බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්ම මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන මධුසංඛ සිල්වා නොහොත් “පොඩි ලැසී” යන අයගේ “මව” සහ ඔහුගේ ප්‍රධාන ගෝලයකු වන “නීල්” නමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ, ඇතැයි පොලිස්
මූලස්ථානය ඊයේ (25) සඳහන් කළේය. “පොඩි ලැසී” නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා වත “නීල්" නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 12ක්, ටී 56 ගිනි අවි 02ක් මිලිමීටර් 8 වර්ගයේ පිස්තෝල අවි දෙකක් ඇතුළු ආයුධ තොගයක් සමග රත්ගම, කන්දේගොඩ ප්‍රදේශයේ දී බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
එසේම, "පොඩී ලැසී" නැමැත්තාගේ මව වන තෙල්වත්තේ පදිංචි අප්පුවාහන්දිගේ දිල්ෂානි තනෝජා (50) නමැත්තිය අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් පෙරේදා (24) දිනයේ බව ද පොලිස් මූලස්ථානය කියයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හෙරොයින් විකුණු බව කියන සිද්ධියට අදාළව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරින්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිකරගත් තොරතුරු මත රත්ගම, කන්දේගොඩ ප්‍රදේශයේ ඉඩමක සගවා තිබියදී සැකකරු සහ ආයුධ තොගය ඊයේ (25) අත්අඩංගුවට ගත් බව ද එම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව හෙරොයින් කිලෝග්‍රෑම් 12ක්, ටී 56 ගිනි අවි දෙකක්, ඒවාගේ ජීව පතුරම් 82ක්, මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල අවි දෙකක් සහ ඒවායේ ජීව උණ්ඩ 39ක් මෙසේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා සිටින සැකකාර නාකොටික් නිලධාරිගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිකරගත් තොරතුරුවලට අනුව පෙරේදා (24) පෙරවරුවේ සිට ගාල්ල රත්ගම කන්දේගොඩ ප්‍රදේශයේ මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමකි. ඒ අනුව ගාල්ල, තෙල්වත්ත ප්‍රදේශයේ දී කළ සෝදිසි මෙහෙයුමකදී අනාවරණය කර ගත් තොරතුරු අනුව ගාල්ල, රත්ගම, කන්දේගොඩ ප්‍රදේශයෙන් මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතුළු අවී ආයුධ තොගය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. එසේම, පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සඟවා ඇති හෙරොයින් සහ ගිනි අවි සොයා ගාල්ල, රත්ගම, කන්දේගොඩ ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බවද පොලිසිය කියයි.
පොලිස් මන්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරින් සම්බන්ධ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන "උදාර සම්පත්" නැමැත්තා බවත් මොහු "පොඩි ලැසී" නැමැත්තාගේ ඥාති සහෝදරයකු වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ඉකුත් 18 වැනිදා ප්‍රකාශ කර තිබිණ. ඒ අනුව ගාල්ල, රත්ගම, කන්දේගොඩ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සැකකාර නාකොටික් නිලධාරීන් විසින් පොඩි ලැසී නමැත්තා වෙත විකුණන ලද ඒවා බවට සැකකරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම, පොඩි ලැසී නමැත්තාගේ මව, තම පුත්‍රයා මත්ද්‍රව්‍ය ජාලයෙන් උපයාගන්නා ලද රුපියල් කෝටි ගණනක මුදල් කළමනාකරණය කර ඇති බවත්, ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී ජංගම දුරකතන 05ක් සහ මත්ද්‍රව්‍ය ඡාචාරමට අදාළ බැංකු පොතක්ද අත්අඩංගුවට ගෙන තිබූ බවත් පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි. මෙම තැනැත්තිය වසර එකහමාරකට අධික කාලයක් ඇය පදිංචි ගාල්ල, තෙල්වත්ත ප්‍රදේශයෙන් අතුරුදන්ව සිට ඇති අතර, බස්නාහිර උතුර අපරාධ කොටිඨාසයට ලද තොරතුරකට අනුව පන්නිපිටිය, මායා මාවතේ 3 වන පටුමගේ නිවසක සැගවී සිටියදී පෙරේදා (24) සවස 4.00ට පමණ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය. සැකකාරිය පොඩි ලැසි නමැත්තාගේ බිරිඳ හා දරුවා සමග මීට මාස 7කට පමණ ඉහත නිවසේ රහසිගතව පදිංචිව සිට ඇති බවද එම උසස් නිලධාරියා කීය. පොඩි ලැසී නමැත්තා තම බිරිඳට සහ මවට රහසිගතව සැඟවී සිටීම සඳහා මීට වසර එක හමාරකට පමණ පෙර රුපියල් කෝටි එකහමාරක මුදලකට පමණ මෙම නිවස මිලදී ගෙන ඇති බවත් ඔහු මෙම නිවස මිලදී ගැනීමට මුදල් දීම ඇතුළු සියලු ගනුදෙනු කටයුතු සිදුකර ඇත්තේ බන්ධනාගාරයේ සිට වීඩියෝ ඇමැතුම් හරහා බවත් පොලිසිය පවසයි.
මෙම සැකකාරිය මෙම නිවසේ සිට පොඩි ලැසී නමැත්තාගේ මත්කුඩු ජාවාරම සහ ඒ මගින් උපයාගත් මුදල් කළමනාකරණ කටයුතු සිදුකර ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි. ඇයගේ නමින් ගිණුමක් නොමැති වුවද ඇය වෙනත් අයගේ නම් වලින් ගිණුම් ආරම්භ කරගෙන මෙම මුදල් කළමනාකරණ කටයුතු සිදුකර ඇති බවත් එම ගිණුම්වල රුපියල් කෝටි 30-40ක් පමණ මුදලක් ඇති බවට සැකකරන බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාරිය සතුව රුපියල් 50,000කට අධික මුදලක් තිබී ඇත. සැකකාරිය ප්‍රදේශයේ පෙනීසිට ඇත්තේ සැමියා විදේශගතව සිටින ධනවත් කාන්තාවක වශයෙන් බවද පොලිසිය පවසයි. සැකකාරිය මුදල් කළමනාකරණ කළ අන්සතු ගිණුම් කිහිපයක තොරතුරු හෙළිවී ඇති අතර ඒවා හඳුනාගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.