හදිසියක් වූ විට නැතුවම බැරි ස්ථානයක් කියූ විට මතකයට නැඟෙන්නේ වැසිකිළියයි. කොළඹ නගරයේ පිහිටි විශාල ගොඩනැඟිලි සහ මන්දිර අතරේ මෙම නැතුවම බැරි ගොඩනැඟිලි කිහිපයක්ද දක්නට ලැබේ. නමුත් සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කළේ ඔවුන් සොයාබැලීමක් කළ විට කොළඹ නගරයේ පිහිටි බොහෝ
වැසිකිළි අපවිත්‍ර තත්ත්වයේ තිබූ බවය. මඩ වූ පොළොව, ගෙවී ගිය වැසිකිළි පෝච්චි කවර, ලොක් කැඩී බිඳී යෑම හේතුවෙන් දොරවල් වැසීම සඳහා ගැට ගැසීමට ඇති වයර් කැබලි සහ ජල කාන්දු වීම් දැකගත හැකි වූ බව සඳහන්ය. මේ සෑම වැසිකිළියකම දක්නට ලැබූ පොදු ලක්ෂණයක් වූයේ ඒ සෑම එකක්ම භාවිතා කිරීම සඳහා රුපියල් 10-20 අතර මුදලක් ලබාගැනීමය. නිරීක්ෂණය කළ වැසිකිළි අතරින් භාවිතා කිරීමට සුදුසු ලෙස පිරිසිදුව තිබුණේ සියයට 20 සිට 25 අතර ප්‍රමාණයක් පමණක් බවද සඳහන් විය.
යෝක්, වෝක්ෂෝල් සහ ඩෑම් වීදි
60 හැවිරිදි චිත්‍රා ප්‍රියදර්ශනී කොළඹ කොටුවේ යෝක් වීදියේ කාන්තා පොදු වැසිකිළිය දැනට වසර 7ක් පුරාවට අධීක්ෂණය කරන්නීය. ඇය දිනකට තුන් වතාවක් වැසිකිළිය පිරිසිදු කරන අතර ඇගේ අධ්‍යක්ෂකවරුන් සහ නිලධාරීන් නිතරම එහි පිරිසිදුබව සොයාබලන බව සඳහන්ය. ගාස්තු වශයෙන් ලබාගන්නේ රුපියල් 10ක් වන අතර උදෑසන 6:30 සිට පස්වරු 6:30 දක්වා එය විවෘතව තිබේ. දිනකට එය භාවිතා කළ හැක්කේ කාන්තාවන් 10දෙනෙකුට පමණය.
මෙම වැසිකිළිය සාමාන්‍ය පරිදි පිරිසිදුව තිබුණද සෝදන බේසම (Sink) යට ඉවතලන ද්‍රව්‍ය දැමීමේ පොදු බාල්දියක් පමණක් තිබීම සහ සබන් හිඟවීම දක්නට ලැබුණු බව එම පුවත්පත වාර්තා කරයි. මේ පිළිබඳව විමසීමක් සිදු කළ විට එම කාන්තාව පවසා තිබෙන්නේ පුරුෂයන් නිතරම වැසිකිළිය භාවිතා කිරීම හේතුවෙන් සබන් සියල්ලම ඔවුන්ගේ වැසිකිළිය සඳහා භාවිතා වන බවත් කාන්තාවන්ට සබන් ලබා දෙන්නේ ඔවුන් ඉල්ලන විට බවත්ය.
වෝක්ෂොල් වීදීයේ තිබූ දුඟදකින් තොර සහ සාමාන්‍ය පරිදි පිරිසිදු වැසිකිළියක් සෝදිසි කිරීමේදී පුවත්පත් නියෝජිතයන්ට රේණුකාව හමු විය. ඇය 55 හැවිරිදි වියේ පසු වන අතර පසුගිය වසර පුරාවට එහි පිරිසිදු කිරීම් භාරව කටයුතු කර තිබේ. අවට පුද්ගලයන් විසින් එම වැසිකිළය භාවිතා කරන බවත් සෑම තැනැත්තෙකුම එය භාවිතා කිරීමෙන් පසුව ඇය එය පරීක්ෂා කරන බවත් සෑම දිනකටම වරක් ඇගේ අධ්‍යක්ෂකවරුන්ද එය පරීක්ෂා කරන බවත් ඇය සඳහන් කර තිබේ. පිරිමි වැසිකිළිය භාරව වසර 5කට වැඩි ප්‍රමණයක් කටයුතු කර තිබෙන 52 හැවිරිදි පුද්ගලයා පවසා තිබෙන්නේ ඔහුට වැසිකිළිය පිරිසිදු කිරීම සඳහා වෙනමම තැනැත්තෙකු සිටින බවය. එම තැනැත්තාට දෙන ලද කාලසටහනකට අනුව නිතිපතා වැසිකිළිය පිරිසිදු කරන බවත් අධ්‍යක්ෂකවරුන් දිනකට දෙවතාවක් හෝ තුන්වතාවක් වැසිකිළිය පරීක්ෂා කිරීමට පැමිණෙන බවත් එම පුද්ගලයා සඳහන් කළේය. කාන්තා සහ පිරිමි යන වැසිකිළි දෙකෙන්ම එක් වතාවක් භාවිතා කිරීම සඳහා රුපියල් 10ක මුදලක් ලබාගැනේ.
