එම සත්වෝද්‍යානය සම්බන්ධයෙන් වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ද ලබා දිය යුතු බැවින් එය කඩිනමින් තමාට ලබා දෙන්නැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම් එස්. හෙටිටිආරච්චි මහතාට දැනුම් දී ඇත.
ඊට අමතරව ඉදිරි අයවැයට අදාළව යෝජනා ඉදිරිපත් කරන ලෙස ද ඇමැතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටි.
දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දල කහපොළ ප්‍රදේශයට ගෙන යාම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනාව කෙරෙහිද මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට යොමු වී ඇත.
අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ සතුන් කූඩු කර නැරඹීමේ ක්‍රමවේදය වර්තමානයේ දී යල් පැන ගිය ක්‍රමවේදයක් බැවින්, සත්වෝද්‍යානය නවීන ලෝකයට ගැළපෙන පරිදි සැකසීම අත්‍යවශ්‍ය බවය. එසේ වුවද එම නව ක්‍රමවේදයක් සැකසීම සත්ව හිංසනයක් සිදු නොවන ආකාරයෙන් එය සිදු කළ යුතු බවද අමාත්‍යවරයා එහිදී නිලධාරීන් හමුවේ කියා සිටියේය.
දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ගේ කෑම බීම හා වෙනත් අවශ්‍යතා සපුරාලීම සඳහා මාසිකව රුපියල් මිලියන 40 කට ආසන්න මුදලක් වැය වන බවත්, සේවක වැටුප් අතිකාල ගෙවීම් සඳහා රුපියල් මිලියන 06 ක මුදලක් වැය වන බවත් මෙම සාකච්ඡාවේ දී අනාවරණය වූ බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
- තිළිණි ද සිල්වා -