බට මොකද උනේ කියලා අහන්න ඕනි කියන්න ඕන ඔබව දැනගන්න අවුරුදු 15කට කලින් අපි එතනින් කතාව පටන් ගමු ?
අවුරුදු පහළොවකට කලින් අපි වයි එෆ් එම් එකෙන් හම්බෙන්නෙ.එතකොට මම භාතිය සන්තුෂ් ගාව ප්‍රධාන ඉංජිනේරුවා විදියට සංගීත සපයන්නා විදියට හිටියා .ඔයාව හම්බවෙන්න ජිංගල්  ටික කලේ.  මම ඊට පස්සේ භාතිය සන්තුෂ් ඉන්න කාලෙය තමා මුල් ටික රිලීස් වුණේ  පළවෙනි එක නාමල් මිටක් රන්දීර් .මම ඊට පස්සේ ජාතික ගොවි ගීතය වික්‍රම සීමාවේ තමා ඔයායි මමයි හම්බ
වෙන්නේ   ඊට පස්සේ  2009 භාතිය සන්තුෂ් කම්පැනි එකෙන් අයින් වෙලා ෆයර්ෆොක්ස් කියලත් මගේ කම්පැනි එකක් පටන් ගත්තා .සෟටූඩියෝ ඉඳන් අනිත් ප්‍රඩක්ෂන් දක්වා. ඊට පස්සේ සචිත් තනි ගායකයෙක් වෙනවා රුං රුං ගාගා එනවා. ඒක ඒ කාලේ ලොකු හිට් එකක් ඊළඟට   රාණි මුකර්ජි ගොඩක් හිට් වෙලා තිබ්බා. මං ඉන්දියාවත් එක්ක වැඩ කළා එතකොට හේතුව ලෝකයේ නම්බර් වන් වෙන තැනට වැඩ කළා මම. ඉන්දියාවෙන් ආරාධනා ලැබුනත් ඒ සද්දේ මට මෙහෙට ගේන්න ඕනි වෙලා තිබ්බා. මම රාණි මුකර්ජි ගෙනාවා මේ ඉන්දියන් ප්‍රකාශන් ගායකයෙක් විදියට මාව දැකල තිබ්බෙ නෑ කවුරුත්. වීඩියෝ එකකින් මාව මුල්වරට දැක්කේ රාණි මුකර්ජී වලින් . අවුට්ඩොර් ස්ටෝස් ආවා වෙලාවක් ගොඩක් brand endorsement කළා .ඊට පස්සේ ගොඩක් ප්‍රඩක්ට් වල හිටියා. ඊට පස්සේ 2011 ඉඳන් ආවා මේ ෆීල්ඩ් එකට.


