ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලී සහ අනුෂ්කා ශර්මා පිළිබඳව නවතම පුවතක් වාර්තා වී ඇත. ඔවුන්
සිය සමාජ මාධ්‍ය ගිණුම් වල
ඡායාරූපයක් පල කරමින් තමන් මව්පිය පදවියට පත්වීමට සූදානම් බව හෙළි කර තිබේ. එම පණිවුඩයේ සඳහන් ආකාරයට මෙම යුවළ අතරට තුන්වැන්නෙකු එළඹෙන ජනවාරි මාසයේ පැමිණීමට නියමිතය. මේත් සමඟම ක්‍රිකට් ලෝලීන් මෙන්ම සිනමා ලෝලීන් විශාල පිරිසක් ඔවුන් දෙපළට සුභ පතා ඇති අයුරුද දක්නට ලැබේ.
Rishmi Ishara