කෙසේ වෙතත් ඇගේ මෙම ක්‍රියාවට එරෙහි වන නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ හිටපු වාර්තාකරුවෙකු වන කර්ට් එයිචෙන්වාල්ඞ්, සිය ට්විටර් ගිණුමේ අදහස් පළ කරමින්, ධවල මන්දිරයේ රෝස උදහනය වෙනස් කිරීමට මෙලනියා ට්‍රම්ප්ට කිසිඳු අවසරයක් නොමැති බව සඳහන් කරයි. ඇය 'විදේශික' කාන්තාවක් වීම ඊට හේතුව බවත්, සිය ඉතිහාසය වෙනස් කිරීමට ඇයට අවස්ථාවක් නොමැති බවත් ඔහු සඳහන් කරයි.
"සිය ජීවිත කාලයෙන් තුනෙන් එකක පංගුවක් පමණක් ඇමෙරිකානු පුරවැසියෙකු ලෙස ජීවත් වූ අයෙකු කරන්න ඕනේ ඇමෙරිකාවේ ඉතිහාසයට ගරු කිරීමයි. එහෙම නැතුව තමන්ගේ රුචි අරුචිකම් අනුව මේ ඉතිහාසය ඉවත් කිරීම නෙමෙයි." ඔහු පවසයි.
එහෙත් ඔහුගේ මෙම අදහස් දැක්වීම සංක්‍රමණික විරෝධී කාරණාවක් මතු කරවන බව ඇතැම් පිරිස් පවසා තිබුණි. ඒ අනුව දිනකට පසුව සිය ට්විටර් පණිවුඩය මකා දැමීමටද කර්ට් පියවර ගෙන තිබුණි. තමන් මතු කළ අදහස ඇතැම් පිරිස් වරදවා වටහා ගැනීම ඊට හේතුව බව ඔහු පවසා තිබුණි. මෙහිදී තමන් සඳහන් කළේ පුරා වසර 100ක කාලයක් ධවල මන්දිරයට ආ ජනපති ආර්යාවන් පැළකළ ගස් මෙලෙස ඉවත් කිරීමට විදේශික කාන්තාවකට ඉඩ නොමැති බව යැයි ඔහු පවසා තිබුණි.