ඊයෙ ගල්කිස්ස වෙරළට යාබද මුහුදේ දියනාමින් සිටි පුද්ගලයින් දෙන්නෙකු අතුරුදන්වීමේ සිදුවීමක්
වාර්තාවේ.
ඊයේ (23 වන දින) සවස 4.30ට පමණ ගල්කිස්ස පොලිස් වසමේ ගල්කිස්ස වෙරළ තීරය වෙත පැමිණ දියනාමින් සිටි පූඩළුඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 07 දෙනෙකුගෙන් යුතු තරුණ පිරිසක් දිය රළට හසුවී ගසාගෙන ගොස් තිබේ.
ඉන් 05 දෙනෙකු ගල්කිස්ස පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය මගින් බේරාගෙන ඇත.

නමුත් ඉතිරි දෙන්නා සොයාගන්නට බැරිව ඇති අතර ඔවුන් දියේ ගිළි මියයන්නට ඇතැයි සැක කෙරේ.
අතුරුදහන්වූ පුද්ගලයින් දෙදෙනා අවුරු 18 හා 19 වයසේ පසුවන තරුණයින් දෙදෙනෙකි. මොවුන් මේවන තෙක් හමු වී නොමැති අතර ගල්කිස්ස පොලිසිය ඔවුන් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරයි.