ඉඩම මිලදී ගැනීමේ අරමුණින් පුද්ගලයකු සිය මිතුරකු සමඟ එම ඉඩම බැලීම සඳහා ගොස් ඇති අතර, ඉඩමට ඇතුළුවී අවට පරිසරය ගැන පරික්ෂා කරමින් සිටින විට ලිඳක් අසල බාල වයස්කාර දැරිය හා මුරකරු නිරුවතින් සිටින අයුරු දැක ගැනීමෙන් පසු ඔවුන් ඒ පිළිබඳව පොලිසිය වෙත දුරකතනයෙන් දැනුම් දී තිබෙන බව පොලිසිය කීය.
කඹුරුපිටිය පොලිසියේ උප පොලිස් පරික්ෂක සූරසේන මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් පැමිණ සැකකාර මුරකරු අත්අඩංගුවට ගෙන බාල වයස්කාර දැරිය පොලිසිය භාරයට ගෙන ඇත.
ඇයගෙන් ප්‍රශ්න කිරීමේ දී කෙලෙසීමට ලක්ව ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව එම දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා රෝහල් ගතකර ඇත.
55 හැවිරිදි සැකකාර මුරකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් මහතාගේ උපදෙස්මත කඹුරුපිටිය පොලිසියේ ස්ථානාධිපති සරත් සමරවික්‍රම මහතා ඇතුළු නිලධාරිහු මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ මෙහෙයවති.
- ක්‍රිෂාන් ජීවක ජයරුක් -