උපදෙස් දුන්නේය. එමෙන්ම අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගැනීමේ දී සෑම ග්‍රාම සේවා වසමකම දරිද්‍රතාවයෙන් ඉහළම පිරිස් තෝරා ගැනීමට පියවර ගත යුතු යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රජය මඟින් ලබාදෙන රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහනේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (17) දහවල් පැවති සාකච්ඡාවකදීය.
අඩු ආදායම්ලාභී රැකියා ලක්ෂය සඳහා තෝරා ගැනෙන අය වෘත්තීන් 24ක ඇති පුරප්පාඩු සඳහා යොමු කෙරෙන අතර ඔවුනට පුහුණුව ලබාදීම ආධුනික මණ්ඩලය මඟින් සිදු කෙරෙන බව මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කෙරිණි.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාතයාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ අධ්‍යක්‍ෂ ජනරාල් නන්ද මල්ලවආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.