ශ්‍රී ලාංකේය රූපවාහිනී නිවේදන කලාවේ අග රැජිණ ගාව මං ඉන්නේ ඉදුනිල් දිසානායක.අක්කා දැන් ඔයාට ඔයාවම හදුන්වා දෙන්න වෙන්නේ ලැජ්ජ නොවී.මේකෙ ඇත්ත පැත්ත.
ජිවිතේ ඉතාම සුන්දර දවසක් අද ඇත්ත ගැන කතා කරද්දී
හදවතට අවංකව ඇත්ත ගැන කතා කරන්න මම සුදානමින් සිටිනවා .මගෙත්,ඔබෙත්,ආදරණීය හරින්ද්‍රයි,,මමයි අද ඔබත් එක්ක.

ඉදුනිල් දිසානායක සමඟ ඇත්ත පැත්ත කරන්නේ කියලත් කියන්න.
ලැජ්ජයි.
ලැජ්ජ වෙන්න එපා කවදාවත් තමන්ගෙ නමක් කියලා තමන්ම නිවේදනය කරන්න ඉඩක් ලැබෙන් නෑනේ?
ඉදුනිල් දිසානායක සමඟ කතා බහ කරද්දි..අනේ මං දන් නෑ .
මං ඇත්තමයි අක්කා දස දහස් දෙනා ඉදිරියේ නිවේදනය කරනවා.කවදාවත් කම්පනයට ,සබකෝලයට පත් වෙන් නෑ.
අද වුනා.ඔයා අද මාව පත් කලා.මොකද මගෙ ජිවිතේ කවදාවත් මං මේ වගේ අවස්ථාවකට මූණ දීලා නෑ.කොහොමද මං මං ගැන වර්ණනා කරන්නේ.මොකද ඔයා ලස්සනට හැඩ වැඩ දාලා කියද්දි මට හාතෙනවා මං ඉන්නේ බිංදුවේ කියලා.
නෑ නෑ මොන පිස්සුද අක්කගෙන් ගත්ත දේවල් අපි.හැමතැනකම හැමතැනදිම, දැන් අපි යමු 1980ට මේ ඉන්නේ 1980 ශ්‍රී ලංකා රූ රැජිණක්  7ට තේරි පත් වූ සුන්දර එකල තරුණියක්.ෆෝටෝස් නැද්ද මොකවත්?
ඒ දවස් වල ඒ පින්තූර ගැන නෙමෙයි එච්චර උවමනාව තිබ්බේ.නමුත් ඒ දවස් වල මිස් ශ්‍රී ලංකා වුන් නෑ.අවසන් 7දෙනාට ආවේ.
එතනදි ගත්ත එක ෆෝටෝ එකක්,එක ආර්ටිකල් එකක් නැද්ද?
නෑ, රෝසි සේනානායක තමා මිස් ශ්‍රී ලංකා වුනේ.එයා ගාව ඇති තියෙනවද දන් නෑ.
දැන් අක්කා මිස් ශ්‍රී ලංකා වෙනකොට ඉදුනිල් දිසානායක නෙමෙයි නේද?
ඉදුනිල් කොටිගල පෙරේරා .80 මිස් ශ්‍රී ලංකා වෙනවා ඉදුනිල් පෙරේරා විදියට?
80 අග වෙද්දි දිසානායක වුනා.මිස් ශ්‍රී ලංකා වෙච්ච නිසා මිසිස් දිසානායක වෙන්න හිතුවද?
නෑ නෑ මිසිස් දිසානායක වෙන්න අ.7ක් පෙරුම් පිරුවා.
තරඟ තිබ්බේ කොයි කාලෙද?
80මයි.ඒ තිබ්බේ අගෝස්තු ටෙලිවිෂන් එකට ට්‍රේනින්ග් තිබ්බේ සැප්තැම්බර්.එතකොට මුලින්ම තිරයේ පෙනී හිටියේ 81 මාර්තු 23.එතකොට විවාහ වෙලා 80 දෙසැම්බර් 19 විවාහ වුනා.
දැන් මිස්  ශ්‍රී ලංකා වුනාම සිංහල අමාරුයි.ඉදුනිල් වගේ නමක් ඉදුනිල්ස් වෙනවා,කොට ගවුම ඇදලා එහෙම ඉදුනිල් අපි දැකලා නෑනේ?
