නියෝජ්‍ය හෝ උප අග්‍රාමාත්‍ය ධුරයක් ගැන දැනට ආණ්ඩුව තුළ සාකච්ඡාවක් වී නැතැයි අමාත්‍ය මහාචාර්ය
ජී.එල්.පීරිස් මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අද දහවල් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
කැබිනට් ඇමති ධූරයක් නොලද හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනට නියෝජ්‍ය අගමැති ධූරයක් පිරිනමන්නට නියමිතව ඇතැයි කටකතා තිබුණත් ඒ ගැන ඔහු හෝ ඔහුගේ නිදහස් පක්ෂයේ කිසිවෙකු ස්ථිර කර තවම කිසිවක් ප්‍රකාශ කර නැත.