මෙම වසංගත අවස්ථාවේදී ලොව පුරා මිලියන 50කට ආසන්න පිරිසක් මරණයට පත් වූ අතර, ඇමෙරිකානුවන් 675,000කට ජීවිත අහිමි විය. එසේම මේ අවස්ථාවේදී COVID-19 හේතුවෙන් 790,000කට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇති අතර, ඇමෙරිකානුවන් 730,000කට වැඩි පිරිසක් මරණයට පත්ව තිබේ.
විශේෂයෙන්ම මෙවරදී මෙන්ම, 1918දී ව්‍යාප්ත වූ මෙම ඉන්ෆ්ලුවෙන්සා උණ වසංගත අවස්ථාවේදීද එවකට සිටි ඇමෙරිකානු බලධාරීන්ට රට යළිත් විවෘත කරමින් එහි කටයුතු සාමාන්‍ය අතට පත් කරවීම සම්බන්ධයෙන් වන තීරණය ගැනීමේදී දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදු වූ බව පැවසෙයි.
එහිදී මූලිකවම අද මෙන්ම එදාද වසංගත අවස්ථාවේදී එරට පාසල් ආරම්භ කිරීම බලධාරීන්ට අර්බුදයක් බවට පත්ව තිබී ඇත. අද දවසේදී රට තුළ දරුණු වසංගත අවස්ථාවේදී පවා එරට පාසල් යළිත් විවෘත කිරීම සම්බන්ධයෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලධාරින් වෙත සිදු කරන බලපෑම් උදාහරණ ගෙන දක්වමින් මාධ්‍ය මෙම කරණු සඳහන් කරයි.
"ඉතිහාසඥයන්ට අනුව මෙම වසංගත අවස්ථාවේදී බොහෝ ප්‍රධාන නගර සිය පාසල් වසා තිබුණද, නිව්යෝක්, චිකාගෝ සහ නිව්හෙවන් යන නගර ඒවා විවෘත කර තබා ගැනීමක් සිදු කළා. එහිදී නිවෙස්වලට වඩා පාසල් වඩාත් සුරක්ෂිත ස්ථාන ලෙස සැලකීම ප්‍රධානම හේතුවක් වුණා. අද දවසේදී හිතන්නටවත් බැරි විදියට එක් සිසුවෙකු වෙනුවෙන් හෙදියන් වැඩි ප්‍රමාණයක් අනුයුක්ත කිරීමේ අවස්ථාවක්ද පැවතියා.”
විදෙස් මාධ්‍ය පවසන ආකාරයට 1918 වසර වනවිට නිව්යෝක් නුවර පමණක් සිසුන් ලක්ෂ 10කට වඩා වැඩි පිරිසක් සිට ඇත. ඒ අතරින් 75%කට ආසන්න පිරිසක් නවාතැන් ගෙන ඇත්තේ කුලියට ගන්නා ලද නිවෙස්හිය. එම නිවෙස්ද සිසුන්ගෙන් පිරීගිය කිසිඳු සනීපාරක්ෂක තත්ත්වයක් හෝ නොපැවති ස්ථාන ලෙස සැලකෙයි.
"එහෙත් මෙම සිසුන් වෙත පාසල් මගින් වඩාත් පිරිසුදු, ඉතා හොඳ වාතාශ්‍රයක් සහිත පරිසරයක් ලබා දුන්නා. ගුරුවරුන්, හෙදියන් සහ වෛද්‍යවරුන් සෑමවිටම ඔවුන් ගැන සෝදිසියෙන් සිටියා. වරින් වර ඔවුන් පරික්ෂා කළා.”චිකාගෝ නුවර තත්වයද එලෙසින්ම වූ අතර, එහි බලධාරීන්ගේ අදහස වූයේ වසංගතය අවස්ථාවේදී පාසල් දරුවන් එළිමනේ සිටින ආසාදිත වැඩිහිටියන් හා ගැටෙනවාට වඩා පාසල් තුළ ආරක්ෂිතව සිටිය හැකි බවකි.
ඒ සඳහා අවශ්‍ය වන ලෙස පාසල් ගොඩනැගිලි සහ පන්ති කාමර සකස් කරන්නටද ඒවායේ බලධාරීන් ක්‍රියාකර තිබුණි. ඒ අනුව මෙම ක්‍රමවේද යොදා ගනිමින් එම නගරවල එකල පැවැති පාලනයන්, ඉන්ෆ්ලුවෙන්සා වසංගතය අවස්ථාවේදී වුවද සිය නගරවල සාමාන්‍ය කටයුතු මෙන්ම පාසල්ද විවෘත කර තබා ගැනීමට සමත් වූ බව විදෙස් මාධ්‍ය සිහිපත් කර දෙයි.
විශේෂයෙන්ම නිව්යෝක් නගරය තුළ නව කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය ආරම්භ වූ අවස්ථාවේදීම විවිධ සීමා කිරීම් යෙදවුවත් එය පාලනය කරගත නොහැකි වූ බව ඔවුන් සිහිපත් කර කරදෙයි.
මෙම නව කොරෝනා වසංගතය යනු ඉන්ෆ්ලුවෙන්සා රෝගයක් නොවන බවත්, එය 1918 වසරේදී ඇති වූ සැවොම හොඳින් දන්නා රෝගය නොවන බවත් ඔවුන් පවසයි. ඒ අනුව අවස්ථා දෙකම වසංගත වුවත් අද පවතින්නේ එදා පැවැති තත්ත්වය නොවන බවත් ඔවුන්ගේ අදහස වී තිබේ.
විශේෂයෙන්ම තවමත් ලොව බොහෝ පිරිසක් මෙම නව කොරෝනාව යනු කුමක්දැයි අධ්‍යයනය කරමින් සිටින පසුබිමක, COVID-19 සඳහා හේතුවන කාරණා මොනවාද යන්න පිළිබඳව තවදුරටත් විමලිසිමත් වන පසුබිමක සිදු කළ යුතු වඩාත් සුදුසුම දේ පාසල් වසා තැබීම බව මෙම සෞඛ්‍ය විශේෂඥයන් ඇතුළු පිරිස යළි යළිත් අවධාරණය කර සිටියි.