ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ශාඛාවන් රටේ දුෂ්කර පළාත්වල ආරම්භ  කිරීමට අවශ්‍ය වන ප්‍රතිපත්තිමය කරුණු හා උපාය මාර්ගික කරුණු ඇතුළත් වාර්තාවක් ඉක්මනින් ලබාදෙන්නැයි නිපුණතා
සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාතැයි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය එම ආයතනයේ නිලධාරින්ට උපදෙස් දී  එම ආයතනයට ඇති ඉල්ලුම් වැඩි කරමින් රටේ දුෂ්කර පළාත්වලට එය ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙම වාර්තාව ලබා ගත්තා බව ද ඇය පවසා ඇත.


අමාත්‍යවරිය මේ වාර්තාව ඉල්ලා ඇත්තේ  පසුගියදා එම ආයතනයේ කළ නිරික්ෂණ වාර්තාවකින් පසුවය. පාසල් අධ්‍යාපනයේ බැහැර වන නිපුණතාවක්  නොමැතිව සමාජගත වන තරුණ පිරිස ආකර්ශනය කරගත හැක්කේ මෙවැනි ආයතනවලින් යැයි ද  අදහස් දක්වමින් ඇය කියා සිටියාය.


-විනීතා.එම්.ගමගේ-