ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කොළඹ,ටොරිංටන්හී පිහිටි ක්‍රීඩක නේවාසිකාගාර වල පවතින අඩුපාඩු හා ගැටළු සොයා බැලීමට ඊයේ (21) උදෑසන හදිසියේම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැමිණියා. ක්‍රීඩක
නේවාසිකාගාරයේ අඩුපාඩු රැසක් දුටු ඇමතිවරයා කඩිනමින් මෙම අඩුපාඩු සකස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරින්ට දැනුම් දුන්නා. ක්‍රීඩකයින් පුහුණුවීම කර, මහන්සි වී පැමිණ නිදාගැනීමට භාවිත කරන ඇදන් දැඩි අබලන් තත්ත්වය පැවති අනෙකුත් පහසුකම් වලද තත්ත්වය එසේම විය.