මාසිකව රුපියල් ලක්ෂ 80 ක කුලියක් ගෙවමින් කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය වහාම බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයට රැගෙන යන්නැයි
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්රවරින රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා එම අමාත්‍යාංශ නිලධාරින්ට නියෝග කර ඇත. ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය පවත්වාගෙන යන්නේ ගමේ මිනිසකුට ඒමට හෝ නොහැකි තැනක බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.
රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේ දී පෙරේදා (17) වැඩ බාරගැනීමෙන් අනතුරුව එහි නිලධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය. මෙම අමාත්‍යාංශයේ ඇමති කාර්යාලය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහීර කුලුනේ 37 වැනි මහලේත්, අමාත්‍ය කාර්ය මණ්ඩලය එහි බටහිර කුලුනේ හයවැනි මහලේත් ස්ථාපිත කර ඇති අතර එයට මාසිකව රුපියල් ලක්ෂ 80 බැගින් ගෙවන බව ද එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. මෙතරම් මුදලක් ගෙවා එහි සිටිම ගැන අමාත්‍යාංශ නිලධාරින් ලැජ්ජා විය යුතු යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසු බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය. තමන් ජාතික ධනය විනාශ කිරීමට සුදානම් නැති බව ද ප්‍රසන්න රණවීර මහතා මෙහිදී පවසා ඇත. මෙම කාර්යාලවලට කුලිය ගෙවන මුදලින් මසකට ස්වයංරැකියා 80 බැගින් ලබාදිය හැකි බව ද සඳහන් කර ඇති රණවීර මහතා, මහපොළවට බැස වැඩකිරීමට බැරි අය අමාත්‍යාංශයේ සිටිත් නම් ඔවුන් තීරණයක් ගත යුතු බවත්, එවැනි අය සමග ඉදිරියට යා නොහැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ද එම ප්‍රකාශකයා කීවේය.