ඩෑම් වීදියේ කාන්තා සහ පිරිමි වැසිකිළිවල දොරටුපාලිකා ලෙස කටයුතු කරන වයස්ගත කාන්තාවක් ප්‍රකාශ කළේ ඇය දිනකට පස් වතාවක් පිරිමි වැසිකිළිය පිරිසිදු කරන බවත් කාන්තා වැසිකිළිය භාවිතා කරන සෑම අවස්ථාවකින්ම පසුව පිරිසිදු කරන බවත්ය. රාත්‍රී 8වන තෙක් එම වැසිකිළිය විවෘතව පවතින අතර සෑම දිනකටම තුන් වතාවක් හෝ හතර වතාවක් අධ්‍යක්ෂකවරුන් විසින් එය පරීක්ෂා කරන බව ඇය සඳහන් කර තිබේ. කාන්තා කොටසේ සබන් නොතිබූ බව පුවත්පත් නියෝජිතයන්ගේ අවධානයට ලක් වූ විට ඒ පිළිබඳව කළ විමසීමකට පිළිතුරු වශයෙන් ඇය පවසා ඇත්තේ දිනක් ඇතුළත සබන් කැටය මාරු කර අලුත් එකක් තබන බවය.
විහාර මහ දේවි උද්‍යානය සහ ගාලු මුවදොර
විහාර මහ දේවි උද්‍යානයේ පොදු වැසිකිළිය මෑතකදී අලුත්වැඩියා කර තිබුණද එය හොඳින් පවත්වාගෙන යෑම පිළිබඳව ගැටලු මතුවන බව වාර්තා වේ. ප්‍රමාණයට වඩා භාවිතා කළ වැසිකිළි ආසන, සබන් හෝ කසළ බඳුන් නොමැති වීම වැනි ගැටලු දක්නට තිබූ බව සඳහන්ය. දරුවන්ගේ වැසිකිළිවල ෆ්ලෂ් කිරීම සඳහා ජලය නොමැති වීම වැනි ගැටලුද තිබේ.
මීට පෙර සඳහන් වූ පොදු වැසිකිළිවල තිබුණා හා සමාන පිරිසිදු කිරීමේ වැඩසටහන් මෙම වැසිකිළිවල නොතිබූ අතර ඒවා පිරිසිදු කරන්නේ අපිරිසිදුභාවයට පත් වූවොත් පමණක් බව සඳහන්ය. ගාලු මුවදොර තිබූ පොදු වැසිකිළිද භාවිතා කිරීම සඳහා රුපියල් 20ක මුදලක් ලබාගත්තද එහි බිත්ති ඉරිතලා තිබීම, විදුලි බුබුළු නිසි පරිදි ක්‍රියාත්මක වී නොතිබීම, දොරවල් සහ ටයිල් කැඩී තිබීම, බිත්ති ශවරය නිසි පරිදි නඩත්තු කර නොතිබීම වැනි ගැටලු දක්නට ලැබී බව වාර්තා වේ. කාන්දු වන පයිප්පවල පොලිතින් ගැට ගසා තිබූ අතර දොරවල්වල අගුල්ද කැඩී ගොස් තිබිණ. මෙහි දොරටුපාලක ලෙස කටයුතු කළ පුද්ගලයා ස්වේච්ඡාවන්ම එම ගොඩනැඟිල්ලේ තිබූ අඩුපාඩු පෙන්වීමට ඉදිරිපත් වී තිබේ. “බිත්ති පමණක් නොව මෙම ගොඩනැඟිල්ලේ සියල්ල කැඩී බිඳී ගොසින්. වයරින් පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඇණහිටියේ මීට මාස තුනකට පෙරයි. නමුත් ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. මුදල් අය කරන්නේ සහ මෙම ගොඩනැඟිල්ල භාරව සිටින්නේ මම නිසා සියලුම දෝෂාරෝපණවලට මම වග කිව යුතු වෙලා. ඒ නිසා අසල තිබෙන මුර ස්ථානයෙන් මම වයර් දෙකක් ඇදලා කාන්තා සහ පිරිමි වැසිකිළි දෙපසට ලයිට් සවි කළා” ඔහු පැවසීය.