ඊට පස්සේ මොකද වෙන්නේ ?
ඔයාට කොහෙන්ද ඒ පින්තූරේ මේ පින්තුරේ ?මේ පින්තූරේ එතරම්  මිනිස්සු අතරට නොගියේ ඇයි කියලා මං දන් නෑ.?
හේතුව ඕක මං ගාව තියෙනවා.හැබැයි මං දන් නෑ කොහොමද එළියෙට ගියේ කියලා.
අපි දෙන්නගෙම විශ්වාසවන්තයකු අතින් තමා .මේ මොකද මේ?
2011,2012 අන්තිමට වගේ මගේ පැත්තක් ටිකක් පීක් එකට ආවා.මොකක් හරි තැනක මගේ සේෆ් තැනක් මං හදාගත්තා.යුනික් සද්දයක් මං හදාගත්තා ඔහොම වැඩි වැඩි වෙනකොට ටික ටික අසනීප වෙන්න ගත්තා.අසාමාන්‍ය කැස්ස ,ලේ වමනය ආවා .මට චෙක් කරගන්න ලොකු වුවමනාවක් තිබ්බේ.ඊටපස්සේ මට ටිකක් අමාරු වුනා .මේ පැත්තේ දරා ගන්න බැරි වේදනාවක් ආවා.මං ඕක කාටවත් නොකියා චෙක් කරා.ඊටපස්සේ තව තව ටෙස්ට් කරගන්න කිව්වා.ඩොක්ටර් එකපාරටම මුකුත් නොකියා බලනකොට කිව්වා ඔයාට පිළිකාවක් කියලා.
පෙනහළු පිළිකාවක් ද කියලා?
ඔව් ඒක මුල් අවධියේ වගේ තිබ්බේ.මා සතියක් විතර තිබ්බා කල්පනා කරන්න මොකක්ද කියලා,මං මැරෙයිද කියලා ඊට පස්සේ මට මහරගමට යන්න අවශ්‍ය වුන් නෑ.මට තව කට්ටිය දැකලා වට්ට ගන්න ඕන වුන් නෑ.ඉන්දියාවේ ගියා බලන්න මට එහෙම තැන් හම්බුනා.හැබැයි එහෙදි කිව්වා ඊට වඩා හොදයි සිංගප්පූර් යන්න කියලා.සිංගප්පූර් තියෙනවා පාර්ක් වූ හොස්පිටල් එකක් .මං එහෙට ගියා.එයාලා කිව්වා බයවෙන්න එපා ඒක ලේසර් ට්‍රීට්මන්ට් එකකින් සනීප කරන්න පුළුවන් කියලා.සෑහෙන අමාරු වුනා.ට්‍රීට්මන්ට් කලා හම්බ කරපු සියලු සල්ලි සිංගප්පූරුවට දුන්නා.කොහොමහරි 100% හොදයි කියන තැනට ගෙනාවා.ඊටපස්සේ ඕකේ ආෆ්ටර් ඉෆෙක්ට් එනවනේ .මගෙ හුස්ම හිරවෙන්න ගත්තා.මගෙ ස්වාසනාලය පොඩි වෙලා සිංදු කියන්න බැරුව ගියා.බොහොම ලග හිටිය අය දන්නවා.මම කතරගම ගිහින් හිටියා.ඔරිජිනල් ඩී.ජේ හරහා.අරවින්ද අයියා දැන් ස්වාර්ණවාහිනියේ සඟා එහෙම අපි නැවතිලා හිටියේ සගා මං ගාවමයි .අරවින්ද අයියා එක පැත්තේ කාමරේ මට උදේ 5ට විතර හුස්ම ගන්න බැරිවෙනවා.මං සඟාට පොඩි තට්ටුවක් දැම්මා.එච්චරයි මතක.එයා කොහොමහරි ඇහැරිලා අරවින්ද අයියලාව ඇහැරවගෙන හොස්පිටල් එක්ක ගියා.එතනදි බෙහෙත් දීලා නෝමල් වුනා.මං ආයෙ බයවුනා පරණ කතන්දරේද කියලා.
ඔය මොන අවුරුද්දෙද?
මේක 2013,2014 වගේ.ඊටපස්සේ ඇත්තම කතාව සිංදු කියන්න බෑ,පැත්තට නිදාගන්න බෑ.අසාමාන්‍ය වේදනාවක් තියෙනවා හරිම අමාරුයි.ඒක ස්වාස නාලයේ ප්‍රශ්ණයක්.දං ගොඩාක් වෙලාවට යනවා කැන්සර් හොස්පිටල් එකේ ලමයි හම්බෙන්න .මට හිතාගන්න බෑ ඒ ලමයි කොහොමද ඒ වේදනාව දරාගන්නේ කියලා.මම ඔය ස්ටේජ් එක පන්න ගන්න කරපු දේ අපි වැටෙන්න ඕන් නෑ ප්‍රශ්ණයක් කියලා.

