සුගිය සතිඅන්තයේ උතුරු තායිවානයේ හින්චු නගරයේ සරුංගල් පියාසර කිරීමේ උත්සවයකදී 3 හැවිරිදි දැරියක අහසට ගසාගෙන යාමේ සිදුවීම ඇතුළත් වීඩියෝ අද දිනයේ සමාජ මාධ්‍ය තුළ හුවමාරුවී තිබේ.
මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ පා ඇත්තේ ලින් නමැති දැරියකි. දෙමාපියන් සමග සරුංගල උත්සවය නරඹන්නට ගිය ඇය
විශාල වල්ගය සහිත සරුංගලයක් ඉහළට නංවන අවස්ථාවක එම වල්ගය කෙළවර අල්ලා සිටීම නිසා මෙලෙස ගසාගෙන ගොස් තිබුණි.

ඉහළ අහසේ මීටර 100 ක් පමණ ඉහළට ඇය සරුංගලය සමග ඇමිණී සිටි අතර වාසනාවකට ඇය එය දිගටම අල්ලා සිටි අතර සරුංගලය යැවූ අය එය ඉක්මනින් පහතට ගන්නට ක්‍රියා කළෙන් ඇයගේ දිවිය නිරුපද්‍රිතව බේරාගන්නට හැකි විය.
දරුවා ගේ අන්තරාය නරඹන්නන්ගේ භීතියට හා කෑගැසීමට හේතුවිය. තත්පර 30 ක් පමණ ඉහළ අහසේ සිටි ඇය බිමට පැමිණි වහාම ප්‍රථමාධාර ලබාදෙන ලදි. ඇයගේ බෙල්ල සහ මුහුණ වටා සීරීම් ඇති වූ බව හින්චු නගරාධිපති ලින් චි-චියන් දන්වා තිබේ. ඇය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා රෝහලකට ඇතුළත් කළ බවද ඔහු පැවසීය.
මෙම සිදුවීම නිසා එදින සරුංගල් තරගය අත්හිටුවීමටද සංවිධායකයින් කටයුතු කළ බව වාර්තා විය.
අදාළ වීඩියෝව පහතින්