හිටපු ජනපති මෛත්‍රීට උප අගමැති තනතුරක් කිසිවෙකුත් ඉල්ලා නැති බවත් එය මාධ්‍යවේදීන්ගේ නිර්මාණයක් බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.



ලක්සල ආයතනයේ ඊයේ (25) කළ සංචාරකයින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
පසුගියදා ලබාදුන් ඇමති තනතුරු අතර මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනපතිවරයා ශ්‍රීලනිපයෙන් පැමිණි අයෙකු වුවත්  ඇමති තනතුරක් ලබානොදීම මත මෙම ප්‍රශ්න කිරීම සිදුව තිබේ.
මේ වනවිට රජයේ ඇමතිවරුන්ද පවසා ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන දිගටම මන්ත්‍රීවරයෙකු ලෙස පමණක් කටයුතු කරනු ඇති බවකි.

දේශීය හස්ත කර්මාන්තකරුවන්ගේ ගැටලු සොයා බලා ඊට විසදුම් ලබාදෙන බව ද බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙහිදී පැවසුවේය.