මං හැමවෙලාවෙම හිතුවේ මට වැඩිය අසරණ මිනිස්සු ඉන්නවනේ කියලා.අපි පොසිටිව් වුනාම ඒවාට විසදුමු හම්බෙනවා.ඔය හුස්ම හිරවෙන එක නිතරම ආවා.මාසයකට වඩා දිගට.අයි.සී.යූ හිටියා.අන්තිම හුස්ම හිරවුන වෙලාව ඩොක්ටර් අම්මලාට කිව්වේ ගොඩාක් පරක්කු වැඩියි කියලා.මං අම්මට තාත්තාට වැදලා ඇතුලට ගියේ ආයේ එන්නේ නෑ කියලා.මට  මතක බෙහෙත් ගැහුවා විතරයි.ඊටපස්සේ මට සිහිය එද්දි නර්ස් කෙනෙක් හිටියා මං එයාගෙන් ඇහුවා මොකද වුනේ කියලා.එයා කිව්වා ඔයා දන්නවද මං කවද්ද ආවේ කියලා  මං නෑ කිව්වා .ඔයා දවස් 02කට කලින් ආවේ මොකක් හරි පිනක් නිසා ඔයා නැගිට්ටා කියලා මැට්චින් වලින් ඉදලා තියෙන්නේ .හොදම කතාව මට තැන් 02කදි මම සුයිසයිඩ් කරගන්න තැනට ආවා.

හුස්ම ගන්න ප්‍රශ්නේ,පිලිකාව හොද වුනා කිව්වා.ඒක ශුවර් නෑ.ඒ ප්‍රශ්නේ නිසාද?
සිටුඩියෝ එකට යනවා.ප්ලේ කරගන්න බෑ.ටී.වී කොමර්ෂල් මං දවසට 13ක් විතර කරලා තියෙනවා.නෝමර්ලි 4ක් විතර වැඩ කරන්න බෑ රීජෙක්ට් වෙනවා.ඩමී එකවත් මං සිංදු කියන්න බෑ එන් නෑ.
කොහොමද ඔබ දරා ගත්තේ?
ඒ කියන්නේ මට මං කිව්වේ ටික කාලයක් යද්දි එක තැනකදී ඩිපෙරෙෂන් ආවා.ඒක ආවම මැරෙන්න විදිය හොයනවා.ඉතිං මට බෙල්ලේ වැල දාගන්න,වහ බොන්න,උඩකින් පනින්න එහෙම නෙමෙයි.මං ඇත්තම කියන්නම් මං ගියා රිවර්ස්ටන් වලට තනියම.මං ඇවිදිනවා ඒ අමාරුව නිසා ඒක මඟහරවා ගන්න.ට්‍රැවල් කරා.

ඒක තමා එෆ්.බී එකේ ෆෝටෝස් තියෙන්නේ ඊටපස්සේ?
පුංචි ලෝකාන්තය තියෙන්නේ මං දන්නවා එකපාර ඇස්වහන් හිටියොත් මං මැරෙයි කියලා.මං ගිහින් වාඩි වෙලා හිටියා.එතකොට ඔළුවට එනවා සෑහෙන දේවල්.මං අම්මට හරි ආදරෙයි.මං මං දන්නවා එයාට මොනවාහරි වුනොත් වැඩේ අප්සට් කියලා.නෑ මං එනවා කියලා ආයෙ එනවා.තව වේලාවක ආයෙත් ඔහොම කරන්න හැදුවා .මොනවාහරි බොන්න හැදුවා .ඔය ඩිප්‍රෙෂන් අයට කියන්න තියෙන්නේ පොඩි වෙලාවක් අල්ලක් ඉන්න එතකොට මං ගියාම ඕකේ .ඒ විනාඩි 10,15 පන්න ගත්තම.උත්තරේ මැරෙන එක නෙමෙයි එතකොට අපි දිනලා නෑ. මං බුදුන් අදහනවා ගොඩාක්ම.අපි ඉපදීම දුකක් කියලනේ කියන්නේ ඒක දැනගෙන ජීවත් වෙන්න ඕන .පෙර පිනකට හෝ මොකට හරි දරා ගැනීමේ හැකියාව තිබ්බා.මං ඉස්කෝලවල ධනාත්මක චින්තනය දෙනවා.ඒ නිසා මං දෙවන පාර හිතාගත්තා එහෙම දෙන ගමන් මැරුණම ඒ ළමයි මොනවා හිතයිද කියලා.ඉතිං අසනීප ටික ටික හොඳ වුනා.ඒ හොඳ වෙලා අවු.2ක් හෝ 3ක් ඇතුලත මං ෆිට් වගේ දැනෙනවා.