මෙම වැසිකිළි නඩත්තු කර තබාගැනීම අපහසු වීමට හේතු විමසූ විට දොරටු පාලක පවසා තිබෙන්නේ මුහුදු සුළං හේතුවෙන් වයර් මල බැඳීම නිසා සෑම මාස 6කට වරක්ම ඒවා අලුත් කළ යුතු බවය. “බොහෝ කාන්තාවන් සනීපාරක්ෂක තුවා කසල බඳුනට නොදමා වැසිකිළි වළට දමනවා. එමනිසා වැසිකිළි වළවල් බරපතළ ලෙස අවහිර වනවා” ඔහු තවදුරටත් පැවසීය. නිතිපතා ගාලු මුවදොර පොදු වැසිකිළිය භාවිතා කරන 40 හැවිරිදි පුද්ගලයෙකු පවසා තිබෙන්නේ නඩත්තු කිරීමේ කාර්ය මණ්ඩලය මෙම වැසිකිළි භාවිතා කිරීම සඳහා ටිකට් ලබා දීමෙන් දිනකට රුපියල් 15,000ත් 20,000ත් අතර මුදලයක් උපයන බවය.
“මෙම වැසිකිළි පිරිසිදු කිරීම පිළිබඳව ඔවුන් සැලකිල්ලක් දක්වනවා නම් ඔවුන් උපයන මුදලින් එය කළ හැකියි. මුල සිටම ඔවුන් නඩත්තු කිරීම මඟහැර තිබෙනවා. ඒ නිසා දැන් මෙම ගොඩනැඟිල්ල දිරාපත් වෙලා. ඊට හේතුව ලෙස ඔවුන් මහජනයාට දොස් තබනවා. මෙම වැසිකිළි ඉදි කර තිබෙන්නේ ස්ථානයට ගැළපෙන අයුරින් නොවේ. වයරින් සහ ලොක් මුහුදු සුළඟ නිසා මල බැඳෙනවා. මුහුදු ජලය ඉහළ යන විට විශාල දියවැල් නිසා මෙම ගොඩනැඟිල්ලද යට වන අවස්ථා තිබෙනවා. මෙම වැසිකිළිය තව ටිකක් ගොඩබිම ප්‍රදේශයට වෙන්න ඉදි කරන්න සහ මල නොබැඳෙන උපාංග භාවිතා කරන් පුළුවන්” එම පුද්ගලයා තවදුරටත් අදහස් දැක්වීය.
මැනිං වෙළඳසැල, ගුණසිංහපුර
මැනිං වෙළඳසැල යනු නගරයේ ජනාකීර්ණම ස්ථාන අතරින් එකක්ය. මෙහි පිහිටි පොදු වැසිකිළිය අසල වෙළඳසැල් විශාල ප්‍රමාණයක්, මධ්‍යම බස් නැවතුම්පොළ සහ පාවෙන වෙළඳපොළ දක්නට ලැබේ. මෙම වැසිකිළිය නිරීක්ෂණය කිරීමේදී එහි නිසි පහසුකම් නොතිබූ බව සඳහන්ය. පිරිසිදු කරන්නන් විසින් එය දිනකට දෙවරක් පිරිසිදු කරන බව පැවසුවද එම ස්ථානයේ දරාගත නොහැකි දුඟදක් හැමූ බවද සඳහන්ය.
