිය ලොක්කාගේ අනන්‍යතාව තහවුරු වී ඇතත් කොයිම්බතූර් සීඅයිඩීයට එය විද්‍යාත්මකව සනාථ කිරීමට අවශ්‍යව තිබේ.
ඉන් අනතුරුව නඩු කටයුතු සඳහා පරික්ෂාවට ඒවා ඉදිරිපත් කළ හැකිවේ.
මරණකරුගේ ඩී.එන්.ඒ. අංගොඩ ලොක්කාගේ ඥාතීන්ගේ ඩී.එන්.ඒ. සමග සසඳා බලා තහවුරු කර ගැනීමේ උත්සාහයක් මේ වනවිට දරා තිබේ.
2017දී චෙන්නායි පොලිසියෙන් ලබාගත් ලොක්කාගේ ඇගිලි සලකුණු බාලජි නගර්හි නිවසේ ඇති ඇඟිලි සලකුණු සමග සැසඳීමේ උත්සාහයක කොයිම්බතුර් සීඅයිඩිය නිරත වෙමින් සිටී.
එදිරිවාදී කණ්ඩායමක් තාන්ජ් යොදා ගෙන ලොක්කා මරා දමා ඇති බවට පැතිරෙන කටකතා පිළිබද තොරතුරු ලබාගැනීමට මෙතෙක් විමර්ශකයන් සුදානම් වී නැත. තාන්ජිගේ සැමියා 2017දී ශ්‍රී ලංකාවේ පැවැති මැර කල්ලි අතර ගැටුමකදී මරා දමා ඇති බවද වාර්තාවේ.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ තිදෙනා පවසන පරිදි හෘදයාබාධයකින් ලොක්කා මිය නොගොස් අස්වාභාවික ලෙස මියගොස් ඇති බව තහවුරු වුවහොත් පමණක් ඒ පිළිබඳව සොයා බැලීම අවශ්‍ය වන බව ඔවුහු කියා සිටිති.
කොයිම්බතූර් අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති පශ්චාත් මරණ පරික්ෂණ සහතිකය අනුව එවැනි අස්වාභාවික මරණයක් එහි වාර්තා වී නැත.
කෙසේ වුවද පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ ජ්‍යෙෂ්ඨ සහකාර සිවිල් කාය විච්ඡේදන වෛද්‍යවරයකු පවසන ආකාරයට මරණකරුගේ ඇඟිල්ලක් සහ පයේ මහපටැගිලි නිල් පාට වී තිබූ බව ඔහු නිරික්ෂණය කර තිබේ.
සාධක කිහිපයත් මත මෙසේ නිල් පැහැ ගැන්වීම සිදුවිය හැකි බව අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් කියයි.
හෘදයාබාධයකින් මිය යන අයකුගේ ඔක්සිජන් මට්ටම පහළ යාමද මෙවැනි අවපැහැ ගැනීමවලට හේතුවිය හැකි බව කියන ඔහු ඒකාන්ත වශයෙන් වස දීමකට එය හේතු වී ඇති බව කිව නොහැකි බව පවසයි.
එසේම මරණකරුගේ සිරුරේ බාහිර හෝ අභ්‍යන්තර තුවාල කිසිවක් නැති නිසා එවැනි වරදක් සිදු වී ඇති බවට සැක කළ හැකිදෑ නොවේ. පශ්චාත් මරණ පරික්ෂණ අවස්ථාවේ අභ්‍යන්තර ඉන්ද්‍රිය පිළිබඳ විශ්ලේෂණයන්ට අනුව වස දී මරා දැමීමක් බවට සැක කළ හැකි තත්වයක් මතුවී නැත.
මරණ පරික්ෂණයේදී ලබාගත් අභ්‍යන්තර ඉන්ද්‍රිය රසායනික විශ්ලේෂණ සඳහා යවා ඇති අතර ඔහුගේ හදය histopathological පරික්ෂාව සඳහා යවා තිබේ.
ඒවායේ ප්‍රතිඵල ඉදිරියේදී බලාපොරොත්තු වේ. මේ ගැන විශේෂඥ කණ්ඩායමකින් අප ප්‍රතිඵල ඉල්ලා තිබෙනවා. කොයිම්බතූර් අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී ටී. ජෙයසිං කියා සිටියේය.
ලොක්කා හට කොයිම්බතූර් ප්‍රදේශයේ ගෙවල් සොයා දී ඇත්තේ දියානේස්වරන් බව එම නිවසට සමීප පදිංචිකරුවෙක් කීවේය.
