කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙහි නිරෝධායනය වෙමින් සිටි
ඩුබායි සිට පසුගිය මස 10 වෙනිදා මෙරටට පැමිණි මෙම ගර්භනී කාන්තාවට පසුගිය මස 21 වෙනිදා සිදුකළ PCR පරීක්ෂණයකදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණි.
පසුව වෛද්‍යවරුන් විසින් මෙම ගර්භනී කාන්තාව නැගෙනහිර කොළඹ රෝහලේ පිහිටි කොවිඩ් ආසාදිත ගර්භනී කාන්තාවන් සඳහා වෙන් කොට ඇති විශේෂ ඒකකයට යොමු කිරීමට පියවර ගෙන තිබෙයි. මෙම කාන්තාව පසුගිය 23 වෙනිදා එම රෝහලට ඇතුලත් කරනු ලැබ තිබුණි.
කොරෝනා වෛරසය ආසාදනය වී සිටි මෙම කාන්තාවගේ දරු ප්‍රසුතය සාමාන්‍ය නොවන බැවින් පරිසරයට වෛරසය මුදාහැරිම අවම කිරීම සඳහා විශේෂ ආකාරයේ සිසේරියන් ශල්‍යකර්මයක් සිදුකිරීමට වෛද්‍යවරුන් ඇතුළු 35 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් එක්වූ අතර ක්ෂුද්‍ර ජීවි වෛද්‍යවරුන් ද ඊට එක්ව සිටිය බව රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න සඳහන් කළේය.
මෙම ශල්‍යකර්මය මගින් බිහිකළ දරුවා සහ මව මේ වන විට නිරෝගීව සිටින බව වාර්තා විය.
මෙම දරුවාටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න පරික්ෂා කර බැලීම සඳහා දරුවාගේ සාම්පල් PCR පරික්ෂණයන් සඳහා යොමු කොට ඇති අතර තවම ප්‍රතිඵලය නිකුත්ව නැත.