නව රජය පිහිටුවීම හා ඉදිරි කටයුතු පිළිබඳව පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේදී පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අදහස් පළ කරමින් නව රජය 2/3 සීමාව මේ වනවිටත් තහවුරු කරගෙන ඇතැයි කීය.



ප්‍රශ්නය,


    දැන් ඔබතුමාලට තියෙන්නේ ආසන 145 යි. තුනෙන් දෙකක් ගන්න අවම වශයෙන් තව ආසන 5ක් ඕනේ ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා,

    වෙන පක්ෂ වෙන ලාංඡනවලින් ඉල්ලුවා. උදාහරණයක් විදිහට ඩග්ලස් දේවානන්දාගේ පක්ෂය ආසන 2 ක් තියෙනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසනයක් ලැබුණා යාපනයෙන්. අතාවුල්ලා, එතකොට පිල්ලයාන් ඉතින් ඒවා අප සමග වැඩ කරන පක්ෂ. ඒ නිසා අලුත් පාර්ලිමේන්තුවට 150 ට වඩා ආසන අපේ පක්ෂය තුළ තියෙනවා.