සිංදු කියන්න හරියටම බැරුව හිටියේ මං ආදායම ඕන නිසා. කෝමෂලි ඩිරෙක්ට් කලා.මට වෙන පාරක් හැදුනා.අවෝඩ්ස් හම්බුනා.ගමන ස්ලෝ වුනාට යන ගමන නතර කලේ නෑ.ඇගට ෆිට් වුනාම මම ගියා බැඩ්මිටන් ප්ලේ කරන්න .චුට්ටක් ගහනකොට මට කැරකිල්ල වගේ.මං පුටුවක වාඩි වුනා.ඒක විතරයි මතක ආයේ ඇහැරෙනකොට මං බිම.කට්ටිය වටවෙලා.මහන්සි වෙන්න බෑ.මං චුට්ට චුට්ට වැඩ කරන එක සිංදු කියන එක හදාගත්තා.

ඔබට හොඳ හඬක් තියෙනවා?
එහෙම කියනවා.ඒ හැමදේම ඉගෙන ගත්තට පස්සේ මං හිතුවා මං ආයෙ මුල ඉදන් පටන් ගන්න ඕන කියලා.ඉස්සර තරම් පිච් පර්ෆෙක්ට් නෑ.ඉස්සර හයි පිච් කිව්වනේ.හැබැයි දැන් ඒක ආයේ අල්ලන්න පුළුවන්.
අම්මා ,තාත්තා ,අයියලා දෙන්නා ලගින්ම ඉන්නවා කෝ යාළුවෝ?
යාළුවෝ 03ක් ඉන්නවා.02ක් ඉන්නවා ඒ කාලේ ඉදන්ම.
කෝ පෙම්වතිය?
මං මැරි කලානේ.බිරිද.
කෝ?

හොඳ ප්‍රශ්ණයක් .ඔයා ඔයාගේ වයිෆ්ට අසනීපනම් ඉන්නවද?
ඔව් ඉන්නවා.
මාත් මගේ වයිෆ්ට එහෙමනම් ඉන්නවා.මැරි කලා.මං හංගන්නේ නෑ අපි වැඩිය මෙන්ෂන් නොකර ඉමු මං කාගෙවත් වැරැද්ද කියන් නෑ.කොහොමහරි එයා දරාගෙන ඉන්න බැරි තැන යන්න ඇති.මාස 06ක් වත් ඉන්න නෑ අපි මැරි කරලා.අපි හොද විදියට වියදම් කලා වෙඩින් එක ගත්තේ නෑ ඒකෙන් ගෙයක් හැදුවා.ඒ වුනාට කොහොමහරි එික නැති වුනා.දුකක් නෑඑයා සතුටින් ඉන්නවනම්.තව කෙනෙක්ට හිනා වෙන එක මං දුක කියන සිංදු අහන් නෑ.
මේ සියලු අතීත කාරණා ඔබ ඔබේ පුද්ගලික වාසියට හෝ අනුකම්පාව ලබා ගන්න කරේ නෑනේ.ඒකට මං ඇත්තටම ඔබට ආදරෙ කරනවා.දැන් ඔබේ තැන මොකක්ද ,අපිට ඉදිරියට ලැබෙන්නේ මොනවද?
ඇයි අපේ දුක මාර්කට් කරන්නේ.මේ කතා බහ කරන්නේ මේ ෆෝටෝස් එක දැකලා.හැම මාසයකට කැනියුලා 02ක් විතර ගහන්න ඇති ගොඩාක් ගණන්.මං බලන්නේ පොසිටිව් බලන්න.ඒ නිසා මට අවශ්‍යතාවයක් නෑ දැන් මට   පෙරටත් වඩා සිංදු කියන්න පුළුවන් .

