සැක කරන බවත් රුසියන් මාධ්‍ය ඊයේ (19) වාර්තා කළේය. රුසියන් මාධ්‍ය මේ බව වාර්තා කළේ නවල්නිගේ මාධ්‍ය ප්‍රකාශිකා කීරා යමරිෂ් ලබා දුන් තොරතුරු අනුවය. රුසියන් රජයේ දූෂණ විරෝධී හඬ ලෙස සැලකෙන්නේ නවල්නි ය. අවස්ථා ගණනාවකදී රුසියන් රජයේ උදහසට ලක් වුණු නවල්නි සිර දඬුවම් ලැබුවේය. ඒ, 2011 දීය. බටහිරට කුමන්ත්රණකරුවකු ලෙස ද නවල්නි චෝදනා ලබා සිටී.
නවල්නි, සර්බියාවේ සිට රුසියාවේ මොස්කව් අගනුවර බලා ගුවන් ගමනයක යෙදී සිටිදී හිටිහැටියේ රෝගී විය. මාධ්‍ය ප්‍රකාශිකා කීරා යමරිෂ් පෙන්වාදී ඇත්තේ ගුවන් යානයේ දී ලබා දුන් තේ පානය කිරිමෙන් පසු නවල්නි මෙසේ රෝගී වූ බවය. නවල්නි, රෝගී වූ අවස්ථාවේදී යානයේ ගමන අඩාල කරමින්, එය ආපසු හරවා සර්බියාවේ ඔම්ස්ක් නුවරට හදිසියේ ගොඩබෑමට නියමුවෝ කටයුතු කළහ. නවල්නි වහා ඔම්ස්ක් නුවර රෝහලට ඇතුළත් කළ බවත්, සිහිසුන් තත්ත්වයේ පසුවන ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවත්, වෙන්ටිලේජර් ස්වසන උපකරණයකට සම්බන්ධ කළ බවත් වෛද්‍යවරු පවසති.
44 හැවිරිදි ඇලෙක්සි නවල්නි, දේශපාලනයට පිවිසියේ දූෂණ විරෝධී ක්‍රියාකාරියකු ලෙසය. රුසියන් ජනපති පුටින් විවේචනය කරන බටහිර මාධ්‍ය, ඇලෙක්සි නවල්නි සම්බන්ධයෙන් පුවත් පළ කරන්නේ ඇලෙක්සි නව වීරයකු කරමිණි. ඇලෙක්සි නවල්නි, නියෝජනය කරන්නේ 'රුසියා ඔෆ් ද ෆියුචර්' (අනාගත රුසියාව) දේශපාලන පක්ෂයයි.