සම්මා සම්බුදු සේමයි මා වැඩු මගේ අම්මා
නම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මා
අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බැහැ නිම්මා
හැරමිටි වාරුවෙන් යමින් සිටි 72 හැවිරිදි මවට පොල්ලකින් ගසා අතක් කැඩූ පුතා අනතුරුව පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී තම අමාරුකම් දරාගෙන පුතාගේ සුව දුක් විමසීමට එම මව අම්පාර රෝහලේ සිට ඊයේ (24) පෙරවරුවේ උහන පොලිසියට පැමිණි සිදුවීමක් වාර්තා විය.
මවට පහරදුන් සිද්ධිය සම්නේධයෙන්
අධිකරණය හමුවට ඉදිරිපත් කරන තෙක් පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පුතා කෙරෙහි කෝපයකින් තොරව ඇය එහි පැමිණි ආකාරය නොනවතින මව් සෙනෙහස කියාපාන්නකි.
උහන පොලිසියට පැමිණි මවගේ පුතා කඩා දැමූ අතට ලාස්ටරයක් ද දමා තිබූ අතර අත උරහිසේ රැඳවූ පටියකින් එල්ලා ගෙන අමාරුවෙන් ඇය පොලිසියට පැමිණි බව කියැවේ. මව තමාට පහර දුන් පුතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නැයි හැඩු කඳුළින් යුතුව ඉල්ලා සිටි බවද පොලිසිය වාර්තා කර තිබේ.
අම්පාර රෝහලේ දින 03 ක පමණ කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ලැබූ මෙම 72 හැවිරිදි මවගේ කැඩී ගොස් තිබුණු අතට ප්ලාස්ටර් දමා සකස් කිරීමෙන් පසුව ඊයේ රෝහලෙන් ටිකට් කපා ඇත.
ප්ලාස්ටර් දමා තිබූ අත ද එල්ලා ගෙන වේදනාවද දරාගෙන හැරමිටි වාරුවෙන් මෙම වයෝවෘද්ධ මාතාව එදිනම උහන පොලිස් ස්ථානයට පැමිණ පොලිස් සිර මැදිරියේ රඳවා සිටින පුතා බැලීමට පොලිස් නිලධාරින්ගේ අවසර ඉල්ලා ඇති අතර අවසර ලැබීමෙන් පසුව මව හැරමිටි වාරුවෙන් පොලිස් සිර මැදිරිය ළගට ගොස් එහි යකඩ කුරු අල්ලාගෙන හඩාවැටුණු ආකාරය ඉතා දුක්මුසු දසුනක් විය.
'පුතා බීගෙන ඇවිත් ගහලා මගේ අතක් කැඩුව. ඒක ඇත්ත. ඒත් මම පුතා එක්ක තරහක් නැහැ. එදා වගේම මගේ රත්තරන් පුතාට ආදරෙයි. රට ජාතිය වෙනුවෙන් සටන් කරන්න ගිහින් බෝම්බයකට අහු වෙලා කකුලකුත් නැතුව ඉන්න ආබාධිත දරුවා, අනේ මගේ රත්තරන් පුතා උසාවි යවන්න එපා. මට එයාව නිදහස් කරලා දෙන්න යැයි කියමින් වයෝවෘද්ධ මාතාව පොලිස් ස්ථානාධිපති කරුණාරත්න මහතා හමුවේ පිංසෙන්ඩු වී තිබේ.
පහර දී බරපතළ තුවාල සිදු කිරීම නිසා පුතා මුදුහැරීමට නීතියෙන් හැකියාවක් නොමැති බව පොලිස් ස්ථානාධිපතිවරයා මවට කරුණු පැහැදිලි කර දී ඇත.
පුතාගේ පහරදීම රෝහල් පොලිසිය වෙත මුලින් පැමිණිලි කර තිබුනේ මවයි.
බීමතින් පැමිණි බව කියන සැකකාර පුතා හැරමිටි වාරුවෙන් වැසිකිළියට යමින් සිටි තමාට පොල්ලකින් දිගට හරහට පහරදුන් බව කියමින් එම මව කියා තිබුණි. පහර නොදෙන ලෙස මව පුතාගෙන් ඉල්ලා සිටිය ද එය නොතකා පහරදීම සිදුකර ඇති බවත් ඉන් නොනැවතුණ සැකකරු සිය වයෝවෘද්ධ මවගේ හිස කිහිපවරක්ම බිත්තියේ ගසා ඇති බවත් පොලිසිය සඳහන් කර තිබුණි.
සැකකරු අධිකරණයහමුවට ඊයේ ඉදිරිපත් කිරිමෙන් පසුව එහි අතිරේක මහේස්ත්‍රාත් සී.ජේ. හංසදේව සමරදිවාකර මහතා ඔහු ලබන මස 07 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කළ බව ද පොලිසිය පවසයි.
පුතු බන්ධනාගාරයට රැගෙන යද්දීත් මව කණගාටුවෙන් යුතුව බලා සිටි බව කියැවේ.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණේ යුද හමුදාවේ විශ්‍රාමික සාජන් මේජර්වරයෙකි.
කොටින් අටවා තිබූ බෝම්බයකට 2006 වසරේ අසුවීමෙන් දණ හිසෙන් පහළ එක් පාදයක් අහිමි වීම නිසා ඔහු කෘතීම පාදයක් පැළඳ සිටින බව පොලිසිය කියයි.
තොරතුරු- ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය