සැප්තැම්බර් 01 වනදා සිට 2020 වර්ෂයට අදාල අයවැය සම්මත වන තුරු කාලය සඳහා රුපියල්


බිලියන 1300 කට නොවැඩි මුදලක් වියදම් සඳහා දැරීමට අනුමැතිය ඉල්ලා සිටිමින් රජය විසින් ඉදිරිපත්
කර ඇති, අතුරු සම්මත ගිණුම අද (27) සහ හෙට (28) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ.

එමෙන්ම දේශීය භාණ්ඩාගාර බිල්පත් අඥා පනතේ 2 (1) වගන්තියට අනුව රුපියල් බිලියන 750 කට
නොවැඩි මුදලක් භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හරහා ණයට ගැනීම සඳහා වන යෝජනාව ද විවාදයට
ගැනෙනු ඇත.