ස්නානය කිරිමේදි ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි නැගීඑන නිරූපිකාවක වන කේෂරී වැලිකලගේ (20) හදිසියේ මියගොස් තිබේ.
මෙම තරුණිය පසුගිය 15 වනදා බොරලැස්ගමුව, තල්ගහවත්ත පාර, සිසිල පටුමගේ සිය සහෝදරියගේ නිවසේදී ස්නානය කර තිබූ අතර, පසුව
ඇතිවූ ශ්වසන ආබාධයක් හේතුවත් ඇයව ප්‍රතිකාර සඳහා වේරහැර කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලට ඇතුලත් කර තිබේ. එම මියගිය තරුණිය ස්නානය කිරීමට පෙර එතැන ස්නානය කළ එකොළොස් හැවිරිදි පාසල් සිසුවකුටද එම තරුණියට මතුවූ අසාත්මිකතා මතුව තිබූ බැවින් දෙදෙනාම රෝහල්ගත කිරිමට ඥාතීන් පියවරගෙන තිබිණි. එස් ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය එදිනම මියගොස් තිබිණි.
ස්නානය කිරිමේදි ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් මියගිය තරුණියගේ මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී පෙරේදා (17දා) සිදු කළ අතර, එහිදී මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබා දෙමින් ඇගේ සිරුරේ කොටස් ස්නානයේදී භාවිත කළ ද්‍රව්‍ය රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමට පියවර ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.
සිරුරේ කොටස් හා ස්නානය කළ නල ජලය, පානය කළ බව පැවසෙන උණු ජල සාම්පල දෙකක් සහ හිසේ හා සිරුරේ ගැල්වූ ආලේපන කිහිපයක් රජයේ පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගැනිණි. තරුණිය ස්නානය කිරීමෙන් පසුව රෝහල්ගත කරන අවස්ථාවේදී කිසියම් රසායන දුගදක්ද තරුණියගේ සිරුරින් වහනය වී ඇති අතර, මරණයෙන් පසු නිවසේ නාන කාමරය පරික්ෂා කිරීමේදී ඒ තුළ යම් දුගදක් වාර්තා වූ බව පොලීසිය පැවසීය.
මෙසේ මියගොස් තිබුණේ බොරලැස්ගමුව, වේරහැර දොළහේනවත්ත පාරේ අංක 370/1 හි පදිංචිව සිටි චමිදුකා වැලිකලගේ කේශරී නමැති 20 හැවිරිදි තරුණියකි.
ඇය නිරූපිකාවක ලෙස ක්ෂෙත්රයේ කැපී පෙනුණ අතර 2018 තරුණ රූප සූන්දරිය ඇතුළු රූප රාජිණී තරග කිහිපයක් ජයග්‍රහණය කර තිබූ බවත් පැවසිණි. ඇය පුවත්පත් කිහිපයකම කවරයේ ඡායාරූප සඳහා පෙනිසිට ඇති බවද පැවසිණි.
රෝගී තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කළ එකොලොස් හැවිරිදි පාසල් සිසුවා මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇති අතර, දරුවාගේ තත්වය සාමාන්‍ය බව පොලීසිය සදහන් කළේය. සිද්ධිය සම්බන්ධයක් බොරලැස්ගමුව පොලීසියේ ස්ථානාධිපති, පොලිස් පරික්ෂක විජේරත්න මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.