අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර මහතා සඳහන් කළේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ එම පියවර ගන්නා බවයි.
මීට අමතරව පාසල්වල උපදේශන ක්‍රියාවලිය අනිවාර්ය කිරිමට ද නියමිතය.
දරුවන් අතර පවතින විවිධ මානසික හා සමාජ ගැටලුවලට මේ තුළින් විසඳුම් ලබා දීමට නියමිතය.
මේ අතර 9 වැනි ශ්‍රේණිය සමත්වන සෑම දරුවෙකුටම අනිවාර්ය අධ්‍යාපන කාලය අවසන් කළ බවට සහතිකයක් ද නිකුත් කරන බව ලේකම්වරයා ප්‍රකාශ කළේය.