මෙම වැසිකිළියට භාවිතා කිරීම සඳහා මුදල් ලබාගන්නා 56 හැවිරිදි පියන්ත මුලින් කටයුතු කර තිබෙන්නේ පිරිසිදු කරන පුද්ගලයෙකු ලෙසය. ඔහු මෙහි වසර 4ක් පුරාවට වැඩ කර තිබේ. පිරිසිදු කරන්නන් තම වගකීම පැහැර හරින බවත් ඔවුන්ගේ අරමුණ මුදල් ලබාගැනීම බවත් ඔහු සඳහන් කරයි. “මුලින්ම අපට භාවිතා කිරීම සඳහා ප්ලාස්ටික් බාල්දි ලැබුණා. ඒත් සමහර පුද්ගලයන් ඒවා රැගෙන යනවා. මං හිතන්නේ අලුත් බාල්දි මිලට ගැනීම මුදල් නාස්ති කිරීමක්. එසේ ලබාගත්තොත් කලින් සිදු වූ දෙයම වෙනවා. එම නිසා මම බාල කෑන් ලබාගෙන ඒවාවලින් බාල්දි පිළියෙළ කළා” ඔහු පැවසීය. මෙම වැසිකිළියේ අගුල් කැඩී ඇති අතර ඒ වෙනුවට වයර් යොදා තිබේ. සෑම කරාමයකම පාහේ කාන්දු වීම් තිබූ අතර ඒවා නිසි පරිදි සකස් නොකර අලුත්වැඩියා කරන්නන් විසින් මුදල් ලබා ගෙන තිබේ. පත් කළ අධ්‍යක්ෂකයන් මෙම ස්ථානය පරීක්ෂා කරන්නේ සතියකට වරක්ය.
“මෙම වැසිකිළිය භාවිතා කරන්නන් බොහෝ විට භාවිතයෙන් පසුව එයට වතුර එකක් ගහන්නේවත් නැහැ. මුලින්ම අපට මිල අධික රිදී පැහැ කරාම තිබුණා. නමුත් එ්වායින් සමහරක් සොරකම් කරලා. ඇතැම් ඒවා නොසැලකිලිමත් භාවිතය හේතුවෙන් බරපතළ ලෙස කැඩී ගිහින්” පියන්ත අදහස් දැක්වීය.
ගුණසිංහපුර පොදු වැසිකිළියේ පිරිමි සහ ගැහැනු යන කොටස් දෙක සඳහාම මුදල් ලබාගැනීම සඳහා කටයුතු කරන්නේ 69 හැවිරිදි ගුණවතීය. වසර හතරක් පුරාවට මෙම කාර්යයයේ නිරත වන ඇය සඳහන් කළේ එම වැසිකිළිය පැය 24 පුරාවට විවෘතව පවතින බවත් අධ්‍යක්ෂකවරුන් දිනකට තුන් හෝ හතරවරක් පැමිණෙන බවත්ය. එම වැසිකිළිය පිරිසිදු කළ 61 හැවිරිදි සෙල්වි පවසා තිබෙන්නේ සෑම දිනකම එම වැසිකිළියට බොහෝ පුද්ගලයන් පැමිණෙන බවත් නිතර එය පිරිසිදු කරන බවත්ය. මෙහි කරාමවල ජලය හෝ සබන් තිබී නොමැතිය. කරාම කැඩී බිඳී ගොස් තිබුණි. මෙම ගැටලු පිළිබඳව ඇය එතරම් සැලකිල්ලක් නොදැක්වූ බවත් ඒ පිළිබඳව ඇසූ ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු දීම මඟ හැර ඇති බවත් වාර්තා වේ.
“අප මෙම ගැටලු පිළිබඳව නිලධාරීන්ව දැනුවත් කළද ඔවුන් ඒවා අලුත්වැඩියා කළද මහජනතාවගේ අවභාවිතය හේතුවෙන් ඒවා නිතරම කැඩී බිඳී යනවා. අපට හැකි උපරිමයෙන් අප මෙය පිරිසිදු කරනවා. එමෙන්ම ඒ සඳහා සපයා තිබෙන ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගන්නවා. මේ පිළිබඳව උසස් නිලධාරීන් සැලකිල්ලක් නොදක්වද්දී අපට ඕනෑවට වඩා සැලකිල්ලක් දක්වන්නට බැහැ. අධ්‍යක්ෂකවරුන් පැමිණෙන අවස්ථාවලදී වැසිකිළිය පිරිසිදුව තිබුණොත් ඔවුන් ඒ පිළිබඳව සෑහීමට පත් වෙනවා. කැඩී බිඳී ගිය දේවල් පිළිබඳව ඔවුන් සලකන්නේ නැහැ” ඒ සෙල්විගේ අදහසය. නිසි පරිදි නඩත්තු හා පිරිසිදු නොකරන මෙැවනි වැසිකිළි බොහෝ ස්ථානවල දක්නට ලැබෙන අතර ඒවා හේතුවෙන් ලෙඩ රෝගද පැතිර යා හැකිය.
(“සිලෝන් ටුඩේ” ඇසුරිනි)
එස්.දහනායක
තොරතුරු නබියා වෆූර් හා එයුනිච් රූත්
ඡායාරූප - සරත් කුමාර