එහෙම කරන්න වෙලාවක් තිබ්බේ නෑ.වැඩ මොකද ඒ කාලේ සියල්ල තීරණය වෙලා මිස් ශ්‍රී ලංකා වුනත් යන්න හේතුව චූලා නානායක්කාර මහත්මිය තමයි මාව ඇන්දුවේ .මගේ වෙඩින් එකට ලෑසුති වෙන්න ගියා .එයා තමා ඇයි ඔයා යන් නැත්තේ කියලා අහලා,ඉතිං මන්   bf ගෙන් අහලා,එයා කමක් නෑ කිව්වා.ඒ ඇදුම් නිර්මාණය කරන්න ගිහින් තමා ඔය ඇදුම් නිර්මාණය වුනේ.නැත්තම් ඉදුනිල් දිසානායක කෙනෙක් අහන්නවත් දකින්නවත් නෑ.
අම්මයි ,තාත්තයි මොකද කලේ?
අම්මා ගුරුවරියක් ඊටපස්සේ නියෝජන අධ්‍යාපන අධ්‍යක්ෂවරියක් වුනා රිටර්ය වෙනකොට. තාත්තා ව්‍යාපාර ක්ෂේත්‍රයේ.
ඉදුනිල් දිසානායක වෙන්න ශාන්ත දිසානායක නිසානේ.කොහොමද අයියව හම්බුනේ?
මගේ නෑයෝ.
අක්කා කල වැඩසටහන් අතරින් අතිශය ජනප්‍රීය වුනේ මදුර සාගර මොන අවුරුද්දෙද?

83
ඒකෙ ඡායාරූප තියෙනවා.මම මුලින්ම කලේ සිව්දිගින් කියන වැඩසටහන .ප්‍රථම සිංහල වැඩසටහන මාර්තු 21 සුමන වෙල්ලම් මහත්මිය කලා 23 මම .ඒකත් ලෝකයෙ තියෙනවා ඒවා එකතු කරලා ප්‍රෙසන්ටේෂන් එක වගේ කරනවා අනවුස් කරනවා.
එතකොට ලංකාව ස්වාධීන රූපවාහිනීයේ සිංහල ප්‍රවෘත්ති නෑ.සිව් දිගින් තමා ප්‍රවෘත්ති වල ආකෘතිය ලෙස දකින්න ලැබු වැඩසටහන.
ඔව් සඟරාමය වැඩසටහන .
ඊටපස්සේ ?
ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති කලා.පලමු කණ්ඩායම 82 අපි  ඔක්කොම ජාතික රූපවාහිනි ගියා.
ඒකෙන් පලමුවන ප්‍රවෘත්ති කණ්ඩායම එක් සමාජිකාවක් අක්කා.හැම ඉතිහාසය කතාවම නම ලියවෙනවා.
1983 මදුර ප්‍රසංග පටන් ගත්තේ.ලංකාවේ පලවෙනි සංගීත වැඩසටහන.
ඕනම නිවේදිකාවක් නිවේදකයෙක් හඩ පාලනය කරමින් ඕනෑම වැඩසටහන් ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා.දැන් අක්කා මදුර ප්‍රසංග වැඩසටහන් ප්‍රොඩුයුසර් .තප්පර ගානකට අක්කව ස්ටෑන්ඩ්බයි කරනවා.ඊට කලින් මල්ලි මගේ වොයිස් හරිද .ඒවාන් අහන්න නෝමල් ඩවර වෙලා  තප්පර 5කින් නෝමල් මූඩ් එන්න.
කොණ්ඩේ හරි නේද ?
9,8,7,6,5,4,3,2,1
ආයුබෝවන් තවත් සතුටු සිතින් සෙනෙහසින් සෙනෙසුරාදා දවසේ ඔබේ ආදරණීය ගී එකතුව මදු රසාංග ආරම්භ වන මොහොතයි මේ .එන්න අපි එක්ක රස විදින්න ඔබ කැමති ගීත රැසක් ඇත්ද?
හොඳට ගියා අක්කේ.
දැන් ඇති.
අක්කා නිවේදනයට අමතරව මොකටද දක්ෂ?
ගැහැණියක් හැටිය ඕන එකක් උයන්න හොඳට පුළුවන් ,කව්රු ආවත් ඕන කෙනෙක්ට මම උයනවා.
අක්කාගේ හරිම ලස්සනයි.ගේ වටේ රවුමක් යන්ද?
යං මේක මාධව ප්‍රේමරත්නගෙ අදහසක් මාධවගේ සිතුවිලි වල ඇදුන දෙයක් .මීට අ.18කට ඉස්සර මේ කලර්ස් මයි.
අපි ඉන්නේ තලංගම ,උතුර ,දුටු ගැමුණු මාවතේ 421/1.
මේ බඩු මුට්ටු තෝරන්නේ කවුද?
ඒවා මම.අයියා.
මහා පරිමාණ ව්‍යාපාරිකාවක් නේද?
අනේ නෑ
නැත්තේ මොකද එම් .සී එකේ ෂොප් එකක් තියෙනවා.මොනවද අක්කේ ව්‍යාපාර වල තියෙන්නේ?
සාරි.
