සුගියදා මහනුවර මගුල් මඩුවේ පැවති අමාත්‍යවරුන් දිවුරුම්දීමටද සහභාගීවූ හිටපු ජනපති හා වත්මන් පොළොන්නරු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන එහිදී දිවුරුම් ප්‍රකාශ කියවූ නමුත් අමාත්‍ය තනතුරක දිවුරුම් දුන්නේ නැත.
පොදු ජන පෙරමුණු සන්ධාන සභාපතිද වන ඔහුට
පාර්ලිමේන්තුවේ මුල්පෙළේ අසුනක් පිරිනමා තිබුණි.


කෙසේ වෙතත් ඔහුට ඇමති ධූරයක් නොලබද්දී ඔහු නියෝජනය කළ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එතරම් විශේෂ නොවන ඇමති ධූර කිහිපයක් පමණක් ලැබී ඇති අතර කිසිදු තනතුරකට පත් නොවූ හිටපු ඇමතිවරුන් සිටින්නේද ශ්‍රීලනිප කණ්ඩායමේය. මේ අතරවාරයේ

‘වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි’ යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන මන්ත්‍රීවරයා තැබූ ෆේස් බුක් සටහනක්ද සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කළේය.

 20 වන සංශෝධනය ඉදිරියේදී සිදුකර ඔහුට නියෝජ්‍ය අගමැති තනතුරක් දෙන්නට යන බවත් ඒ වනතුරු කටපියා සිටින ලෙසත් උපදෙස් ලැබී ඇතැයි වාර්තා පළව තිබේ.

මේ නිසාදෝ ඊයේ පාර්ලිමේන්තු කොරිඩෝරයේ මාධ්‍යවේදීන් මුණුගැසුණ අවස්ථාවේ ඔහු වට කරගෙන කවර තනතුරක් ලැබෙද නියෝජ්‍ය අගමැති කමක් ලැබේද යනාදී ලෙස මාධ්‍ය වේදීන් විමසූ සියලු ප්‍රශ්න නෑසූ කන්ව ඔවුන් තල්ලු කරගෙන ගිය මන්ත්‍රීවරයා වහාම විදුලි සෝපානයට ගොඩවැදුණ අතර එහි වීදුරු කණ්නාඩියෙන් තම හිසේ දෙපස ඉතිරිව තිබෙන කොණ්ඩා සකසා ගන්නා අයුරු වීඩියෝවට නැගිණි.