මං හැමෝටම කියව කියව යන් නෑ ඇහුවොත් කියනවා.හොඳම කතාව ගෙදර කට්ටියටත් කැන්සර් එක කිව්වේ ඒක ඉවර වුනාට පස්සේ .මගේ අයියා එකපාරටම බොරු කියන්න එපා කිව්වා.එයාලා දැක්කා ඊටපස්සේ අසනීප වෙනවා.මං ට්‍රීට්මන්ට් කරන්න යනවා කියලා යන් නෑ මං යන්නේ එක එක වැඩ වලට කියලා.ඕන වෙලාවක හිනා වෙලා හැසිරුණා.මට හොඳට මතක සිද්ධියක් තියෙනවා ලංකා හොස්පිටල් මං තනියම ඩ්‍රයිව් කරගෙන යනකොට  දොර අරිනකොටම මගෙ හුස්ම හිරවෙලා වැටුනා.මට එච්චරයි මතක.සිහිය එද්දි මං නර්ස්ගෙන් ඇහුවේ කෝ මගේ කාර් එක කියලා.බයවෙන්න එපා තියෙනවා කිව්වා.හුස්ම අල්ලන් මං විනාඩි 10,15 ඉදලා ඇති.ඔය ඔක්කොම හරි මිනිස්සු සමහර ගොඩාක් අය අඳුර ගත්තා.ඉස්සරහට ඉතිං හොඳට වැඩ කරන්න පුළුවන්.හොඳම කාරණාව දවසට 8km විතර දුවනවා මං.
ශාරීරිකව 100% නිරෝගී?
බුසොල් 50ක් කරනවා.අත්වලට කරන ඒවා.මට දැන් නිකන් හෙම්බිරිස්සාවක්වත් එන් නෑ ඒ වෙලාවට.මට ඇත්තටම සතුටුයි ඒ අවුරුදු 6ගැන.මම මේ තත්වෙට ආපු එක  අපේ හිත හයිය කරගන්නවනම් බැරි දෙයක් නෑ.මට කන්නවත් සල්ලි නැති අවස්ථා ආවා එළියට ගියාම.උඩින් බලලා මනුස්සයෙක් ජජ් කරන්න එපා.අනේ අයියෝ කියලා ජිවත් වුනොත් අනේ අපොයි තමා.

දැන් ඉස්සරහට ජිවිත අවු.10ක් විතර මඟහැරුණද?
මඟ හැරුණ ඒවා ගේනන බෑ ඊට පස්සේ වඩා හොඳ ඒවා ගේනවා.හැබැයි ඉස්සරහට මං බොහොම ඉක්මනට රිලීස් කරනවා මගෙ පරණ නාඩගම් කියන සිංදුව.ඒකෙ වීඩියෝ එකේ ඩිරෙක්ටර් මංම තමා.ඒ අර කාලේ කරපු කොමර්ෂල් වලින් ඉගෙන ගත්ත දේවල් තතමා.මගෙ ජිවිතේට වැලිව් එකක් ඇඩ් කරගන්න සිංදුවකුයි ,වීඩියෝ එකයි කරනවා මංම.ඉන්දියාවේ කඩල් ෆිල්ම් එකේ මංගුඩි සිංදුවේ වීඩියෝ ඩිරෙක්ටර් මං.මට සිංදු කියන්න බැරි වුනා කියලා මං අතැරියෙ නෑ.පොල් ගහකට නැගලා හරි මං ජීවත් වෙනවා.ඕනම කෙනෙක්ට කියන්නේ ජිවිතේ වැටෙන්න එපා.අපි අනේ මට ප්‍රශ්ණ කියලා හිටියට වැඩක් නෑ.එුකට වංගුවක් ගහන්න ඕන.ඒක ඇතුලේ තව පාරවල් හැදෙන්න ඉඩ තියෙනවා.

එතකොට පරණ නාඩගම් ගැන කිව්වොත්?
ඔව් උමාරා එක්ක  සිංදුකරලා තියෙනවා.උමාරාගේ පලවෙනි සිංදුව කලෙන් මම භාතිය සංතුෂ් එක්කත් සිංදුවක් එයි.එයාලවත් මිස් වුනා.සමිතා මුදුන්කොටුව අක්කා එක්ක කරා.සිංදු මට මිසු වුනා දැන් කොමර්ෂල් කරනවා දැන් ට්‍රෙන්ඩ් එකට ප්‍රැක්ටිස් කරලා කරනවා.කට්ටිය ප්‍රශ්ණ අහලත් තිබ්බා ඇයි සිංදු කරන් නැත්තේ බිස්නස්ද ගගා.හැබැයි දැං මං දානවා.ටික කාලයක් සිංදු එක්ක ඉන්නවා.

ඔබේ සිංදු රින්ගින් ටෝන් ,රේඩියෝ එකේ ගියේ දැන් යු ටියුබ් තියෙනවා පහුගිය කාලය අල්ලගන්න කොමර්ෂ් වැදගත් වෙයි?
මං රින්ගින්ටෝන් යු ටියුබ් වලින් සතපහක්වත් හම්බ කරලා නෑ.මිනිසුන්ට උදව් කරන්න ,විනය හදාගන්න වගේ දේවල් ටිකක් ඉදිරියට එයි.මගේ 13වන අවුරුද්ද මියුසික් පටන් අරන් පොරොන්දු වුනා මං සිංදුවකින් කීයක් හරි හම්බ කරනවනම් ඒ සියලු දේ කැන්සර් හොස්පිටල් ඉන්න ළමයින්ට දෙනවා කියලා.මට අත දික් කරලා වීදුරුවට තට්ටුකරන අයට වඩා වටිනවා.එයාලා මට පුළුවන් දේ මං කරනවා.මං ඉල්ලුවට උදව් කරන් නෑ මගේ ඒක වැරැද්දක්ද දන් නෑ.එහෙම කියලා අයුතු විදියට ගත්තා.ඇත්තමට උදව් ඕන අයට මං උදව් කරනවා.කැන්සර් හොස්පිටල් වල අද ගියාම හෙට නැති ලමයි ඉන්නවා.

සචිත්ට මං ස්තූති කරනවා මේක පරමාර්ථය සචිත් ලෙඩ වෙලා හිටියා මැරෙන්න ගියා ,කියන එක නෙමෙයි මිනිස්සු ජිවීතේ වැටෙන්න හොඳ නෑ ආත්ම ශක්තිය හදා ගන්න ඕන කියන එක.හිතිං කෙලින් ඉන්න එක.නේද?
ඔව්.මං ඒක මිනිස්සුන්ට වැටෙන්න එපා කියන්න මෙතනින් එහා මේක අහන්නත් එපා ප්ලීස් .අලුත් සිංදු,කොමර්ෂල් ගැන අහන්න.මට කියන්න ඕන වුනේ ප්‍රශ්න වලින් එළියට එන්න ඉවසන්න.පුළුවන් වෙලාවට නොපාමාව කුසල් රැස් කරන්න වැරදි හදාගෙන තව කෙනෙක්ට පහතට නොදා ජිවත් වෙන්න කියලා.
බොහොම ස්තූතියි ,ජය වේවා ,තෙරුවන් සරණයි.
ස්තූතියි.තෙරුවන් සරණයි.