
විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය බිඳ වැටීම සිදුව ඇත.
දැනට දිවයින පුරා වාර්තා වන විදුලිය බිඳ වැටීම යළි යථාවත් කිරීම සඳහා පැය දෙකක කාලයක් ගතවෙනු ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියේය.
අමාත්‍යවරයා සඳහන් කළේ නොරෝච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ සිදුවූ හදිසි බිඳ වැටීම යථාවත් කිරිම සඳහා විදුලිබල ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පින් යුහුසුළුව කටයුතු කරමින් සිටින බවයි.