තමන් විසින් මේ දක්වා ගනු ලැබූ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හා සැසඳීයේ දී වෙළෙඳපොළ ණය පොලී අනුපාත පහළ යෑමේ වේගය පිළිබඳ ව සෑහීමට පත් විය නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එබැවින් ඊයේ (19) රැස් වූ මුදල් මණ්ඩලය ඒ පිළිබඳ ව යම් යම් තීරණ ගෙන තිබේ.


ඒ අනුව, ණය කාඩ් පත් සඳහා දැනට පවතින වාර්ෂික පොලී අනුපාතිකය අඩුකිරීමට උපදෙස් දීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එහි උපරිම අගය 18% ක් දක්වා ඒ අනුව අඩුකිරීමට තීරණය කර තිබේ. මේ වන විට සමහර බැංකු ක්‍රෙඩිට් කාඩ් සඳහා 28%ක පොලීයක් අය කරනු ලබයි.

එසේම උගස් සඳහා වාර්ෂික පොලී අනුපාතය 10%ක් විය යුතු බව ද මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.