2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 වසරේ ජනවාරි 18 දා සිට ජනවාරි 28 දා දක්වා පැවැත්වීමට යෝජනා වී තිබේ.



කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලන කිරීමේ ක්‍රියාමර්ග හේතවෙන් මේ වසරේ දෙසැම්බර් මාසයේදී
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට බාධා  එල්ල වී තිබේ.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේදී ඉහත තීරණය ගෙන තිබේ.

මේ වසරේ තුන්වැනි පාසල් වාරයේ නිවාඩුව දෙසැම්බර් 24 දා ආරම්භ කිරීමට යෝජනා වී ඇති 2021
වසරේ පළමු වාරයේ අධ්‍යාපන කටයුතු ජනවාරි 04 දා ආරම්භ වීමට නියමිතව තිබේ.