දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමට හේතුව කෙරවලපිටිය ග්‍රීඩ් උප පොළේ සේවකයෙකුගේ අත්වැරදීමක් බව සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව කළ විමර්ශන වාර්තාවෙන් පෙන්නාදී තිබේ.
විදුලිබල අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ ග්‍රීඩ් උප පොළේ ඇතිවූ බිඳ වැටීම නොරොච්චොලේ බලාගාරයට බලපෑ හේතුවෙන් පද්ධතියේ සමතුලිතතාවය බිඳ වැටීම හමුවේ, මෙම තත්ත්වය ඇතිවූ බවය.
එවැනි සිද්ධියක් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග ද අදාළ වාර්තාවේ සඳහන් කර ඇත.
දිවයින පුරා විදුලිය බිඳ වැටීම පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතය.
විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් ගේ සභාපතිත්වයෙන් යුත් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් මෙම වාර්තාව සකස් කරන ලද අතර විදුලි බිඳ වැටීම සිදු වූ දිනට පසුදින ම මෙම කමිටුව රැස් වී ඊට අදාල හේතු සොයා බලද්දී ඇමති ඩලස් අලහප්පෙරුම කියා සිටියේ තමන් වගකිවයුතුනම් තම ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.
නමුත් දැන් සේවකයා පිට වරද පටවා ඇති නිසා ඇමතිවරයාට ඉල්ලා අස්වීමට හේතුවක් නැත.
ඇමති ඩලස් මින් ඉහත කියා සිටියේ තමාට විදුලි බල අමාත්‍ය ධූරය ලබාදුන්නත් තමා දන්නේ නිවසේ මේන් ස්විච් එක ගැන සහ ට්‍රිප් ස්විච් එක ගැන පමණක් බවය.