දියානේස්වරන් බාලජිනගර්වල ගේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසෙ ඉඳල කුලියට ගත්තා. කසාද බඳින්න ඉන්න යාළුවෙක් ඩුබායි යන්න කලින් ටික කාලෙකට මේකට පදිංචියට ඒවි කියල එයා අපට කිව්වා ළඟපාත නිවසක කාන්තාවක් කීවාය.
පොලිසියේ ලියාපදිංචි කර ඇති පළමු තොරතුරු වාර්තාවේ පැවසෙන පරිදි මදුරායි ගුවන් තොටුපොළට තාන්ජ් පැමිණ ඇත්තේ මේ වසරේ මාර්තු මාසයේය. පසුව ඇය කොයිම්බතූර් වෙත සිවකාසුන්දරිගේ උදව්වෙන් ගොස් තිබේ. ලොක්ඩවුන් කිරීම් නිසා ගුවන් ගමන් අත්හිටුවා ඇති බැවින් ඇයට ආපසු ශ්‍රී ලංකාවට යා නොහැකි බව ඇය පොලිසියට කියා තිබේ.
දියනේස්වරන් සහ සිවකාසුන්දරී ලොක්කාට කිහිප වාරයක් උදව්කර ඇති බව කොයිම්බතුර් සීඅයිඩිය සොයාගෙන තිබේ. කොයිම්බතුර්හි ආර්. එස්. පුරම් ප්‍රදේශයේ රෝහලක ප්ලාස්ටික් සැත්කමක් කිරීමටද ඔවුන් මේ වසරේ පෙබරවාරියේදී ඔහුට උදව් කර ඇත.
තමාට චිත්‍රපට රගපෑමේ ආසාවක් ඇති බව එහිදී ලොක්කා වෛද්‍යවරුන්ට කියා ඇත. ඒ සඳහා ඔහුට අවශ්‍ය වී ඇත්තේ නාසය වෙනස් කොට සකසා ගැනීමටය.
ඔවුන් මුලින්ම ප්ලාස්ටික් සැත්කම සඳහා පැමිණ ඇත්තේ කොයිම්බතූරයේ පීලමඩුහි ශල්‍යාගාරයකටයි. ඔහු ඒ කටයුතු කළේ ඇයිද යන්න අපට හරිහැටි කියන්නට බැහැ. සැත්කම කළාට කලින්වත් පසුවුවත් ඔහුගේ පෙනුමේ වැඩි වෙනසක් තිබුණේ නෑ. කොයිම්බතුර් සී.අයි.ඩි. නිලධාරියෙක් කීවේය.
ඉන්දියාවේ සැඟවී ඉන්න එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ උදව් ලොක්කාට ලැබී ඇත්ද යන්න කොයිම්බතුර් සී.අයි.ඩි.ය සොයා බලයි. ගැඹුරෙන් තොරතුරු සොයා බැලීමේදී සිවකාම්සුන්දරිගේ පියා දිනකරන්ට ඉන්දියාවේ තමිල්නාඩුවේ සිවගංගා දිස්ත්‍රික්කයේ මානමාදුරෙයි පොලිසියෙන් 2006දී නඩුවක් පවරා ඇති බව දැනගන්නට ලැබී තිබේ.
ශ්‍රී ලංකාවට අනවසරයෙන් නීති විරෝධී පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් එම නඩුව පවරා තිබේ. කොයිම්බතුර් සී.අයි.ඩී.යේ ප්‍රධාන පොලිස් පරික්ෂක තැන පවසන ආකාරයට සිවකාම්සුන්දරී තම විවිධ බැංකු ගිණුම් හරහා අසාමන්‍ය මූල්‍ය ගනුදෙනු සිදුකර තිබේ.
ලොක්කා පරිහරණය කළ ජංගම දුරකතනය මෙතෙක් සොයාගෙන නැත. අත්අඩංගුවට ගෙන ඇති තිදෙනාගේ සියලු ජංගම දුරකතන ඩිජිටල් උපකරණ හා ලැප්ටොප් මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
එහෙත් ජංගම දුරකතනයේ පරිගණක ආධාරයෙන් ලොක්කා විවිධ ආහාර ඇණවුම් කර ඇති බවට තොරතුරු ලැබී ඇත. ලොක්කා සිටි නිවසින් සිංගප්පූරු හා ඇමෙරිකානු ඩොලර් නෝට්ටු පොලිසියෙන් සොයාගෙන ඇත. ඇඟිලි සලකුණු හා ඡායාරූප ශ්‍රී ලංකා පොලිසියෙන් යවා ඇති බවද වාර්තාවේ. අපි ඩි. එන්.ඒ. සාම්පල ලබාගෙන තිබෙනවා. සේනාරත්න මහතා හින්දු පත්‍රයට කියා සිටියේය.
(විල්සන් තෝමස්)