ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඉල්ලා අස්වීමට අදහස් කරන බව ජපානයේ එන්එච්කේ පුවත් වාර්තා කරයි.
අබේගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (එල්ඩීපී) ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙකු වන හිරෝෂිගේ සේකෝ
මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා පක්ෂ නිලධාරීන්ට ඉල්ලා අස්වීමට අදහස් කර ඇති බව දැන්වූ බවයි.සතියක් තුළ
දෙවතාවක් ටෝකියෝ හි කීඕ විශ්ව විද්‍යාල රෝහලට යාමට අගමැතිවරයාට සිදුවූ අතර සුව කළ නොහැකි  බඩවැල් ආශ්‍රිත රෝගයක් නිසා ඔහුට දිගු කලක් විවේකයෙන් ප්‍රතිකාර ලබාගන්නට දන්වා ඇතැයි සඳහන් වේ.
 අබේ රෝගයෙන් පෙළෙන අතර, 2006 සිට 2007 දක්වා රටේ නායකයා ලෙස පළමු වරට පත්වූ පසුත් ඔහුට ඉල්ලා අස්වීමට සිදුවිය. පසුව ඔහු 2012 දී නැවත අගමැති විය. අනතුරුව වසර 8 කින් ඔහුට මෙසේ සමුගන්නට සිදුව ඇත.
අබේ යනු ජපානයේ වැඩිම කාලයක් සේවය කළ රාජ්‍ය නායකයා ය.