නැවත දැනුම්දෙන තුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම අත්හිටුවා තිබෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කර තිබේ.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශවලට යටත්ව, මෙම තීරණය ගෙන ඇති බව දැක්වේ.
පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කෙරෙන දිනය සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඉදිරියේ දී දැනුම් දෙනු ඇතැයිද සටහන් කර තිබේ.