මේ වනවිට මහමැතිවරණයේ ගණනය කර ඇති ප්‍රතිඵල අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් එජාපය බරපතල පසුබෑමකට ලක්ව ඇති අතර එජාපය සඳහා එකදු මන්ත්‍රීධූරයක් හෝ නොලැබෙන තත්වයක් මතුව ඇතැයි ඡන්ද පොළ ආරංචි හෙළි කරයි. ඒ නිසා දීර්ඝ කාලයක් තිස්සේ විපක්ෂ නායක ලෙස හා කලක් අගමැති තනතුර දැරූ රනිල් වික්‍රමසිංහට මන්ත්‍රී අසුනක් අහිමිවීමේ අවදානමක්
මතුව තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නීතී අංශයේ පිරිසක් මැදිහත් වී රනිල්ගේ මනාප ගණනය කරන බවත් නීති විරෝධී අයුරින් රනිල් වික්‍රමසිංහ මහතාගේ මනාප ගණනය කිරීමට උත්සහයක යෙදී ඔහුට ආසනයක් පිරිනැමීමට තර්කයක් නිර්මාණය කරමින් සිටින බවත් සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. අද (06) විශේෂ ලිපියක් නිකුත් කරමින්. ඔහු ඒ ගැන විරෝධය පළ කර තිබේ.
එම ලිපිය පහළින්
2020/08/06
විශේෂ නිවේදනය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මැතිවරණ නීතිය ප්‍රකාරව මැතිවරණයකදී මන්ත්‍රී අසුනකට හිමිකම් කිව හැක්කේ 5%ක අවම ප්‍රතිශතයක් ලබා ගන්නා කණ්ඩායමකට හෝ පක්ෂයකට පමණි.
කෙසේ වෙතත් මෙම නීතිය උල්ලංඝනය කරමින් නීති විරෝධී සහ අවිද්‍යාත්මක පදනමක පිහිටා එක්සත් ජාතික පක්ෂයේ නීතී අංශයේ පිරිසක් මැදිහත් වී රනිල් වික්‍රමසිංහ මහතාගේ මනාප ගනන් කිරීමට උත්සාහයක් ගනිමින් සිටින බවට විශ්වාසනීය තොරතුරු ලැබී තිබේ.
කොළඹ දිස්ත්‍රික්කය තුල එක්සත් ජාතික පක්ෂය 5%ඉක්මවා නැති තත්ත්වයක් තුල සමස්ත දිස්ත්‍රික ප්‍රතිඵලය මන්ත්‍රී ආසන ප්‍රමාණයෙන් බෙදූ විට ලැබෙන සම්ප්‍රයුක්ත කොටස ඉලක්ක කොටගෙන අනීතික සහ ව්‍යවස්ථා විරෝධී ලෙස වික්‍රමසිංහ මහතාගේ මනාප ගනන් කරන්නට ගනු ලබන උත්සාහය පිළිබඳව සමගි ජනබලවේගයේ බලවත් විරෝධය පල කරමූ. මේ පිලිකුල් කටයුතු ක්‍රියාවලිය පිළිබඳව කොළඹ දිසාපතිවරයාගෙන් විමසූ අතර ඔහු පවසන්නේ එම මනාප ගණන් කරන බවත් තේරී පත්වන මන්ත්‍රීවරු පිළිබදව තීන්දුවක් තමන් නොගන්නා බවත් ය.එහෙත් අපගේ තර්කයත්,නීතිමය තත්ත්වයත් වන්නේ එලෙස ගණන් නොකළයුතු බවය.මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කළ අතර සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද දන්වා සිටිමු.
රංජිත් මද්දුමබණ්ඩාර
මහ ලේකම්
සමගි ජනබලවේගය