අක්කා ගාව සාරි කීයක් තියෙනවද?
50,60ක් විතර මං ඇදලා දෙනවා.දෙන්න අකැමැති ඒවා තියෙනවා.
අක්කගේ වෙඩින් ඇල්බම් එක. මෙන්න 81 විවාහ උත්සව ස්වාභාවය .ප්‍රවීණ අය නවීන අය එක්ක තියෙන්නේ දුරස් බවක් .අක්කගෙ එහෙම නෑ.?
මගෙ දරුවන්ටත් වඩා බාල අය මට අක්කා කියනවා.හිනාවෙලා ඉන්න හේතුව අපි ඔක්කොම එකයිනේ.නිවේදක නිවේදිකාවන් කීමට වසර ගාණක් කලාට අපි කරන්නේ ඔක්කොම එකම දේ.සමහර ඒවා දකිද්දි දුකයි .අද කාලේ අතේ ඇගිලි ගාණටත් වඩා අඩුවෙන් ඉන්නේ දන්න කියන පිරිස.හරින්ද්‍ර, නලීන් ඒ වගේ කිව්වම ඕන කෙනෙක් දන්නවනේ .අලුත් පරම්පරාව ඉන්නවා සතියයි දෙකයි.
රසක රසිකාවන් ,ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා අක්කට වුන අමතක නොවන සිදුවීමක් කිව්වොත්?යෝජනා එහෙම?
විවාහ වෙලා ලමයි හම්බෙලා මේ තවත් යෝජනා එනවනේ.ඉතිං කොහෙද ඒ කාලේ කමක් නෑ.මැරි කරලා කියලත් දන්නවා.මං ඉතිං ගෙදර ඇවිත් සේරම කියනවා.
අයියා හරි නිහඬ චරිතයක් ද?
නිහඩ කියන්නේ මෙහෙමයි.මගේ ජිවිතේට එකතු වුනාම තමා මගේ ජිවිතේ වෙනස් වුනේ.ඇත්තටම නමේ අයිතිකාරයා එයානේ.ගෙදරින් සහයෝගය නොලැබුනානම් අද ඉදුනිල් දිසානායක කෙනෙක් නෑ.
දැන් දරුවො ගෙදර නැද්ද?
දරුවො දෙන්නම විවාහ වෙලා ඔස්ට්‍රේලියාවේ ඉන්නේ.ඉගෙන ගන්න ගිහින් එහෙම්ම සෙට්ල් වෙලා.දැන් ඩුවල් සිටිසන් අරන් ඉන්නවා.අපි දෙන්නා විතරයි මෙහෙ.
දැන් අක්කට අයියට මේ මහා ගේ?
ඇත්තටම හිතෙනවා ඇයි මෙච්චර ගෙයක් කියලා.මහගෙදර හිටියේ මම අද  අවු.22ක් නැන්දම්මා එක්ක.යන්න එපා කියලා එයා අපිව තියාගත්තා.ඒ දෙන්නම නැති වුනාම තමා අපි ගෙයක් හැදුවේ.අපිට හිතුනා හදන්න.නැන්දම්මා එක්ක ඔයා අ.22 හිටියා නේද කියලා ඇහුවා නේද.ඒ තරම් හොද නැන්දම්මා කෙනෙක්.මගේ නැන්දා කෙනෙක් ඉන්නවා සිංහල සාහිත්‍ය ගුරුවරියක් මියුරි කියලා එයා කිව්වා කිසිම වෙලාවක නැන්දම්මා එක්ක ප්‍රශ්ණ ඇති කරගන්න එපා අම්මට වගේ සලකන්න කිව්වා.ඒ වගේම අ.22ක් ඒ අම්මට මං පුදුම විදියට සැලකුවා.
ආත්ම තෘප්තිය ජිවිතේ අන්තිමට තියෙන සතුට ,ලොතැරැයි, වැඩසටහන පටන් ගත්තේ?
අවු.30කට කලින් මම තමයි ලොතරැයි ආරම්භක නිවේදිකාව.
ඉතිහාසයක්.මොකක්ද ඒක?
වාසනා චක්‍රය.84 වගේ.
අවු.36ක්.එදා හිටපු අය අදත් ඉන්නවා.ඕනෑම ක්ෂේත්‍රයකට එන්න පහසුයි ඉන්න අමාරුයි.ඉන්න හැකියාව ආයුෂ තියාගෙන ඉන්න අක්කට ආයුෂ ලැබේවා.බොහොම ස්තූතියි අක්කා.
ස්තූතියි නිවැරදි දේ,හරි දේ, හොද දේ, කුමන මාධ්‍යයකින් ,තාක්ෂණයකින් ඉදිරිපත් කරන්නට පුළුවන්නම් අන්න ඔහු ජයග්‍රහකයෙක්.