පසුගිය කාලයේ ලෝකයේ මහත් ආන්දෝලන ඇති කළ උතුරු කොරියවානු නායක කිම් ජොන් උන් මේ වනවිට කෝමා තත්ත්වයක පසුවන බැවින් ඔහුගේ සොහොයුරිය එරට කටයුතු මෙහෙයවීමට සූදානමක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
උතුරු කොරියානු නායක කිම් ජොං-අන්ගේ සොහොයුරිය වන කිම් යෝ-ජොං එරට අභ්‍යන්තර හා අන්තර්ජාතික කටයුතු මෙහෙයවීමට සූදානම් බවට පුවත් වාර්තා වීමත් සමඟ උතුරු කොරියානු නායකයා පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවිය.


උතුරු කොරියානු නායක කිම් ජොං-අන් කෝමා තත්වයක පසුවන බැවින් ඔහුගේ සොහොයුරිය මෙසේ එම කටයුතු භාර ගැනීමට සූදානම් බව විදෙස් මාධ්‍ය මේ වන විට වාර්ත කර ඇත.

එම ඇතැම් වාර්තාවන් වලට අනුව පසුගිය මාසවල උතුරු කොරියානු නායකයා ප්‍රසිද්ධියේ පෙනී නොසිට පසුව පළකරන ලද ඔහුගේ ඡායාරූප ව්‍යාජ බවද සඳහන් වේ.

මෙම අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් දේශපාලනයට සම්බන්ධ බොහෝ පුද්ගලයන් විවිධ අදහස් දක්වා තිබූ අතර එහිදී වැඩි දෙනෙක් කිම් ජොං-අන්ගේ පාලනය සම්බන්ධයෙන් හා ඔහු තම වගකීම්පවරා ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශයන්ද සිදුකර තිබුණි.

රිෂ්මි ඉෂාරා