තුරු පැදියක ගමන් කරමින් සිටි 22 හැවිරිදි තරුණියක අල්ලා බිමට ඇද දමා ගෙල කපා ඇය ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ රැකවරණය
යටතේ හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 21 හැවිරිදි තරුණයා ඊයේ (24) උදේ බ්ලේඩ් තලයකින් ගෙල කපාගෙන තුවාල ලබා ඇති බව මාදම්පේ පොලිසිය කියයි.

තරුණියගේ ගෙල කපා ඝාතනය කළ බව කියන එම තරුණියගේ පෙම්වතා බවට සැලකෙන තරුණයා වස පානය කිරීම නිසා රෝගාතුර වී හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බව මාදම්පේ පොලිසියේ නිලධාරියෙක්  පැවසීය. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුගේ රැකවරණය යටතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර තරුණයා ඊයේ උදේ 7.15 ට පමණ තමන්ට වැසිකිළි යෑමට අවශ්‍ය බව බන්ධනාගාර නිලධාරින්ට දැනුම් දී ඇති අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා සැකකාර තරුණයා වැසිකිළිය තුළට ගොස් ආපසු එන  තෙත් පිටත රැඳී සිට ඇත.

වැසිකිළිය තුළට ගිය සැකකරු එහිදී බ්ලේඩ් තලයකින් ගෙල කපාගෙන ඇති බව එම පොලිස් නිලධාරියා කීය. ඔහුගේ ගෙලේ තුවාලයට ද වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන බව ද රෝහලේ වෛද්‍යවරයෙක් කීය. වස පානය කර දිවි නසා ගැනීමට තැත් කළත් එම උත්සාහය වැළකී ගිය නිසා ඔහු  මෙසේ ගෙල කපාගෙන සිය දිවි නසා ගැනීමට තැත් කර තිබෙන බව පෙනීයන්නේ යැයි පොලිසිය පවසයි.

යතුරු පැදියක ගමන් කරමින් සිටි 22 හැවිරිදි තරුණියක අල්ලා බිමට ඇද දමා ගෙල කපා ඝාතනය කළ බව කියන ඇයගේ පෙම්වතා යැයි පැවසෙන මෙම තරුණයා  21දා අත්අඩංගුවට පත් විය.

මෙසේ ඝාතනය කර ඇත්තේ දුම්මලසූරිය, තල්කටුව ප්‍රදේශයේ පදිංචිව සිටි ගම්ලත් නාඋලගේ සඳුනි නිසංසලා (22) නමැති තරුණියකි. මෙම තරුණිය දුම්මලසූරිය ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ගිණුම් පරික්ෂකවරියක ලෙස සේවය කරමින් සිටියාය. මාස 03 ක පමණ කාලයක සිට තරුණිය සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් මීට මාස එක හමාරකට පමණ ඉහතදී ඇය එම සම්බන්ධතාව අතහැර දමා ඇති බවත් පරික්ෂණ වලින් හෙළිවී ඇත.

සැකකාර තරුණයා ත්‍රිරෝද රථයකින් පැමිණ හතරමන්හන්දියේ විදුලි ට්‍රාන්ස්පෝමරය අසල පෙම්වතිය  එනතෙක් සැගවී සිට තරුණිය ඥාතියකු සමග යතුරු පැදියක නැගී සේවය නිමකර නිවස බලා යමින් සිටි අවස්ථාවේ සැඟව සිට මෙම අපරාධය කර තිබුණි.


-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-